Monday, August 15, 2016

චාමි අසංකාගේ අලුත්ම එක

සුරූපී ගැහැනියක් බවට පත්වූ ශ්‍රී ලාංකික පිරිමියා...
අපි මේ දැන් පෙන්වන රූපරාමුවල ඉන්නේ සැබවින්ම උප්පත්තියෙන් පිරිමියෙක් ..නමුත් දැන් ඇය ගැහැනියක් . ඇය නමින් චාමි අසංකා.
පුරුෂ ශරීරාංග එක්මවා ගැහැණු මනස නිතෙතින්ම ක්‍රියාත්මක වීමේ ප්‍රතිපලයක් විදියට දැන් ඇය ගැහැනියක් වෙලා .ඇතෙමෙකුට සංකීර්ණ වූද ඇතෙමෙකුට කුතුහලය දනවන සුළු වූද තවත් කෙනෙක්ට සමච්චලයෙන් බැහැර කිරීමට සිතෙන නොවැදගත් කතාවක් විය හැකි , නමුත් සියලු අභියෝගයන්ට නොසැලී මුහුණ දුන් මේ ඇයගේ කතාව..සුරූපී ගැහැනියක් බවට පත්වූ ශ්‍රී ලාංකික පිරිමියා...



Wednesday, August 10, 2016

Indunil Andramana wedding ඉඳුනිල්ගෙ වෙඩින් එක දවසෙ රොෂාන් ප්‍රනානදු කියපු ලස්සන සිංදුව

Indunil Andramana wedding ඉඳුනිල්ගෙ වෙඩින් එක දවසෙ රොෂාන් ප්‍රනානදු කියපු ලස්සන සිංදුව>>>>>>>

Friday, August 5, 2016

තව දවසක් හමු වී ඉමු මේ භවේ - thawa dawasak hamuvi

තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ
තව දවසක් හමු වී ඉමු මේ භවේ

මදපවනේ මුසු කෙරුවේ
යළි නොඑනා මතක අපේ
නිදි පැදුරේ ගෙවෙන පැයේ
සිහි කෙරුවා සුවඳ ඔබේ ..ජිවිතේ............. 
පාළුයි මගේ

තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ

තරු දෙවැටේ පිපෙන සඳේ
දුක වැඩලා ලොවට අපේ
කිරි සයුරේ මුතු පතුලේ
සැඟව ගියා මැණික මගේ ...ආදරේ .....
ගීයක් වගේ............

තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ.....
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ....
තව දවසක් හමු වී ඉමු මේ භවේ

 thawa dawasak

Thursday, July 14, 2016

ජීවිතේ අමධාරා - Jeevithe amadhara

ජීවිතේ අමධාරා 
උල්පතේ රස උතුරා 
කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම් 
මීවිතේ රස උතුරා...
ආදරේ මල් උයනේ 
නෑ ඔබේ හඬ ඇසුනේ 
පිපි කුසුම් මල් යහන් තුළට වී 
කොව්ලනේ නාඬන්නේ...
ඈත නිල්වන් ගුවනේ 
පියාඹන ලිහිණියනේ 
මට කියන් තෙපි සොයා යන ලොවේ 
සෝ තැවුල් රැඳුනේදෝ...
හමන පවනේ සඟවා 
මගේ පාළුව රහසේ 
ඇත එවා ඔබ සොයා පිය ළඳේ 
මීවිතේ රස උතුරා...

පායා ඇයි හි‍නැහෙන්නේ - Paya ai hinahenne

පායා ඇයි හි‍නැහෙන්නේ
නිල් ගුවනේ තරු රාසී
ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්ති...
ඇගෙ වත මට නොපෙනේ නම්
පුන්සඳ ඇයි හිනැහෙන්නේ
නැති දා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ...
වනයේ පිපි මල් ගොමුවේ
සමනලයිනි ඇයි නැටුවේ
ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල් වන් දෙනෙතේ කාන්ති...
ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකටද මුතු පන්තී
ඇගෙ කඳුළැලි නැති විට දී
ඕනෑ නෑ දියමන්තී..

Tuesday, May 10, 2016

පැනමා ලැයිස්තුව -panama papers sri lankan new name list

ඊයේ රාත්‍රී 11.30ට පමණ ICIJ මාධ්‍යවේදීන් විසින් පැනමා ලැයිස්තුවේ සදහන් අයෝජකයන්ගේ ලැයිස්තුවක් අන්තර්ජාලය වෙත මුදාහැරුණා. මෙහිදී කළ 2016 හෙළිදරව්ව මෙන්ම කලින් 2013 හෙළිදරව්ව සමගින් ලාංකිකයන් 65 දෙනෙකුගේ නම් පැනමා හෙළිදරව්වෙන් හෙළිවී ඇත. මීට අමතරව සමාගම් 3ක් අතරමැදියන් 7 ලිපින 53 කින් වැඩිවිස්තර සොයා ගැනීමට හැකිය. මෙම නවතම ලැයිස්තුවෙන්ද පරණ අයගේම නම් සදහන් අයුරු දක්නට ලැබෙන අතර මෙහි විශේෂත්වය පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩුදුන් අවිජාවාරම්කරු නිශ්ශංක සේනාධිපතිගේ නමද එක්ව තිබීමයි.

කෙසේ වෙතත් මෙම මාධ්‍යවේදී කංඩායම පවසන්නේ සමහර ආයෝජන ඇත්තටම එම තැනැත්තා වෙනත් නමින් වෙනත් කෙනෙකු විසින් කිරීමටද ඉඩ පවතින බවයි. නිදසුනක් ලෙස විද්‍යා අමරපාලගේ නම සදහන් නමුදු එම මුදල් ඔහුගේ විය හැකි අතර නැතිනම් ඔහුගේ යාවජීව දේශපාලන හිතවතා වු අමාත්‍ය චම්පික රණවකගේ වුවද විය හැකි බවයි. එමෙන්ම සේනාධිපති විසින් මෙම ආයෝජනය කළ මුදල් අතර එකල ඔහු සමග ජාවාරම් කළ සගයා වන ගෝඨාභය රාජපක්ෂගේ මුදල් වුවද තිබිය හැක. ඒවා හෙළිදරව් කර ගැනීමට නම් දීර්ඝ ලෙස පරීක්ෂණය කළ යුතුය.

පහත දැක්වෙන්නේ එම නවතම නම් ලැයිස්තුවයි.

කෙනත් ජෝන් පෙන්ඩිග්‍රාස්ට්

යාපා හෙට්ටි පතිරන්නෙහෙලාගේ නිශ්ශංක යාපා සේනාධිපති

මොහොමඩ් සිද්දීක් මොහොමඩ් අලි

මොහොමඩ් සිද්දීක් මොහොමඩ් අලි

සෙනරත් බන්ඩාර දිසානායක

මින් ක්සුආන්

ජයකොඩි ආරච්චිගේ දොන් මේරියන් ශ්‍රීනි පැමෙලා ජයකොඩි

ප්‍රසන්න අතනේසියුස් සිරිමෙවන් රාජරත්න

ට්‍රිස්ටාන් ලෝරන්ස් බර්නාඩ්

නිකොලා ඩව්න් හැකන්සන්

මයිකල් රොබට් නස්මිත් මැක්පර්සන්

අරුන් හයිඩ්‍රාමනි

මොනා හයි‍ඩ්‍රාමනි සහ අරුන් හයිඩ්‍රාමනි ඒකාබද්ධ

අරුන් ප්‍රකාශ් මහ්තානි

මුකේෂ් කුබ්චාන්ඩ්

න්ග් යින් පෙන්ග්

සිමොන් ෆින්ච්

YHP කිත්සිරි මන්ජුල කුමාර යාපා

ක්‍රිස්ටෝපර් රොහාන් මාර්ටින්

සෝමසුන්දරම් මුකුන්දන් සහ ඈන් ක්‍රිස්ටින් මුකුන්දන්

දුමින්ද මහාලි වීරසේකර

ජන්කි ජගසියා

විද්‍යා දිල්රුක් අමරපාල

සුරේන්ද්‍ර එදිරිවීර

කන්දකාර් මොයිනුල් අහ්සන් (ශමීම්)

සීමාසහිත ශෙයාර්කෝප්

එජාස් චතූර්

මුර්තසාලි අබිදුසේන් හසන්අලි එසුෆලි

ඉම්රාන් අලිඅක්බර් ජෙවුන්ජී

අහ්මඩ් ඉස්මයිල් හොසේන්

ජෙනිෆර් කැත්ලීන් සේනානායක

ශ්‍යාමලි චම්පිකා එදිරිවීර

එසුෆලි, ඉමිතියාස් අබිදුසේන් හසන්අලි

සේනක දුනුවිල සේනානායක

ඔම්ප්‍රසාදම් කනපතිපිල්ලේ

අක්තර් මහ්මුද්

සුරේන්ද්‍ර එදිරිවීර සහ ශ්‍යාමලි චම්පිකා එදිරිවීර

සන්ජේ විජිත් ඇන්තනි පෙරේරා

අලිඅක්බර් සයිෆුදීන් ජීවුන්ජී

ශර්මිලා වහාබ්

ක්‍රිස්ටියන් ෆර්ඩිනන්ඩ් ෆුහ්රෙර්

එසුෆලි, බිල්කිස් ඉමිතියාස්

නිරන්ජන් සුනිල් ඔස්වල්ඩ් මෙන්ඩිස්

සෙනික් නෙට්වර්ක් ලිමිටඩ්

නිලාන් අබේවික්‍රම

තුෂාන් සහ ධම්මෙස්වරී

ලසිත ගාමිනි අත්තියගල්ල

චන්ද්‍රජිත් සමන් කල්යාන ජයමහ ජයමහ හිටිහාමිලාගේ

‍චන්ද්‍රජිත් සමන් කල්යාන ජයමහ ජයමහ හිටිහාමිලාගේ

දිමිත්‍රි දි වන්ස වික්‍රමරත්න

උඩුවතුගේ ජගත් ප්‍රිය අනුර සුමතිපාල

ඩැනියෙල් ඔර්ටිස්

තුෂාන් හර්ෂ මෙන්ඩිස් වික්‍රමසිංහ

බාලේන්ද්‍ර ක්‍රිෂාන් නිරාජ් ජයසේකර

ජයවර්ධන වලේතන්ත්‍රිගේ ශිලන්ත් බොතේජු

හසන් මහ්මුද් (රාජා)

රොහාන් ඇල්බර්ට් ඉග්නේෂස් ගෝමිස්

ඇක්වා පැකේජිං ලිමිටඩ්

චන්ද්‍රු ස්වාමිදාස් ජගසියා

කලුඅච්චිගමගේ අවන්ති කුමාර ජයතිලක

ෆරිඩා ජීවුන්ජී

ක්‍රිෂෝර් හස්සරාම් සුර්තානි

මෙම නම් ලැයිස්තුව දෙස බලන කල සමහර විදේශිකයන්ද ලංකාවේ ලිපින වලින් ආයෝජන කර තිබෙන බවට පෙන්නුම් කරනවා. සමහර විට ඔවුන් තමන්ගේ ලංකාවේ කොටස්කරුවන් වෙනුවෙන් ආයෝජනය කළා වන්නටද පුළුවන. කෙසේ නමුත් ඉදිරි සති කිහිපය තුලදී මෙහි නම් සදහන් අයගේ සැබෑ තොරතුරු මාධ්‍යවෙත හෙළිවනු ඇත.

උපුටා ගැනීම: http://www.anvermanatunga.net/

Tuesday, February 23, 2016

ලිංගික එක්වීමකදී කාන්තාවන් අකමැතිම දේ

නිදි යහනේදී කාන්තාව සැබැවින්ම වෛරයට ලක්කරන පිරිමින්ගේ නොමනා චර්යා කිහිපයක් අන්තර්ජාලය හඳුන්වා දෙයි.

1. ක්ෂණිකව ලිංගික කාර්යයෙහි නිරත වීමයි.
වඩාත් හොඳම ලිංගික සබඳතාව වහා සියල්ල නිම කිරීම බවට මතයක් පැතිර පවතී.  එහෙත් සුරතාන්තයකට ප්‍රථමයෙන් ලිංගික ක්‍රියාවෙහි තවත් බොහෝ දේ පවතී. කාන්තාව පුබුදුවාලීමකින් තොරව සෘජුවම ක්‍රියාවට අවතීරණ වීම කෙරෙහි කිසිදු කාන්තාවක් කැමැත්තක් නොදක්වයි.

2.  මෙය සැබෑ ජීවිතය මිස කාමකූටක (Porn) චිත්‍රපටයක් නොවේ
ලිංගිකත්වය පිළිබඳ බොහෝ දෙනා දනිති.  සෑම ලිංගික දර්ශනයකින්ම පාහේ ඔවුන් එය හොදින් දැක ඇත. එහිදී කතාකරන්නේ කෙසේද එය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඔවුහු හොදින් දනිති.  එබැවින් එවැනි කාමුක චිත්‍රපට දර්ශනවල මෙන් කතාකිරීම, කෑ ගැසීම හා සෙසු ක්‍රියාකාරකම් කාන්තාවෝ නොරුස්සති.  කොටින්ම තමා ක්‍රීඩා භාණ්ඩයක් සේ සැලකීම කාන්තාවකගේ සතුටට හේතුවක් නොවේ.

3. ඔබ කාන්තාවගේ තන පුඩුව විකාරයකට ගෙන විනෝදවන්නෙක් ද?
කාන්තාවකගේ තන පුඩුව කේක් ගෙඩියක අයිසිංවලට සමානය.  එය සම්පූර්ණ කේක් ගෙඩිය නොවේ. කාන්තාවගේ පියයුරු පිළිබඳව අවධානය යොමු කරන්න.  ගුවන් විදුලි නාළිකාවක් සොයන්නාක් සේ ඇගේ තනපුඩුව ඇඹරීමෙන් හා කැරකවීමෙන් වළකින්න.  එය කාන්තාව නුරුස්සයි.

4. ඔබේ අස්වාභාවික පා මේස් ඉවත් කරන්න
ඇතැම්විට පිරිමියාගේ දෙපතුල ලිංගික හැගීම් ජනනය කරවයි. දෙදෙනාම සම්පූර්ණයෙන්ම නිරුවත්ව සිටියද පිරිමියා සිය පා මේස් පැළඳසිටීම විකාරයක් ලෙස කාන්තාවෝ සලකති.

5. කලබල නොවන්න
එක් වරම අවසන් පියවරට යොමු වීමට කාන්තාවන් අකමැතිය.

6. ඔබ මුලින්ම ඔබේ ක්‍රියාව අවසන් කළද එය සමස්තයම අවසන් යැය නොසිතන්න
ලිංගිකව එක්වීම ධාවන තරඟයක් නොවේ.  කාන්තාව එවැන්නකට ප්‍රිය නොකරයි. තමාට පළමු පිරිමියා සිය ක්‍රියාව අවසන් කළ විගස එය අවසන් යැයි ඔහු සිතයි. සැබැවින්ම එය ආත්මාර්ථකාමීත්වය පමණි.  කාන්තාවට තව දුරටත් ඔබ අවශ්‍ය වේ.

7. එකක් නොව. තවත් බොහෝ දේ පවතී.
සෘජුවම ක්‍රියාවෙහි නිරතවීමෙන් වළකින්න.  ලිංගික උත්තේජනයට සංවේදී තවත් කලාප තිබේ. ඒවා සොයාගන්නා ලෙස කාන්තාවෝ ඔබට ඇරයුම් කරති.

8. ඇය රොබෝවක් නොවේ
ඇයටද සුරතාන්තයක් පවතී.

9. සියල්ල සිදුවී දැයි ඇගෙන් අසන්නට එපා
ලිංගික ක්‍රියාවලියෙහි එකම අරමුණ සුරතාන්තයට පත්වීමම නොවේ.  ඔබ ඇගෙන් සියල්ල හරිදැයි විමසීම ඔබ ඉවත්වීමට සැරසෙන බවට ඇය තුළ හැගීම් ජනිත කරවයි. ඔබ ඇයගේ සිරුර සුරතාන්තයට පත්කළේදැයි විමසීම ආත්මාර්ථකාමී ප්‍රශ්නයක් බව ඇගේ මතයයි.

Monday, February 22, 2016

ඔසප් කාලයේ ඇතිවන ප්‍රශ්න හයකට විසඳුම්


වෛද්‍ය සාරධා හේමප්‍රිය ප්‍රසව හා නාරිවේද විශේෂඥ
1. ඔසප් වූ පසු අපහසුතා නිසා

පාසල් හා රැකියාවට යෑමට
ඇතැමුන් අතපසු කරයි. මෙය
සුදුසුද?
ගර්භාෂය තුළ රුධිර ගලනයක් සිදුවීම මේ කාලයේදී සාමාන්‍ය සිදුවීමක්. එහිදී උදරය සංකෝචනය වෙමින් වේදනාවක් ඇතිවෙයි. නමුත් මෙම වේදනාව සරල වේදනා නාශකයකින් සුව වෙයි. එලෙස වේදනාව අඩු නොවේ නම් රැකියාවට යෑමට අපහසු නම් වෛද්‍යවරයකු හමුවට ගොස් ප්‍රතිකාර ලබා ගන්න.


2. ඔසප් සමයේ ස්නානය කිරීම
සුදුසුද?
ඔසප් කාලය තුළ ස්නානය කිරීම නුසුදුසුය යන මතය අතීතයේ පැවැති දෙයක්. එයට හේතු වන්නේ එකල කාන්තාවන් ගංගාවල ස්නානය කරන විට රුධිරය පහළට ගලා යෑම සුදුසු නොවන නිසා ළිඳ අසල ස්නානය කරන විට රුධිරය අන් අයට පෙනෙන නිසා එකල එය පිළිගත් මතයකි. නමුත් අද නාන කාමරවල ස්නානය කරන විට එම ගැටලුව ඇති නොවේ. හැම විටම පිරිසුදුව සිටීමයි වැදගත්.


3. ඔසප් චක්‍රය අක්‍රමවත් වන
අවස්ථා ඇත. මෙයට හේතුව
කුමක්ද?
ගර්භණී කාන්තාවන්ට ඔසප් වීම නැවතීම සාමාන්‍ය ක්‍රියාවලියකි. මීට අමතරව
• තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග
• ආසාදන නොවන දියවැඩියාව වැනි රෝග
• ඇදුම, අපස්මාර, මානසික රෝග, අම්ලපිත්ත රෝග හා හෝමෝන ගැටලුවලට ගන්න ඔෟෂධ හේතුවෙන්.
• ස්ථුලභාවය
• කාන්තාවන්ගේ හෝමෝනවල අසමතුලිතතා


4. ඔසප් කාලයේ පිරිසුදුකම
අඩුවීමත් රෝගවලට හේතු
වන්නේද?
ඔව්. ඔසප් කාලයේ යෝනි ප්‍රදේශය අවට නිතරම තෙත් ස්වභාවයක් පවතින නිසා බැක්ටීරියා ආසාදන ඇතිවිය හැකිය. පුස් වර්ග ඇතිවීම ඒ ආශ්‍රිත සම දිරාපත්වීම, සම තුනීවීම නිසා බැක්ටීරියා රෝග ඇතිවීමේ අවදානම පවතියි.


5. සනීපාරක්‍ෂක තුවා වැඩි වෙලා
පැලඳ සිටීමත් ගැටලුවක්ද?
සනීපාරක්‍ෂක තුවාය නිතරම රුධිරයෙන් තෙත්ව පවතියි. බැක්ටීරියාවල වර්ධනයට අවශ්‍ය තෙතමනය, උණුසුම හා ප්‍රෝටීන සියල්ල මෙහි ඇත. මුත්‍රා හා රුධිරය මෙහි නිතර ගැටෙන නිසා බැක්ටීරියා ඉක්මනින් වර්ධනය වන නිසා ඒවා ඉක්මනින් මාරු කළ යුතුයි. පැය 4ක් හෝ 6ක් ඇතුළත එය මාරු කිරීම වඩාත් සුදුසුයි.


6. සනීපාරක්‍ෂක තුවායක ප්‍රමිතිය
කෙසේ විය යුතුද?
සනීපාරක්‍ෂක තුවායකට රුධිර තරල අවශෝෂණ කර ගැනීමේ හැකියාව පැවැතිය යුතුයි.
• ඇසුරුම් කිරීමේදී ද සුළං නොවදින සේ පිටත වාතය බැක්ටීරියා පුස් වර්ග නොයන ලෙස තැබිය යුතුයි.
• තුවායේ ප්‍රමිතිය හා එය ඇඳ සිටින කාලයත් මෙයට බලපායි. පැය 4 - 6 අතර කාලයක් තුළ සනීපාරක්‍ෂක තුවා මාරු කළ යුතු නමුත් රුධිරය පිටවන ප්‍රමාණය මත එය ර¼දා පවතියි.

ශාලිකා රංගනී සමරදිවාකර

Thursday, February 11, 2016

අඹුසැමියන්ට වැඩියෙන්ම ඇති ප්‍රශ්නයට මෙසේ විසඳුම් සොයමු


 ඔබට වඩාත් සුදුසු ක්‍රමය තෝරා ගත්තොත් රත්තරන් වගේ ඉස්තරම් පවුලක් ආදරයෙන් පිරී ගිය ඒ දෙසිතේ ඊළඟට දැල්වෙන බලාපොරොත්තුව විවාහය. විවාහය කියන්නේ ගැහැනියක් සහ පිරිමියෙක් ජීවිතයේ මුහුණ දෙන සුන්දරම අත්දැකීමයි. මෙලොවදී සුරංගනාවක්, සුර කුමරකු වගේ හැඩ වෙන එවන් දිනයක් ජීවිතයටම යළි උදා වෙන්නේ නැති තරම්. දෙහදක් පිවිතුරු හැඟීමෙන් එක්තැන් වෙන මංගල දිනය මොන තරම් සැලසුම් සහගතද?
 මාස ගණනක් පුරා විවාහ මංගල්‍යයට දෙදෙනා සූදානම් වෙනවා. මේ සුන්දර සූදානම ජීවිතය පුරාම පවතිනවා නම් . . . ඒ කැදැල්ල



අඩුවක් නැතිව සතුට, සෞභාග්‍ය, සැනසුම පිරී යන තැනක් බවට පත් වෙනවා. එහෙත් විවාහයකදී ඇති කර ගන්නා මේ සූදානම, විවාහයෙන් වසර වසර ගෙවී යද්දී යළි අක්‍රමවත් වෙනවා.

අක්‍රමවත් බව, අපිළිවෙළ නිසා යුවළකට යුග ජීවිතයේදී මුහුණ දීමට සිදුවන එක් කටුක අත්දැකීමක් අනවශ්‍ය දරු උපත්.

නීති විරෝධී ගබ්සාවන් වැඩි ගණනක් සිදු කර ගන්නේ විවාහක කාන්තාවන්. සැලසුම් නො කළ ගැබ් ගැනීමක විත්තිකරුවා ඔබමයි.

* මෙසේ වන්නේ ඇයි?

විවාහ වුවත් ප්‍රජනක සෞඛ්‍ය ගැන වැඩි දෙනකුට වැටහීමක් නැහැ. ගැබ් ගැනීමක් සිදු වන්නේ කෙසේද? කවර කාලයක එක්වීමක් එයට බලපාවිද? එවැනි ගැබ් ගැනීම් වළක්වා ගන්නේ කෙසේද? කියා අවබෝධයක් නැහැ.

දරුවකු බලාපොරොත්තු නො වන අවස්ථාවකදී ගත යුතු පවුල් සැලසුම් ක්‍රම රාශියක් ඇතත් ඒ ගැන සැලකිලිමත් නො වීම හෝ අවබෝධයක් නො තිබීම.

පවුල් සංවිධාන ක්‍රමයක් භාවිත කළත්, නිවැරැදි උපදෙස් පිළිපදිමින් ඒ ක්‍රමය භාවිත නො කිරීම. සමහරු භාවිත කරන්නේ තමන්ට ගැළපෙන ක්‍රම නො වෙයි.

 * සැලසුම් නො කළ ගැබ් ගැනීමක් නිසාඇති විය හැකි ප්‍රතිඵල මොනවාද?

දරුවා බිහි කිරීමට තීරණය කිරීම මෙහිදී යුවළකට ගත හැකි හොඳම තීරණයයි. එහෙත් වැඩි දෙනකු නීති විරෝධී ගබ්සාවන් කිරීමට පෙළඹෙනවා.

මෙවැනි දරුවකු ඉපදුණත්, ඒ දරුවාට අනෙක් දරුවන්ට තරම් ආදරයක් මාපියන්ගෙන් නො ලැබෙන්නටත් ඉඩ තියෙනවා.

සූදානමක් නොමැති ගැබ් ගැනීම මවගේ කායික, මානසික සෞඛ්‍යයට ඇති කරන්නේ යහපත් බලපෑමක් නො වෙයි. පියාගේ යහපත් මානසිකත්වයට වුණත් ඉන් වන්නේ අවැඩක්මයි.

 * පවුලක් නිවැරැදි ලෙස සැලසුම් කරගැනීමේ ප්‍රතිලාභ මොනවාද?

අනවශ්‍ය දරු පිළිසිඳ ගැනීම් වළක්වා ගැනීමට හැකි වීම. දරුවන් අතර පරතරයක් තබා ගත හැකි වීම. මෙයින් මවගේත්, දරුවාගේත් සෞඛ්‍යයට සැලසෙන්නේ විශාල වාසියක්. දරුවාගේත්, මවගේත් පෝෂණය, සෞඛ්‍ය ඉහළ නංවන්න මෙවිට පුළුවන්.

අඩු වයසින් ගැබ් ගැනීමත්, වැඩි වයසින් ගැබ් ගැනීමත් වළක්වන්න පුළුවන්. එයත් මව, දරුවා යන දෙදෙනාටම ලැබෙන විශාල සෞඛ්‍යමය වාසියක්.ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත පිළිකා සෑදීම අවම කර ගත හැකි වීම. අලුත උපන් සහ වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මරණ සංඛ්‍යාව අවම කරගත හැකි වීම.පවුලේ ජීවන තත්ත්වය ඉහළ නංවා ගත හැකි වීම.

* අවශ්‍යතාව මත ගැළපෙන පවුල් සැලසුම් ක්‍රමයක් තෝරා ගනිමු

පළමු දරු උපත ප්‍රමාද කිරීම සඳහා වඩාත් සුදුසු ගිලින පෙති හෝ කොන්ඩම්.

දරුවන් අතර පරතරය පවත්වා ගැනීම සඳහා ලූපය, හෝර්මෝන ක්‍රම, කොන්ඩම් ක්‍රම සුදුසුයි.

දරුවන් සංඛ්‍යාව සීමා කිරීමට ලූපය, හෝර්මෝන ක්‍රම, සැත්කම් ගැළපෙනවා.

ස්වභාවික සහ සාම්ප්‍රදායික ක්‍රම කිසිසේත් විශ්වාසවන්ත නැහැ.

* පවුල් සැලසුම් සේවාවන් ලබා ගත හැකි ස්ථාන මොනවාද?

1. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සායන (එම් ඕ එච්)

2. පවුල් සෞඛ්‍ය කාර්යාංශය (ෆැමිලි හෙල්ත් බියුරෝ), 231, ද සේරම් පෙදෙස කොළඹ 10. දු. අං: 2699332, 2696677

3. රජයේ රෝහල්වල පවත්වන පවුල් සංවිධාන සායන

* ප්‍රජනක සෞඛ්‍ය සායන / පවුල් සෞඛ්‍ය සායන

* පවුලේ වෛද්‍යවරයා

* පෞද්ගලික රෝහල්

* ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය දු: අං: 2584153, 2584157

* තාවකාලික පවුල් සංවිධාන ක්‍රම මොනවාද?

කොන්ඩමය - සාර්ථක තාවකාලික පවුල් සංවිධාන ක්‍රමයක්. මෙයින් සරු බවට ද බලපෑමක් සිදු වන්නේ නැහැ. නිසි අන්දමට භාවිතයෙන් 97% කට වැඩි සාර්ථක්වයක් බලාපොරොත්තු වීමට පුළුවන්.

මේ ක්‍රමයෙන් කායික සබඳතා මඟින් සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂාවක් සැලසෙනවා.

අවශ්‍ය අවස්ථාවලදී පමණක් භාවිත කළ හැකියි.

ඇති විය හැකි එකම අතුරු ආබාධය මෙය නිපදවා ඇති රබර්, ලේටෙක්ස් හෝ එහි ලිහිසි ද්‍රව්‍යවලට කලාතුරකින් කෙනකු අසාත්මික විය හැකි වීමයි. එවිට වෙනත් කොන්ඩම් වර්ගයක් තෝරා ගැනීමට පුළුවන්.

දැන් සතුට වැඩි කරන කොන්ඩම් තිබෙනවා.

මේවා ගබඩා කළ යුත්තේ හිරු එළියට නිරාවරණය නො වන පරිදි සිසිල් වියළි තැනකයි.

මෙය මිල දී ගැනීමට පෙර කල් ඉකුත්වන දිනය පරීක්ෂා කර බලන්න. භාවිතයෙන් පසු දරුවන්ට, සතුන්ට, අනෙක් අයට අසු නොවන ලෙස වළලා දමන්න. එසේත් නැත්නම් පුළුස්සන්න.

කාන්තාවන්ට ද දැන් මේ උපත් පාලන ක්‍රමය භාවිත කළ හැකියි. පළමු වරට භාවිත කිරීමේදී පවුල් සෞඛ්‍ය නිලධාරිණියගෙන් උපදෙස් ලබා ගන්න.

*හෝර්මෝන ක්‍රම -

ගර්භණී භාවය වැළැක්වීමට යොදාගත හැකි හොඳම ක්‍රමයක්.

මේ අතරින් වඩාත් ජනප්‍රිය පවුල් සැලසුම් පෙතියි.

* උපත් පාලන පෙති ගැනීමෙන් සැලසෙන

වාසි මොනවාද?

භාවිතයට පහසුයි. නැවත ඉක්මනින් සරු භාවයට පත් විය හැකියි.

 හෝර්මෝන පෙති -

ඩිම්බ පිට වීම වළක්වනවා.

ගැබ්ගෙල ආශ්‍රිත ශ්ලේෂ්මලවල ඝනකම වැඩි කිරීම මඟින් ශුක්‍රාණු ගර්භාෂයට ඇතුළු වීම වළක්වනවා.

ගර්භාෂයේ ඇතුළත බිත්තියේ ඝනකම අඩු කර, කලලය තැන්පත් වීම වළක්වනවා.පියයුරු ආශ්‍රිත රෝග, ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත පිළිකා වළක්වනවා. හෝර්මෝන පෙති ඔසප් වීම ඇරැඹුණු පළමු දිනයේදීම ගැනීම ඇරැඹීම වඩාත් සුදුසුයි. එසේත් නැත්නම් ඔසප් වීම ඇරැඹී පළමු දින පහ ඇතුළත පළමු පෙත්ත ගත යුතුයි.

ගැබ් ගෙන නැති බව තහවුරු කර ගෙන පෙති ගැනීම ඇරැඹීමටත් පුළුවන්.

පෙති ගත් පළමු දිනයේ සිට දින 7 ක් යනතුරු සම්බන්ධයකදී කොන්ඩමයක් භාවිත කිරීම වඩාත් සුදුසුයි. විවාහ වූ සැනින්ම දරුවකු පිළිසිඳ ගන්නවාට අකැමැති නම් විවාහයට මාසයකට හෝ මාස දෙකකට පෙර සිට පෙති ගන්න.

දරු ප්‍රසූතියට පසු මවුකිරි දෙන මවක් නම් දරුවාට මාස හයක් පිරුණු පසු යළි පෙති ගැනීම ඇරැඹිය හැකියි. (එන්නත් ගන්නා කාන්තාවන්ට ද එන්නත් ගැනීම මෙසේම සිදු කිරීමට පුළුවන්).

උපත් පාලන හෝර්මෝන එන්නත් භාවිත කළ කාන්තාවක හෝ ගර්භාෂය තුළ තැන්පත් කරන ලූපයක් භාවිත කළ කාන්තාවක නම් ඔසප් වීම ඇරැඹී පළමු දින පහ ඇතුළතදී පෙති ගැනීම අරඹන්න.

මෙහි සාර්ථක භාවය 99.99% ක්.

* උපත් පාලන පෙති අවිවාහක තරුණියන්ට ද වෛද්‍යවරයා නිර්දේශ කරන අවස්ථා තිබෙනවා. ඒ ඇයි?

ඔසප් වීමේදී අධික ලෙස රුධිර වහනය වනවා නම්, ඔසප් චක්‍රය අක්‍රමවත් නම්, ඒ කාලයේදී අධික උදර වේදනාවක් ඇති වෙනවා නම්, ඔසප් වීම ප්‍රමාද කිරීමට අවශ්‍ය නම් උපත් පාලන පෙති ලබා දෙනවා. ඔසප් ආසන්නයේදී ඇතිවන සාමාන්‍ය ශාරීරික අපහසුතා, කුරුලෑ හට ගැනීම මේ පෙති ගැනීමේදී අඩු වෙනවා.

* දරුවකු අවශ්‍ය නම් . . .

උපත් පාලන පෙති ගැනීම නවත්වා මාස තුනකට පමණ පසු යළි සුපුරුදු පරිදි සරු කාලය උදා වෙනවා. එනම් මාස තුනකට පමණ පසු යළි ගැබ් ගත හැකියි.

* අතුරු ආබාධ තිබෙනවාද?

සිරුරට හානි නො වන තාවකාලික ගැටලු ඇතැම් කාන්තාවන්ට ඇති විය හැකියිි. ඒවා පෙති ගැනීම අරඹා මාසයකට, දෙකකට පසුව නැති වී යයි.

ඔක්කාරය, වමනය, හිසරදය, කරකැවිල්ල, පියයුරුවල වේදනාව, ඔසප්වීම් අතරතුර මඳ වශයෙන් සිදුවන රුධිර වහනය එම අතුරු ආබාධයි.

* පවුල් සැලසුම් එන්නතෙන් ලැබෙන වාසි මොනවාද?

මෙය ඉතා සාර්ථක ක්‍රමයක්. ආර්තවහරණය සිදුවනතුරු වුණත් ආරක්ෂිතව භාවිත කළ හැකියි. භාවිත කළ යුතු වන්නේ මාස 3 කට වරක් පමණයි. මිලෙන් අඩු පහසුවෙන් ලබා ගත හැකි ක්‍රමයක්.

පවුල් සැලසුම් එන්නතෙහි අඩංගුව ඇත්තේ ප්‍රොජෙස්ටරොන් හෝර්මෝනයයි. එන්නත් කරනු ලබන මාංස පේශියේ සිට ක්‍රමයෙන් ටිකින් ටික රුධිරයට හෝර්මෝනය නිකුත් කරනු ලබනවා.

මෙයින් ද උපත් පාලන පෙතිවලින් කෙරෙන දේම සිදු වෙනවා.

* එන්නත් ගැනීම ආරම්භ කළ යුත්තේ කවදා ද?

ඔසප් වීම ඇරැඹී පළමු දින 7 ඇතුළත ඇරැඹීම වඩාත් සුදුසුයි. එසේත් නැත්නම් උපත් පාලන පෙති ගැනීම අරඹන පරිදිම, එන්නත් ගැනීම ද ආරම්භ කළ හැකියි.

පුංචි දෝණි චිත්‍රයක් ඇන්දා. අම්මයි, තාත්තයි, මල්ලියි, දෝණියි, සතුට උතුරා යන පවුලක්. අඩුවක් නැතිව හැමදේම ලැබෙන පුංචි සිතක නිර්මාණය වෙන්නේත් සුන්දර වර්ණයන්ගෙන් අලංකාර වුණු සිතුවමක්.

තමන්ට අවශ්‍යතා සපුරාලීමට හැකි පමණින් දරුවන් සංඛ්‍යාවක් ඇති විට මවකට, පියකුට සතුට උතුරා යන කැදැල්ලක් නිර්මාණය කළ හැකියි. ඒ පවුල් සංවිධාන ක්‍රමවල උපකාරයෙනි.

අපි පසුගිය සතියේ උපත් පාලන පෙති ගැනත්, එන්නත් ගැනත් තොරතුරු රැසක් ගෙන ආවෙමු. මෙවර එන්නත් ගැන තවදුරටත් ඔබ දැනුවත් කරන අතර, තවත් උපත් පාලන ක්‍රම රාශියක් ගැන තොරතුරු ඔබට ගෙන එන්නෙමු.

* වෙනත් පවුල් සැලසුම් ක්‍රමයක් භාවිත කර එන්නත් භාවිතයට යොමු වෙනවා නම් . . .

උපත් පාලන පෙති ගත්තා නම් ඕනෑම අවස්ථාවක එන්නත් ලබා ගැනීමට පුළුවන්. පෙති පැකැට්ටුව ගෙන අවසන් වූ පසු ලබා ගැනීම වඩාත් සුදුසුයි.

සම යට තැන්පත් කරන හෝර්මෝන කරල් භාවිත කළේ නම්, ඒත් ඕනෑම අවස්ථාවක එන්නත් ගතහැකියි.

ගර්භාෂය තුළ තැන්පත් කරන ලූපයක් භාවිත කළේ නම් ඔසප් වීම ඇරැඹී පළමු දින 5 තුළ ලබාගත යුතුයි.

 * එන්නත ලබාගත යුත්තේ . . .

මාස තුනකට (දින 90 කට) වරක්. එන්නත ලබාගත් පසු එම තැන සම්භාහනය කිරීමෙන් වළකින්න. මෙහි සාර්ථක භාවය 99.97% ක්.

 * නියමිත දිනට එන්නත ලබා ගැනීමට නො හැකි වූවා නම් . . .

නියමිත දිනය පසු වී සති 4 ක් ගතවන තුරු එන්නත ලබා ගැනීමට පුළුවන්. එහෙත් උපත් පාලන ක්‍රියාවලිය අසාර්ථක වීම වැළැක්වීම සඳහා සෑම දින 90 කට වරක්ම එන්නත ලබා දෙන්න.

සති හතරකට වඩා පමා වුණොත් ඉදිරි දින හත තුළ කොන්ඩමයක් භාවිත කරන්න. එසේ නැත්නම් අනාරක්ෂිත, හදිසි සබඳතාවකදී ගත යුතු පෙති ගන්න.

* නැවත සරු භාවය ලබා ගත හැකි කාලය . . .

එන්නත නතර කර නැවත ගැබ් ගැනීමට ගතවන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වේ. සාමාන්‍යයෙන් එන්නත නතර කර මාස 7 – 12 ක් වැනි කාලයකදී යළි ගැබ් ගත හැකියි.

* අතුරු ආබාධ මොනවාද?

ඔසප් චක්‍රය අක්‍රමවත්වීම (ඔසප් නතර වීම, බින්දු වශයෙන් රුධිර වහනය, අක්‍රමවත් රුධිර වහනය හෝ කලාතුරකින් රුධිර වහනය වැඩි වීම වැනි), ආහාර රුචිය වැඩි වී සිරුරේ බර වැඩි වීම, හිසරදය, කරකැවිල්ල, මඳ වශයෙන් ඇතිවන පියයුරු වේදනාව හෝ විශාල වීම.

 * එන්නත වඩා සුදුසු වන්නේ කාට ද?

* කිරි දෙන මවුවරුන්.

* දරුවන් අවශ්‍ය ගණන සිටින හෝ දරුවන් ගණන සීමා කිරීමට අවශ්‍ය මවුවරුන්ට.

* දරුවන් අතර නිසි පරතරයක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන මවුවරුන්ට.

* ඊස්ට්‍රජන් හෝර්මෝන භාවිතය නුසුදුසු කාන්තාවන්ට.

* එන්නත් භාවිතයෙන් බලපෑමක් සිදු විය හැකි රෝගී තත්ත්වයන් නොමැති වයස අවුරුදු 50 ට අඩු ඕනෑම කාන්තාවන්ට.

සම යට තැන්පත් කරන හෝර්මෝන කරල්

මේ දීර්ඝ ක්‍රියාකාරිත්වයක් සහිත ප්‍රොජෙස්ටරෝන් පමණක් අඩංගු පවුල් සැලසුම් ක්‍රමයකි.

හෝර්මෝන කරල් ඩිම්බ පිටවීම වළක්වයි. ගැබ්ගෙල ආශ්‍රිත ශ්ලේෂ්මලවල ඝනකම වැඩි කරයි. එමඟින් ශුක්‍රාණු ගර්භාෂයට ඇතුළු වීම වැළකේ. ගර්භාෂය ඇතුළත බිත්තියේ ඝනකම අඩු කිරීමෙන් කලලය තැන්පත් වීම වළකී.

විධ වෙළෙඳ නාමවලින් කරල් වර්ග ඇති අතර ඒවායේ ක්‍රියාකාරී කාලය වර්ගය අනුව වෙනස්වේ.

* මේ උපත් පාලන ක්‍රමය ආරම්භ කළ හැකි වන්නේ කවදා ද?

ඔසප් වීම ආරම්භ වී ඇත්නම් පළමු දින හත ඇතුළත් ද?

කිරි දීම අරඹා සති 6 කට පසුව ද, මුල් මාස තුනට පසු ගබ්සා වී ඇත්නම් පළමු සතිය ඇතුළත ද, මුල් මාස තුනෙන් පසුව ගබ්සා වී ඇත්නම් ගබ්සා වී සති හතරකට පසුව ද හෝර්මෝන කරල් තැන්පත් කළ හැකියි.

උපත් පාලන පෙති භාවිත කළා නම් ඕනෑම අවස්ථාවක ද, පවුල් සැලසුම් එන්නත් භාවිත කළේ නම් අවසාන එන්නත් කිරීමේ දින සිට දින 90 ක් ඇතුළත ද, ලූපයක් භාවිත කළේ නම්, ඔසප් වීම ඇරැඹී පළමු දින 5 ඇතුළත ද හෝර්මෝන කරල් තැන්පත් කිරීමට පුළුවන.

හෝර්මෝන කරල් 99.9% ක් සාර්ථක ප්‍රතිඵල ලබා දෙන ක්‍රමයකි. ඔසප් වීම ඇති වී පළමු දින පහ ඇතුළත තැන්පත් කිරීමෙන් ඉතා ඉක්මනින් ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකියි.

* හෝර්මෝන කරල් තැන්පත් කිරීමේදී . . .

පුහුණුවලත් පුද්ගලයකුට කියා විසබීජහරණය කළ තත්ත්ව යටතේ කරල් තැන්පත් කළ යුතුයි.

වේදනාව අවම කිරීමට තැන්පත් කළ ස්ථානයට නිර්වින්දන ඖෂධ ලබා දෙන නිසා වේදනාවක් නො දැනෙයි. කරල් තැන්පත් කරන්නේ උඩු බාහුවේ ඇතුළත පැත්තේ වැලමිට හන්දියට අඟල් 5 ක් පමණ ඉහළින්ය.

තැන්පතුවේ නියමිත කාල සීමාව ඉක්මවා යන විට දෙවැනි හෝර්මෝන කරල එම බාහුවේම හෝ අනෙක් බාහුවේ තැන්පත් කළ හැකියි.

හෝර්මෝන භාවිතය නු සුදුසු රෝගී තත්ත්ව නොමැති නම් වයස අවුරුදු 50 දක්වා මේ ක්‍රමය භාවිත කළ හැකියි.

තැන්පතුව ඉවත් කළ වහාම නැවත සාමාන්‍ය සරු බව බලාපොරොත්තු වීමට පුළුවන. මෙහි ඇති ප්‍රධානම වාසිය දිගුකාලීන ක්‍රියාකාරිත්වයක් තිබීමයි. වයසින් වැඩි කාන්තාවකට වුවත් මේ ක්‍රමය සුදුසුයි.

අතුරු ආබාධ ද නැත්තේ නොවේ. ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, ආහාර රුචිය වැඩි වී සිරුරේ බර වැඩි වීම, හිසරදය, කරකැවිල්ල ඉන් කිහිපයකි.

හෘද කපාට ආශ්‍රිත රෝග තත්ත්ව ඇති අයට පවා මේ ක්‍රමය සුදුසුයි.

ගර්භාෂය තුළ තැන්පත් කරන ලූපය

මෙය ප්ලාස්ටික්වලින් නිම කරන ලද කුඩා (සෙ. මී. 3.2ඔ3.6 ක් පමණ) ‘ටී’ අකුරේ හැඩය ඇති නැමෙනසුලු උපකරණයකි. තඹ දඟරයක් මෙය වටා ඔතා ඇති අතර මෙහි ඇති කුඩා තන්තු දෙක ගැබ්ගෙල තුළින් යෝනි මාර්ගය තුළ රැඳී සිටින පරිදි සකසා ඇත.

ලූපය ඔසප් වී පළමු දින 12 ක් ඇතුළත තැන්පත් කළ හැකිය. දරු ප්‍රසූතියට පසු හෝ ගබ්සාවකින් පසු ලූපයක් භාවිත කරනවා නම් ප්‍රසූතියෙන් සති හතරකට පසු තැන්පත් කරන්න. වෙනත් පවුල් සැලසුම් පෙති භාවිතකළ කෙනකුට වුණත් පසුව ලූපය පවුල් සංවිධාන ක්‍රමය වශයෙන් තෝරා ගත හැකියි. පුරා වසර 10 ක් ගැබ් නො ගෙන සිටීමට මේ ක්‍රමය ආධාර වෙයි.

ලූපය ඉවත් කළ වහාම දරුවකු පිළිසිඳ ගත හැකි තත්ත්වයට පත් වෙයි. මේ ක්‍රමය කිරිදෙන මවුවරුන්ට ද කදිමයි. සිරුරේ හෝර්මෝනවලට බල නොපායි.

ලූපය තැන්පත් කළ මුල් පැය 24 – 48 කාලය ඇතුළත උදරය මිරිකනවාක් වැනි වේදනාවක් ඇති වෙයි. මුල් සති 3 – 4 දී යෝනි මඟින් සුළු වශයෙන් රුධිරය පිට විය හැකියි.

සමහරුන්ට ඔසප් වීමේදී සාමාන්‍යයෙන් රුධිරය පිට වෙනවාට වැඩි රුධිර ප්‍රමාණයක් පිටවේ. මිරේනා ගර්භාෂයෙහි තැන්පත් කරන තවත් උපකරණයකි. මෙය ක්‍රමයෙන් ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය නිකුත් කරන ප්ලාස්ටික්වලින් සාදන ලද කුඩා ‘ටී’ හැඩැති නැමෙන සුලු උපකරණයකි. පුහුණුව ලත් සෞඛ්‍ය සේවකයකු විසින් විසබීජහරණය කළ තත්ත්ව යටතේ තැන්පත් කිරීම හා ඉවත් කිරීම කළ යුතුයි. පස් වසරක් ගැබ් නො ගෙන සිටිය හැකියි. ආර්තවයේදී අධිකව රුධිරය පිටවන කාන්තාවන්ට රුධිර වහනය අඩු කිරීමට ද මේ ක්‍රමය යොදා ගනියි. එයින් රක්තහීනතාවේ අවදානම අඩුවේ.

ස්ථිර උපත් පාලන ක්‍රම

තවදුරටත් දරුවන් අනවශ්‍ය යුවළකට වන්ධ්‍යකරණයට යොමු විය හැකියි. වන්ධ්‍යකරණ සැත්කමට වැය වෙන්නේ මිනිත්තු 10 – 15 ක් වැනි කෙටි කාලයකි.

කාන්තාවන්ට කරන වඳ සැත්කම් එල් ආර් ටී යනුවෙන් හඳුන්වයි.

දරුවා බිහි කර පළමු පැය 48 දී සැත්කම් කිරීම වඩා සුදුසුයි. එනමුත් දරු උපතින් සතියකදී හෝ සති අටකට පසුව ද සැත්කම කළ හැකිය.

සාමාන්‍ය කාන්තාවකට ඔසප් වී පළමු දින හතක් තුළ ද සැත්කම කිරීමට පුළුවන.

පෙති, ලූප, හෝර්මෝන කරල් මේ ඕනෑම උපත් පාලන ක්‍රමයක් භාවිත කළ කාන්තාවකට ඕනෑම අවස්ථාවක සැත්කමට යොමුවීමට හැකියාව ඇත. පවුල් සැලසුම් එන්නත් භාවිත කළා නම් අවසන් එන්නතේ සිට දින 90 කදී සැත්කම කිරීමේ හැකියාව තිබේ.

දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි වෙනත් රෝගයකට ප්‍රතිකාර ගන්නවා නම් සැත්කමට පෙර සාමාන්‍ය පරිදි ඒ ඖෂධ ගන්න. සැත්කමට නිරාහාරව සිටීම අවශ්‍ය නො වෙයි. සැත්කමට පෙර නා හොඳින් පිරිසුදුව සිටීම වැදගත්ය.

සැත්කම පළපුරුදු වෛද්‍යවරයකුට කියා කර ගැනීම අත්‍යවශ්‍යයි.

පිරිමියකු වඳ සැත්කම කර මාස තුනක් යන තුරු උපත් පාලන ක්‍රමයක් භාවිත කළ යුතුයි. වන්ධ්‍යකරණය (වඳ සැත්කම) සාර්ථකව සිදු වී ඇත්දැයි බැලීමට මාස තුනකට පසු ශුක්‍ර තරලය පරීක්ෂා කිරීම අනිවාර්යයෙන් කළ යුත්තකි.

වෙනත් රෝගයකට (දියවැඩියාව, අධික රුධිර පීඩනය) ප්‍රතිකාර ගන්නවා නම් සැත්කමට පැමිණීමට පෙර ඖෂධ ගත යුතුයි. නිරාහාරව සිටීම අනවශ්‍යයි. නා පිරිසුදු වී, පවිත්‍ර යට ඇඳුම් ඇඳ පැමිණීම වැදගත්ය. සැත්කම සඳහා පා පැදියකින් නොයා යුතුයි.

අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වා ගැනීම

නො සිතූ මොහොතක ඇතිවන සම්බන්ධතාවක් සිතට ගෙන දෙන්නේ බියක්. එවැනි අනාරක්ෂිත සබඳතාවකදී ගත යුතුම පෙති වර්ගය පොස්ටිනෝ පෙතියි. කායික සම්බන්ධයෙන් පැය 72 ක් තුළදී මෙය භාවිත කළ යුතුයි.

පළමු පෙති මාත්‍රාව ගෙන පැය දොළහකට පසු දෙවැනි පෙති මාත්‍රාව ගත යුතුයි. ඖෂධ මාත්‍රා දෙකම එකවර ලබා ගැනීමට ද පුළුවන්.

මේ පෙති හදිසි අවස්ථාවක අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වා ගැනීමට පමණක් භාවිත කරන්නකි.

උපත් පාලන ක්‍රමයක් වශයෙන් භාවිත කරන්නක් නො වෙයි.

උපදෙස් - පවුල් සංවිධාන සංගමයෙන්
ලිව්වේ  චම්පිකා දීපානි රණසිංහ

මේ ජීවනයේ - Me jeewanaye lyrics

මේ ජීවනයේ - me jeewanaye - H. R. Jothipala



මේ ජීවනයේ, මුළු සන්සාරේ, 
මේ ජීවනයේ, මුළු සන්සාරේ,
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ,
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ, 
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ,
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ,
මේ ජීවනයේ.


දෑත දෑත බැඳ ඈ ලංවී, මට පෑව ආදරේ,  
දෑත දෑත බැඳ ඈ ලංවී, මට පෑව ආදරේ, 
සනසා නොලාලන කාලේ, දිවි තෙක්ම සිහි කෙරේ,
ඒ නිල් දෑසේ, බැල්මෙන් කැල්මෙන්, 
මා යන ගමනට දිරි දෙයි
  
මේ ජීවනයේ, මුළු සන්සාරේ,  
මේ ජීවනයේ, මුළු සන්සාරේ,
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ,
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ,
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ,
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ,
මේ ජීවනයේ.


සුවඳ හාදු දුනි සතපාලා, යහනාවෙ මා හොවා,  
සුවඳ හාදු දුනි සතපාලා, යහනාවෙ මා හොවා,
පින්සාර ඇයගේ තුරුලේ, සැනසේ රජුන් පවා, 
ඒ දරුවෙකුගේ, පණ වැනි උත්තම, 
අම්මාගේ ආදරයයි.

මේ ජීවනයේ, මුළු සන්සාරේ,  
මේ ජීවනයේ, මුළු සන්සාරේ,
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ,
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ,
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ,
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ,
මේ ජීවනයේ.


Wednesday, February 3, 2016

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා- Jeewithaye thanimansada (Aradhanaa)

ආරාධනා....................
ආරාධනා.........

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිළිහී ගිය
සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා...

නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වූ දා
සෙනේහයේ සත් පියුමෙන් යළිදු පිපේවා
ආරාධනා....

එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුහුමේ යළිඳු උපන්නෙමි
බිඳුනු එවන් රජ දහනින් සමුගෙන යන දා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා..
ආරාධනා...




Monday, February 1, 2016

කාන්තාවකට ලිංගික හැඟීම් මතුවන අයුරු

කාන්තාවකට සහ පිරිමියකුට ලිංගිකව එක්‌වීම සඳහා හැඟීමක්‌ මතුවන්නේ ඔවුනොවුන් අතර මතුවන සිතුවිලි අනුවය. නිරෝගී කාන්තාවකට සහ පිරිමියකුට වුව ඒ සඳහා සිතුවිලි පහළ නොවේ නම් ලිංගිකව එක්‌වීම සඳහා හැඟීමක්‌ මතුවන්නේ නැත. ලිංගිකව එක්‌වීම සඳහා කාන්තාවට සහ පිරිමියාට සිතුවිලි පහළ වූ විට මතුවන හැඟීම්වලට අනුව ලිංගික උත්තේජනයක්‌ සිදුවේ. මෙම උත්තේජනය කාන්තාවට සහ පිරිමියාට ඇතිවන ආකාරය තුළ වෙනස්‌කම් පවතී. 

කාන්තාවන්ට සහ පිරිමින්ට ලිංගික උත්තේජනයක්‌ සඳහා මානසික මෙන්ම කායික සාධක ද බලපායි. කෙසේa වෙතත් කාන්තාවන්ට ලිංගික ආශාව මෙන්ම ලිංගික උත්තේජනය සඳහා මානසික සාධක වල බල පෑම වැඩිය. 

නිරෝගී කාන්තාවකගේ සහ පිරිමියකුගේ ලිංගික උත්තේජනය සිදුවන ආකාරය නිවැරදිව හඳුනා ගැනීම වැදගත්ය. 

මෙම වෙනස්‌කම් නිසිලෙස හඳුනා නොගැනීම නිසා කාන්තාවන් සහ පිරිමින් අතර ලිංගික ගැටලු මෙන්ම අසහනකාරී තත්ත්වයන් ඇති විය හැකිය.

කාන්තාවකට ලිංගික උත්තේජනයක්‌ ඇතිවීම

කාන්තාවකට ලිංගික උත්තේජනයක්‌ ඇතිවීමේදී ඇයගේ ඔසප් චක්‍රය ද බලපායි. බොහෝ කාන්තාවන්ට ඩිම්බයක්‌ පිටවීමට ආසන්න කාලයේදී ලිංගික ආශාව වැඩිවේ. මෙය සාමාන්‍යයෙන් ඇතිවන්නේ ඔසප් චක්‍රයේ මැද කාලයේදීය.

ගැබ් ගැනීමකදී, දරු ප්‍රසූතියෙන් පසු මව්කිරි දෙන කාලයේදී, ආර්ථවහරණයෙන් පසු, යම්කිසි මානසික පීඩාවකින් පෙළෙනවිට සහ රෝගී තත්ත්වයකදී හෝමෝනවල සිදුවන වෙනස්‌කම් වලදී දෙදෙනා අතර ඇතිවන ගැටලුවලදීද ලිංගික හැඟීම්වල වෙනස්‌කම් මතුවේ. මීට අමතරව විවිධ රෝග සඳහා ගනු ලබන ඖෂධ නිසා ද ලිංගික හැඟීම් වෙනස්‌වේ. විශේෂයෙන් පවුල් සැලසුම් සඳහා භාවිතා කරන පෙති වර්ග සහ එන්නත් ගනු ලබන විට ලිංගික ආශාවේ වෙනසක්‌ ඇතිවිය හැකිය.

තරුණ වියේදී ලිංගික හැඟීම් පහළවීම බහුල අතර මැදිවියට පත්වන විට එය ක්‍රම ක්‍රමයෙන් අඩු වේ.

කාන්තාවක්‌ ලිංගික උත්තේජනයකට ලක්‌වීම පියවර හතරකින් දැක්‌විය හැකිය. පළමු පියවර ඒ සඳහා හැඟීම් ඇතිවීමය. දෙවන පියවර ලිංගික ප්‍රදේශයේ උත්තේජනයයි. තෙවන පියවර ලිංගික කටයුතු සඳහා පසුබිම සැකසීමය. සිව්වැනි පියවර නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වීමය.

පළමු පියවර

කාන්තාවකට මෙන්ම පිරිමියකුටද ලිංගික එක්‌වීමක්‌ සඳහා හැඟීමක්‌ ඇතිවිය යුතුය. එවිට ශාරීරිකව සහ මානසිකව ඒ සඳහා ඇය තුළ සුදානමක්‌ ඇතිවේ.

මෙලෙස ලිංගික හැඟීමක්‌ මතුවීම සඳහා පිරිමියකු දැකීම හෝ ස්‌පර්ශයම අවශ්‍ය නොවේ. මානසිකව ඇතිවූ සිතුවිල්ලක්‌ නිසාද ලිංගික උත්තේජනයක්‌ මතුවිය හැකිය.

කාන්තාවකගේ ලිංගික උත්තේජනයකදී පළමුව දැකිය හැකි ලක්‌ෂණය වනුයේ ඇයගේ පියයුරු උත්තේජනය වීමයි. ඉන්පසු තනපුඩු ප්‍රාණවත් වේ. මෙම ලක්‌ෂණ මතුවීමත් සමඟ ඇයගේ ලිංගික ප්‍රදේශයට ගමන් කරන රුධිර ප්‍රමාණය වැඩිවේ. ඒ අනුව එම ප්‍රදේශයේ ක්‍රියාකාරිත්වය ඉහළ යයි.

මෙහිදී ඉතා ඉක්‌මනින් දැකිය හැකි ලක්‌ෂණයක්‌ වනුයේ යෝනි ප්‍රදේශය තෙත්වීමය. එය ලිංගික උත්තේජනයක්‌ ඇති වී තත්පර 30 ක්‌ වැනි කෙටි කාලයකදී සිදුවිය හැකිය.

දෙවැනි පියවර

ප්‍රාණවත් භාවයට පත්වූ ලිංගික ප්‍රදේශය සක්‍රීය බව යම් පසුබෑමකට ලක්‌වූවා වැනි ලක්‌ෂණ මතුවේ. ලිංගික උත්තේජනය අප්‍රාණික වූවා ලෙස ඇතැම් දෙනා එය සිතති. මෙය වැරදි ආකල්පයකි. සිදුවී ඇත්තේ ලිංගික උත්තේජනය අප්‍රාණිකවීමක්‌ නොව ලිංගික කටයුතු සඳහා අවශ්‍ය පසුබිම සැකසීමය. එනම් ලිංගිකව හැසිරීම සඳහා අවශ්‍ය කාලය උදාවී තිබීමය.

තෙවැනි පියවර

ලිංගිකව හැසිරීම් කාලය තීරණය වන්නේ එකිනෙකාගේ ශාරීරික හා මානසික තත්ත්වය මතය. කෙසේ වෙතත් ලිංගිකව හැසිරීමේදී කාන්තාවට මානසිකව ඇතිවන උපරිම තත්ත්වය සුරතාන්තයට පත්වීම ලෙස හඳුන්වනු ලබයි.

සුරතාන්තයේදී ඇයගේ යෝනි ප්‍රදේශයේ මාංශපේශි සංකෝචනයවීම ... ඇතිවේ. එය යෝනි ප්‍රදේශයෙන් පටන්ගෙන කකුල් අත් පා උදරය ප්‍රදේශය දක්‌වා පැතිර යා හැකිය.

මේ අවස්‌ථාවේදී කාන්තාවගේ රුධිර පීඩනය වැඩි වේ. හෘද ස්‌පන්දනය ඉහළ යයි. හුස්‌ම ගැනීම වේගවත්වේ. ගැඹුරු හුස්‌ම ගැනීමක්‌ ඇතිවේ.

සාමාන්‍යයෙන් සුරතාන්තයට පත්වීමෙන් පසු ඇයගේ ඇති වූ ලිංගික උත්තේජනය ක්‍රම ක්‍රමයෙන් පහව ගොස්‌ සාමාන්‍ය තත්ත්වයට පත් වේ. නමුත් ඇය තුළ මතුවන හැඟීම අනුව සහ ලිංගික ක්‍රියාවේ ස්‌වභාවය අනුව නැවත වරක්‌ ඇය සුරතාන්තයට පත්විය හැකිය. එසේම ලිංගික ක්‍රියාවේ තවදුරටත් යෙදීමේ හැකියාවද පවතී. මෙය පිරිමියාගේත්, කාන්තාවගේත් ලිංගික උත්තේජනයේ දැකිය හැකි වෙනසකි.

කාන්තාව සුරතාන්තයට පත්වූ විට ඇයගේ යෝනි මාර්ගයෙන් පිටවන තරලය වැඩිවේ. ඇතැම් කාන්තාවනට මුත්‍රා සුළු ප්‍රමාණයක්‌ද පිට වේ. මෙය අනිවාර්යයෙන්ම සිදුවන හෝ සිදුවිය යුතු දෙයක්‌ නොවේ.

සිව්වැනි පියවර

සුරතාන්තයෙන් පසු කාන්තාවගේ ලිංගික ප්‍රදේශයේ ඉහිල්වූ මාංශ පේශි සහ රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත්වීම ආරම්භ වේ.

මෙලෙස කාන්තාව සාමාන්‍ය තත්ත්වයට පත්වීම ඉතා ඉක්‌මනින් සිදුවන්නේ සුරතාන්තයට පත් වූ පසුය.

සුරතාන්තයට පත් නොවී ලිංගික කටයුතු අවසන් කරනවිට ඇයට සාමාන්‍ය තත්ත්වයට පත්වීම සඳහා වැඩි කාලයක්‌ ගත වේ. මෙය නිතර නිතර පැවතීමෙන් කාන්තාවට ලිංගිකව එක්‌වීමේදී සහ ඉන්පසු වේදනාකාරී බවක්‌ ඇතිවිය හැකිය.

ලිංගික ගැටලු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලසන්ත මලවිගෙ මහතාගේ දිවයින පත්‍රයේ පලවූ ලිපියකි

අම්ම ගහයි බැට් එකෙන්


සිටි ඔෆ් ඩාන්ස් - බලනවන්ම් මෙන්න නැටුම්


Saturday, January 30, 2016

පැරණි හින්දි ගීයක සරාගී රීමේක් එකක් නිසා බොලිවුඩය කැළඹෙයි 18+


නදීශා අක්කගෙ ලීක් වෙච්ච තවත් පින්තූර ටිකක් - Nadeesha hemamali









සොඳුරිය -Sonduriys kalaya kotharam napuruda

සොඳුරිය .......
කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කඳුලැලි පුරවා ගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය

පෙරුම් පුරා දුක සේ ගලපා ගත්
කවිය ඔබම වී නැළවුණු යුගයක
හද රැඳී ඔබේ රුව සිහිනෙකවත් නැත
ඒ ...රුව කෙතරම් මිහිරිද ...සොඳුරිය
සොඳුරිය.... කාලය කොතරම් නපුරුද ....

ලොවට හොරා විලිලා බිහි කරගත් 
වසන්තයේ සඳ මියැදුණු දවසක
බෙදා හදාගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය

සොඳුරිය.... කාලය කොතරම් නපුරුද ....



Friday, January 8, 2016

එක යායේ කකා වැටී - Eka yaye kaka weti

එක යායේ කකා වැටී - එකා වගේ එකට ඉදී
එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා... 

ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා..
ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී..
දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති..

එක යායේ කකා වැටී....

වලට වැටුනු එකා යකා වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති..
නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි
කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..

එක යායේ කකා වැටී...