Thursday, December 3, 2015

ගංගා නදී තීරයේදී - Ganga nadee thirayedhi edha

ගංගා නදී තීරයේදී එදා ඈ හා ගෙවූ කාලයේ
ආයාචනා පිරුණු දෑසේ සිනා තවම මතකේ රැඳීලා තියේ
වෙන්වී ඔබෙන් යළිඳු නාවත් සොයන්
වෙන්වී ඔබෙන් යළිඳු නාවත් සොයන්
මතක මතකේ රැඳීලා තියේ

දෙනෙතේ ඉනා ගඟුල පිය ලෝචනී දෙතොලේ සිනා සිසිල මධුහාසිනී //
ඔබ මා මැවූ සිහින දුර පා විණී
හද ආදරේ ප්‍රාර්ථනා

ගංගා නදී තීරයේදී එදාඈ හා ගෙවූ කාලයේ
ආයාචනා පිරුණු දෑසේ සිනා තවම මතකේ රැඳීලා තියේ

ගංගා නදී ඉවුර අප කී කතා වින්ඳා සෙනේ සුවඳ නා මල් සලා //
නංවා ඔබේ නමට මේ ගායනා මතු ආත්මයේ වාසනා

ගංගා නදී තීරයේදී එදා ඈ හා ගෙවූ කාලයේ
ආයාචනා පිරුණු දෑසේ සිනා තවම මතකේ රැඳීලා තියේ
වෙන්වී ඔබෙන් යළිඳු නාවත් සොයන්
වෙන්වී ඔබෙන් යළිඳු නාවත් සොයන්
මතක මතකේ රැඳීලා තියේ මතක මතකේ රැඳීලා තියේ මතක මතකේ රැඳීලා තියේ


No comments:

Post a Comment

මොනව හරි කියන්න