Monday, December 28, 2015

හන්තානට පායන හද - Hanthanata payana handa

හන්තානට පායන හද
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හද
ඔබට හෑකිය දකින්න

ඇදුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යනකල
එපා තනිය දෑනෙන්න
හන්තානට පායන හද

ලතා මඩලු අත වනාවි
එපා අහක බලන්න
මා ගෑන මතකය ගුලි කර
මහවෑලියට දමන්න

Monday, December 14, 2015

ආදරෙයි මං ඔය හිතට තාමත් - Adharei man oya hithata

ආදරෙයි මං ඔය හිතට තාමත්..
සිහිනයටවත් ඔයා දැන් නාවත්..
වෙන්වෙලා අපි දුරින් ඉමු කීවත්..
මතක් වෙන්නේ ඔයාවයි තාමත්...//

ආදරෙන් කීව මට ගෙනත් දුන්න 
ඇස්දෙකෙන් කදුළු දීලා..
හිත පුරා රැන්ද ආදරෙත් රැගෙන 
ඔබ ගියා නේද වෙන්වෙලා..
ඔබ දුන්න දුක වැඩිවෙලා..
දෑස හඬයි තනිවීලා..

ආදරෙයි මං....

වේදනාවෙන්ම මියැදුනත් දිනෙක 
මතකයෙන් යන්නෙ නෑ ඔයා..
නෙතු තෙමා ගලන කදුළු බිංදුවල 
දුක දන්නෙ නැත්තෙ ඇයි ඔයා..
ඔබ ලඟින් නැති හින්දා..
දෑස හඩයි තනිවීලා..

ආදරෙයි මං....

Friday, December 4, 2015

ඇහෙනවනම් සිත හඬන තරම් - Ahenawanam sitha handana tharam

ඇහෙනවනම් සිත හඬන තරම්....
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ....//
පෙර දින රජ මැදුරක උන්නේ....
අද මා මහමග සැතපෙන්නේ.....
ඇහෙනවනම් සිත හඬන තරම්....
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ....

පතන පැතුම් සුළඟට මුසුවේ....
මියුරු වදන් කඳුලේ ගොළු වේ....//
සතුට උපන් හැම දිනක ළඳේ.....
කුමන නැටුම්දෝ මිහිමඩලේ....
ඇහෙනවනම් සිත හඬන තරම්....
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ....//

අපගේ අහිංසක ලොව බිඳිලා.....
ඔබද අනන්තෙක ඇත රැඳිලා.....//
ගිනි දළු මා ගත වෙලෙනු දනී....
ඔබ මල් යහනක නිදනු මැනේ.....
ඇහෙනවනම් සිත හඬන තරම්....
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ....//

සිතින් මා නොසැලී - Sithin ma noseli

සිතින් මා නොසැලී සිටිද්දී
කඳුල නුඹ ‍ඇවිදින්...
නිවා දැමුවේ නෙතේ පීඩා
නොබිදිනූ මැනවී

තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සිහිනේ..
වැටුනු මහ වරුසා මතක්වී
නුඹ රැදී දෑසේ..

සිතින් මා නොසැලී...

තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවූ යාමේ
කදුල මට කරුණා කරන්නැයි
අයැදිමී නිබදේ...

සිතින් මා නොසැලී...

විකසිත වත කමලේ - Vikasitha watha kamale

විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සගලේ
සිත සිතුවිලි සසලේ
ලදුලේ මා දකිනා
සිහිනේ හද සැලුනා ..//

ඈත නීල අහසේ
පාට දේදුණු දහසක්‌ පායාලා
මාගේ ජීවිතේ සැණකෙලියක්‌ වාගේ
ඒ ආදරේ ..

විකසිත වත කමලේ ...

දෑස සිහින රේකා
කීවේ නෑ සුර රහසක්‌ කොදුරාලා
මාගෙ ජීවිතේ මල් උයනක්‌ වාගේ
ඒ ආදරේ ..

විකසිත වත කමලේ ...

රෑනේ ඉගිලෙන්න - Rene igilenna one

රෑනේ ඉගිලෙන්න ඕනේ දෑස පෙනෙනා ඉමේ
විහගුන් වාගේ පියාඹා පාවී මේ ගං තෙරේ

පායා ඈත පායා විසිරේ හිරුගේ චායා\\
පිපි මල් නොතලා පිණිලැල් අතුරා සේයා මැවෙනා උදේ

රෑනේ ඉගිලෙන්න

පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ\\
දිය රැල් අතරේ  හැගුමන් කිමිදේ මේ ගී ගයනා හදේ

රෑනේ ඉගිලෙන්න

ඔබ දකින දකින - Oba dhakina dhakina

ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ //
කුමුදු හිනාවේ මේ පොකුණු තලාවේ
මේ පොකුණු තලාවේ කුමුදු හිනාවේ

මල් දහසක සුවඳින් සුවඳ වෙලා
කුංකුම පිණි දිය ගා නළලෙ උලා
රන්වන් කැළුම් නංවලා
මල් දහසක සුවඳින් සුවඳ වෙලා
කුංකුම පිණි දිය ගා නළලෙ උලා
බඳ වටලා සළු පටලා //

ඔබ දකින දකින දිනක.........

පෙති ගෝමර ඉසිලා ළය තුරුලේ
සඳ බැබලේ රැඳිලා වත මඩලේ
නිල් තරු දෑසෙ හැංගිලා
පෙති ගෝමර ඉසිලා ළය තුරුලේ
සඳ බැබලේ රැඳිලා වත මඩලේ
ඔබ නැති දා ලොව නැත මා //

ඔබ දකින දකින දිනක.........

පියුම් නීල විල - Piyum neela vila

පියුම් නීල විල උපන් වියේ..
අහංකාර ඔබෙ යොවුන් වියේ 
නෙතු කැලුම් වැදී..
මගෙ හිත දුකින් රිදේ..
සිඳංගනා මෘදු වදන් මලින් මට
පවන් සලන් කුමරී..
වසන්ත කතාව කියන්න 
කෝමල සිනා පොදින්..

ඔබගේ වරලේ.. කුසුමේ සුදු රේණු පවා..
සුවඳ දෙවා - පාවේ රෑ සිහිනේ..
මා හා රෑ පානේ..

පියුම් නීල විල...

ඔබගේ.. දෙපයේ..වෙලෙනා හඬනු පුරයේ
රන්වන් පෙම් වරුනේ
ආදර ගී වරුනේ..

පියුම් නීල විල...

පෙර එක දවසක - Pera wka dawasaka

පෙර එක දවසක සඳ නැති සවසක
ඔබ මා සමුගත් ඉවුරු තලාවේ
යලි අප හමුවේවා

ආල හැඟුම් දෙන කොමල සිනාවෙන්
මගේ පැතුම් ලොව සසල කලාසේ
නිල නුවන් ඇති දෑල වලින් ඔබ
තවත් ලොවක් ඔබ එලිය කලාවේ

පෙර එක දවසක…

එකම වරක් හෝ නෙතු සනසන්නට
ආසාවෙන් මා ඔබ දෙස බලලා
එකම වරක් ලොව එක හෝරාවක
දහස් වරක් මා මනසින් හැඬුවා

පෙර එක දවසක…

ඔ‍බෙ සැප මගෙ සතුටයි - Obe sepa mage sathutayi

ඔ‍බෙ සැප මගෙ සතුටයි....
මුතු බිහි කරලා අනුනට බෙදනා...
මුතු බෙල්ලෙකු මෙනි අද මා ඉන්නේ....
ඔබෙ සැප මගෙ සතුටයි...

කොහිද අප සෙවූ සුව සහනේ...
එළිය නිවුනි දැල්වුන පහනේ...//
අදුරේ නැති වූ ඉදිකටුවක් සේ..
රිදී ඉරක් නැග නැතිව ගියා...

ඔබෙ සැප මගෙ සතුටයි...

සත්සර නිහඩය වීණාවේ...
තත්පෙළ ඉකිබිද තැවුනාවේ...//
මා ගැයු ගීතේ අද මට නෑසේ...
ඔබේ කණට එය ඇසුනාවේ....

හදිස්සියේ හනි හනිකට - Hadhissiye hani hanikata

හදිස්සියේ හනි හනිකට පය තබනා 
රුවැත්තියේ නුඹ සිටිනා ගම කොතැනා...//

දෑත සලා කිංකිනි නද දෙවන්නී
දෑස සලා මොන මොනවද කියන්නී 
යටින් හොරෙන් එබිකම් කර බලන්නී 
ළඳේ නුඹයි මගේ දුක් ගිනි නිවන්නි 

හදිස්සියේ....//

රැන කිතුල් මල පිට මැද හෙලන්නි 
සිහීන් පබළු වැල් ගෙල වට බදින්නි 
කෝල නැවුම් සිනා දැලක් ඒලන්නි 
ළඳේ නුඹයි මගේ දුක් ගිනි නිවන්නි 

හදිස්සියේ....//

පොකුරු පොකුරු මල් සැණකෙළි - Pokuru Pokuru mal senakeli

ගුම් ගුම් ගුම් නඟනා මල් බඹරෝ
මල් පැණි වාරේ ආවාදෝ..

පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..
නුහුරු හැඟුම් මා වටකර
රඟන ලතාවයි..
පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..

බිංදු බිංදු පිණි මුතු වැල් මඟ සරසනවා..
මට නොකියම හෙමි හෙමිහිට පිය එසවෙනවා..
කුරුල්ලනේ රෑන් රෑන් කොහේ යන්නදෝ..
අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ..
අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ..

පොකුරු පොකුරු...

මට මතකයි මට මතකයි පුංචි කාලේ මං..
රෑ හීනෙන් දේදුන්නේ නැගී ගියා මං..
ඒ පෙනිච්ච මිහිරි සිහින දැන් සැබෑවුනා..
රිදී කාසි හැලෙන හඬින් සිත සිනාසුනා..

පොකුරු පොකුරු...

මිටියාවත සුදු මිහිදුම් හිම සිහිල් සුවේ..
පාවි පාවි මං යනවා සිත සැහැල්ලුවේ..
කවුරුන් හෝ මට කියන්න කනට කොඳුරලා..
ආදරේද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා..
ආදරේද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා..

පොකුරු පොකුරු...

තාත්ත මට ඇනපු ටොක්ක - Thaththa mata enapu tokka

තාත්ත මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුනා ඒ ඇරපු සත්තම් වලට කන්දෙක මගෙ පි රුනා
එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වගෙයි තාත්තෙ
එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ 
දෙවියන් වඳිනා දෑතින් දෙපා වඳින්නම් තාත්තෙ

ඉස්කෝලේ ගිහින් ඇවිත් පොත් පත විසිකරලා කට්ටි පැන්න දා ගෙදරට වෙට්ටු දමාලා
අහු උනාම බේරෙන්නට කිව්වම බොරු ගොතලා දුන්නෙ නැද්ද කන පැලෙන්න කේන්තියෙන් බැනලා
කේන්තියෙන් බැනලා
එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වගෙයි තාත්තෙ
එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ 
දෙවියන් වඳිනා දෑතින් දෙපා වඳින්නම් තාත්තෙ

සංගීතෙන් ඉහල යන්න අප උනන්දු කරලා  පුරුදු පුහුනු කෙරුවෙ දරුණු නීති රීති දමලා
අතපසුකම් උනොත් අපෙන් අඩිය පොලොවෙ ගහලා කෑ ගැසු හැටිමතකයි මට තරහෙන් ඔරවාලා
තරහෙන් ඔරවාලා
එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වගෙයි තාත්තෙ
එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
දෙවියන් වඳිනා දෑතින් දෙපා වඳින්නම් තාත්තෙ

කරපු කියපු දේවල් ගැන දැන් බැලුවම් හැරිලා පේනව ඒ සේරම කලෙ අපෙ හොඳටයි කියලා
කොයි ලෝකෙක හිටියත් ඔබ අප හැමගෙන් මිදිලා තාත්තෙ නුබෙ පිහිට අපිට ලැබිලා
පිහිට අපිට ලැබිලා
එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වගෙයි තාත්තෙ
එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ 
ඔබ නැති අඩුපාඩුව අද මට දැනෙනව තාත්තෙ//

Thursday, December 3, 2015

තැටිය මැද්දෙ කළු කරාපු - Thetiya medhdhe kalu karapu

තැටිය මැද්දෙ කළු කරාපු පහන්තිරය මැදට ආපු
හනුමන්තත් පුදුම හිතෙනවා
රාමටත් බැරි උනාලු මහ වැඩකට පෙලඹුනාලු
අපි දැකලා එයා හඬනවා//

දැන් කොහෙද එයා නැහැ නැහැ දැන් එයා මෙහේ නෑ

ඉරට එලිය අඩු උනාට සඳට එලිය අඩු උනාට අපිට මොකද කනාමැදිරියෝ
මදුරු තුඩට අහු උනාට ඇගෙන් බිඳක් අඩු උනාට
නෑ නෑ ණෑනේ දෙනෙත් අඬන්නේ
තැටිය මැද්දෙ කළු කරාපු

ඉසුරු අහුරු මලු පුරාපු අමුතු ලොවක අප රඳාපු 
සිහින සිහින නොවේ සැම දිනේ
දිනක අපට අප පතාපු ලොවක රජව නම් දරාපු
පෑදේ පෑදේ වාසනාවේ
තැටිය මැද්දෙ කළු කරාපු

චන්දන ඇල්ලෙන් නාලා - Chandala ellen naalaa

චන්දන ඇල්ලෙන් නාලා  අංජන මල් මී ගාලා
හැංගුණ බඹරා ආවා  ලස්සන රහසක් කීවා
චන්දන ඇල්ලෙන් නාලා  

මලට මුවා වී ඉන්නේ  මල් පෙති යට සැඟවෙන්නේ
හදකට තුරුළු ව ඉන්නේ ලොකය නෑ එය දන්නේ

චන්දන ඇල්ලෙන් නාලා  

දහසක් නෙත් යොමු වන්නේ  එනමුදු නෑ හඳුනන්නේ
ඇසිපිය යට සැඟවෙන්නේ  සිහින ලොවේ හමුවන්නේ

චන්දන ඇල්ලෙන් නාලා  

එක කුසුමෙකි පිබිදෙන්නේ  එක වන බඹරෙකි ඉන්නේ
දෙබරුන් සේනා නොඑන්නේ වෙනසක් නෑ සිදු වන්න

සිතේ සතුට ජීවිතයේ - Sithi sathuta jeewithaye

සිතේ සතුට ජීවිතයේ මිහිර ළං වුණා
ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම් ඉටු වුණා
ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම් ඉටු වුණා //

සිඳ දාලා කුල ගොත තහනම් බිඳලා වෙන් වීලා නිවසින් ඇය වෙන්වීලා
ඉන්නේ ඈ දැන් මට ළං වීලා ඉන්නේ ඈ දැන් මට ළං වීලා
යන්නේ නෑ කිසිලා මගෙන් මිදීලා

සිතේ සතුට ජීවිතයේ මිහිර ළං වුණා
ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම් ඉටු වුණා
ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම් ඉටු වුණා

නැලවීලා අප හදවත් සැනසීලා ඉටුවීලා සොම්නස හද උතුරාලා
ඉන්නේ මා සදා සිතින් බැඳීලා ඉන්නේ මා සදා සිතින් බැඳීලා
යන්නේ නෑ කිසිදා ඈව පෙළාලා

සිතේ සතුට ජීවිතයේ මිහිර ළං වුණා
ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම් ඉටු වුණා
ඇයයි මමයි පිරූ පෙරුම්

පැතුම් ඉටු වුණා //

පෙම් බැන්ද සිත් බැන්ද - Pem benda sith benda

පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු බදින මායා

රන් තාරකාවෝ... දෙනෙතේ රැදුනාවේ...
මේ සොදුරු සිහිනේ... කවදා ඉටු වේදෝ ලදේ...
නිම් හිම් නැතේ... සෙනෙහෙ ලයේ...
මන්දෝ ලදේ... සැගවී ගියේ...

පෙම් බැන්ද හින්දා... ඉන් මා දැවුනාවේ...
මේ සොදුරු පියසේ... නොඇසේ මිහිරි ගියේ...
හැගුමන් මගේ... ඔබ හා බැදේ...
පැවතුම් ඔබේ... නොදනී ලදේ..

නෙළුම් විලේ කැළුම් පෙරා - Nelum vile kelum pera

නෙළුම් විලේ කැළුම් පෙරා පායන දේව්දුනු ප්‍රභාතයේ
ඔබේ සිනා සිලිල ගලා එළියයි ලොව සොඳුරේ //

උදාවෙන්න යළි උදෑසනින් හිරු ලෙස කැළුම් දිදී
කඳු යායේ මලක් වෙමින් මා ළත වෙන යාමේ //

නෙළුම් විලේ කැළුම් පෙරා පායන දේව්දුනු ප්‍රභාතයේ
ඔබේ සිනා සිලිල ගලා එළියයි ලොව සොඳුරේ

සඳේ කැළුම් පරාද වෙයි සඳ වැනි වතින් ඔබේ
අද වාගේ හෙටත් මෙසේ යලි ඔබ හමුවේවා //

යලි ඔබ හමුවේවා ////

ගංගා නදී තීරයේදී - Ganga nadee thirayedhi edha

ගංගා නදී තීරයේදී එදා ඈ හා ගෙවූ කාලයේ
ආයාචනා පිරුණු දෑසේ සිනා තවම මතකේ රැඳීලා තියේ
වෙන්වී ඔබෙන් යළිඳු නාවත් සොයන්
වෙන්වී ඔබෙන් යළිඳු නාවත් සොයන්
මතක මතකේ රැඳීලා තියේ

දෙනෙතේ ඉනා ගඟුල පිය ලෝචනී දෙතොලේ සිනා සිසිල මධුහාසිනී //
ඔබ මා මැවූ සිහින දුර පා විණී
හද ආදරේ ප්‍රාර්ථනා

ගංගා නදී තීරයේදී එදාඈ හා ගෙවූ කාලයේ
ආයාචනා පිරුණු දෑසේ සිනා තවම මතකේ රැඳීලා තියේ

ගංගා නදී ඉවුර අප කී කතා වින්ඳා සෙනේ සුවඳ නා මල් සලා //
නංවා ඔබේ නමට මේ ගායනා මතු ආත්මයේ වාසනා

ගංගා නදී තීරයේදී එදා ඈ හා ගෙවූ කාලයේ
ආයාචනා පිරුණු දෑසේ සිනා තවම මතකේ රැඳීලා තියේ
වෙන්වී ඔබෙන් යළිඳු නාවත් සොයන්
වෙන්වී ඔබෙන් යළිඳු නාවත් සොයන්
මතක මතකේ රැඳීලා තියේ මතක මතකේ රැඳීලා තියේ මතක මතකේ රැඳීලා තියේ


ඇගෙ සිනහව තහනම් - age sinahawa thahanam

ඇගෙ සිනහව තහනම්
ගෙදරින් මට තහනම්..
සැළ වෙයි ගෙදරට ඇය හමු උනොතින්
චර පුරුෂයෝ දැන් මා වටලා..
යන එන හැම තැන මුර දාලා
යන එන හැම තැන මුර දාලා...

යාබද නිවසේ ඇය ඉන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ...
එනමුදු ගව්වක.. දුර වැන්නේ
යාබද නිවසේ ඇය ඉන්නේ...

ඇගෙ සිනහව තහනම්

පෙළපත කුළපත වෙනස් වෙලා
නෑදෑ පිරිවර හරස් වෙලා..
නෑදෑ.. පිරිවර හරස් වෙලා
පෙළපත කුළපත වෙනස් වෙලා..

ඇගෙ සිනහව තහනම්

Suji Phone Eka Dipan Lamayekuta


Me anantha rathriye