Friday, December 4, 2015

තාත්ත මට ඇනපු ටොක්ක - Thaththa mata enapu tokka

තාත්ත මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුනා ඒ ඇරපු සත්තම් වලට කන්දෙක මගෙ පි රුනා
එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වගෙයි තාත්තෙ
එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ 
දෙවියන් වඳිනා දෑතින් දෙපා වඳින්නම් තාත්තෙ

ඉස්කෝලේ ගිහින් ඇවිත් පොත් පත විසිකරලා කට්ටි පැන්න දා ගෙදරට වෙට්ටු දමාලා
අහු උනාම බේරෙන්නට කිව්වම බොරු ගොතලා දුන්නෙ නැද්ද කන පැලෙන්න කේන්තියෙන් බැනලා
කේන්තියෙන් බැනලා
එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වගෙයි තාත්තෙ
එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ 
දෙවියන් වඳිනා දෑතින් දෙපා වඳින්නම් තාත්තෙ

සංගීතෙන් ඉහල යන්න අප උනන්දු කරලා  පුරුදු පුහුනු කෙරුවෙ දරුණු නීති රීති දමලා
අතපසුකම් උනොත් අපෙන් අඩිය පොලොවෙ ගහලා කෑ ගැසු හැටිමතකයි මට තරහෙන් ඔරවාලා
තරහෙන් ඔරවාලා
එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වගෙයි තාත්තෙ
එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
දෙවියන් වඳිනා දෑතින් දෙපා වඳින්නම් තාත්තෙ

කරපු කියපු දේවල් ගැන දැන් බැලුවම් හැරිලා පේනව ඒ සේරම කලෙ අපෙ හොඳටයි කියලා
කොයි ලෝකෙක හිටියත් ඔබ අප හැමගෙන් මිදිලා තාත්තෙ නුබෙ පිහිට අපිට ලැබිලා
පිහිට අපිට ලැබිලා
එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වගෙයි තාත්තෙ
එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ 
ඔබ නැති අඩුපාඩුව අද මට දැනෙනව තාත්තෙ//

No comments:

Post a Comment

මොනව හරි කියන්න

Me anantha rathriye