Thursday, June 30, 2022

 

 උපුල් නුවන් විදහා - Upul nuwan vidaha, Milton Mallawarachchi 

 

උපුල් නුවන් විදහා ...ඔබ සිනාසුණා

මම සිනාසුණා....පුළුන් පොදක් කළ මා

ළඳකි වාසනා...නම මෝනාලිසා

 

හද පාරන මාරුතයේ

ඔබ හැටි ආදරියේ

හැමදාකම මා පැතුවේ

සුවඳයි මලයි ඔබමයි

 

උපුල් නුවන් විදහා

 

ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා

තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා

පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා

දුටු වුවනයි නිසල කළේ මා හද ජාලා

 

උපුල් නුවන් විදහා

 

හද පාරන මාරුතයේ

ඔබ හැටි ආදරියේ

හැමදාකම මා පැතුවේ

සුවඳයි මලයි ඔබමයි

 

උපුල් නුවන් විදහා

Wednesday, June 29, 2022

විකසිත පැතුමන් ඔබෙ ලයේ - Vikasitha pathuman, Milton mallawarachchi


 

ගඟට කපන ඉණි ගඟදිය රැගෙන යති

 

ගඟට කපන ඉණි ගඟදිය රැගෙන යති

සැපට වැඩුණු කය පොළොවට දිරා යති

අපට නොවේ බඹුටත් මරු ලඟාවෙති

පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති

 

මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම

ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනාම

ගඟේ මහිම නැතිවෙයි දිය හිඳුනාම

දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම

 

කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම

බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම

දීමෙන් හොඳ දීම දුගියට දන් දීම

යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම

 

කන බොන කෑම තනියම වලඳන්න එපා

අසරණ කෙනෙක් විට එලවන්න එපා

අනුවණකමින් පව් සිදුකරගන්න එපා

නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා

නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා

නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා

නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා

 

ගායනය - සුනිල් එදිරිසිංහ



මලක් වෙලා ඔබ පිපෙන්න

 

මලක් වෙලා ඔබ පිපෙන්න

ආදරේ සුවඳ දෙන්න

ගඟක් වගේ ඔබ ගලන්න

සෙනෙහසින් පිරී යන්න //

 

ප්රේමයේ රස කල්පනා

හදවතේ තව මවා දෙන්න

නැවුම් සඳක් වී මල් මාවතේ

මුතු සලා ඔබ සිනාසෙන්න

 

මලක් වෙලා ඔබ පිපෙන්න...

 

මා නෙතේ සුව සිහිනයේ

මේ ලෙසේ ඔබ රැඳී ඉන්න

පවන් රොදක් සේ මා ලඟ වෙලී

ජීවිතේ දුක නිවාලන්න

 

මලක් වෙලා ඔබ පිපෙන්න... //

 

ගායනය - සුනිල් එදිරිසිංහ

සංගීතය - රෝහණ වීරසිංහ

ගී පද - කුමාරදාස සපුතන්ත්රී

Me anantha rathriye