Friday, December 4, 2015

ඇහෙනවනම් සිත හඬන තරම් - Ahenawanam sitha handana tharam

ඇහෙනවනම් සිත හඬන තරම්....
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ....//
පෙර දින රජ මැදුරක උන්නේ....
අද මා මහමග සැතපෙන්නේ.....
ඇහෙනවනම් සිත හඬන තරම්....
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ....

පතන පැතුම් සුළඟට මුසුවේ....
මියුරු වදන් කඳුලේ ගොළු වේ....//
සතුට උපන් හැම දිනක ළඳේ.....
කුමන නැටුම්දෝ මිහිමඩලේ....
ඇහෙනවනම් සිත හඬන තරම්....
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ....//

අපගේ අහිංසක ලොව බිඳිලා.....
ඔබද අනන්තෙක ඇත රැඳිලා.....//
ගිනි දළු මා ගත වෙලෙනු දනී....
ඔබ මල් යහනක නිදනු මැනේ.....
ඇහෙනවනම් සිත හඬන තරම්....
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ....//

No comments:

Post a Comment

මොනව හරි කියන්න

Me anantha rathriye