Tuesday, August 26, 2014

එබෝලා-ebola virus



බටහිර අප්‍රිකාව තුළ එබෝලා වෛසරය පැතිරීම එය පාලනය කිරීමට දරන ප්‍රයත්නයට වඩා වේගවත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානී මාග්‍රෙට් චැන් අවධාරණය කරයි.

කලාපයේ නායකයන් සමග පැවති හමුවකදී අදහස් දක්වමින් ඇය මෙසේ පවසා සිටි අතර, වෛරසය පාලනය කිරීමට නොහැකි වුවහොත් එය මහා ව්‍යසනයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව ඇය පවසා සිටියාය.

කෙසේ වෙතත්, පසුගිය පෙබරවාරි මාසයේ සිට කලාපයේ රටවල් හතරක මිනිස් ජීවිත 729ක් බිලිගෙන ඇති මෙම වෛරසය පැතිරීම වැළැක්වීම නිසි කළමනාකරණයකින් හා පාලනයකින් යුතුව සිදුකළ හැකි බවද ඇය පවසා සිටියාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේ වනවිට එබෝලා වෛරසය ශරීරගත වූවන්ගෙන් 90%ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෛරසය ශරීරගත වූවන්ගේ රුධිරය, සෙම් සොටු කෙළ ආදිය හෝ අපිරිසුදු පරිසරයද මෙම වෛරසය පැතිරීමට හේතුවක් බව කියැවෙයි.

මෙම ‍වෛරසය ශරීරගත වූ විට ආරම්භයේදී උණ තත්ත්වයක් පෙන්නුම් කරන අතර, එය ඇස් හා විදුරුමස් ආදියේ සිට අභ්‍යන්තර රක්තපාත තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පසුව ශරීර අභ්‍යන්තරයේ රුධිර වහනයක් සමග ශරීර අවයවවල ක්‍රියාකාරීත්වය අඩපණ කරන මාරාන්තික වෛරසයක් ලෙස හඳුනාගෙන තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඇ.ඩො.මිලියන 100ක එබෝලා පිටුදැකීමේ සැලැස්ම ක්‍රියාවට නංවමින්, වෛරසයෙන් දරුණු ලෙස බැටකන ගිනියා, ලයිබීරියා සහ සියෙරා ලියෝන් වැනි රාජ්‍යයන්ගේ රාජ්‍ය නායකයෝ මෙහිදී හමුවූහ.

No comments:

Post a Comment

මොනව හරි කියන්න

Me anantha rathriye