Wednesday, August 27, 2014

මේ තොරතුරු අලි ගැනයි


වල් අලි යනු ජෛව වීවීධත්ව පරීනාමයේ වීශේෂිත නිර්මාණයකි. ස්වභාවික පරිසරයේ ජීවත්වන සතෙකි. ආහාර සොයා දිනකට කිලෝමීටර් 25ක් පමණ දුරක් යාමට මෙම සත්වයෝ පෙළඹෙති. ගොඩබීම්වල වාසය කරන වීශාලතම සත්ව කාණ්ඩයට අයත් අලියා සත්ත්ව වර්ගීකරණයට අනුව අයත් වන්නේ -ක්ෂීරපායි හෙවත් -මැමාලියා ගණයටය. ක්ෂීරපායි සත්ත්වයන් බිහිවූ මුල්ම යුගයේ අලියාට සමාන සත්ත්ව විශේෂයක් දක්නට නොවීය. වසර දස ලක්ෂ පනහකට පමණ පසු අලියාට බොහෝ සමානකම් ඇති සත්ත්ව කොටස් බිහිවිය. ඔවුහු මොඑරිතීරියම් නම් වෙති. එහෙත් අලියාට මෙන් දිග හොඬක්, ඇතාට මෙන් දිග දළ යුගලක් මෙම සත්වයාට නොතිබිණි. මේ නිසා සත්ත්ව විද්‍යාඥයෝ මොඑරිතීරියම් අලියාගේ ආදිතමයා ලෙස හැඳින්වූහ. එදා බිහිවූ මොඑරිතීරියම් ගේ සිට අද ජීවත්වන අලියා දක්වා පරිණාමය වූ ජීවී කොට්ඨාස කිහිපයකි.
වුලි මැමත්

පෘථිවියේ දැඩි ශීතයකින් යුක්ත වූ -ප්ලයිස්ටෝසීන යුගයේදී ජීවත් වූ අලි විශේෂයකි. අධික ශීත දේශගුණයට ඔරොත්තු දෙන අයුරින් සිරුර පුරා ඝනව රෝම වැඞී තිබුණි. අඩි 14 පමණ උස් වූ ශරීරයක්ද ඉදිරියට වක‍්‍රව වැඩුණු විශාල දළ දෙකක්ද මැමත්ට තිබිණ. විශාල දළ යුගලයේ ආධාරයෙන් අයිස් තට්ටු ඉවත්කර පැළෑටි ආහාරයට ගැනීමට හැකි විය. කාලයාගේ ඇවෑමෙන් මැමත් වඳවී ගියද ලෝකයේ නොයෙක් තැන්වලින් ඔවුන්ගේ පොසිල හමුවිය.
ඇමරිකන් මැස්ටොඩොන්

වත්මන් අලියාට බොහෝ සෙයින් සමානකම් කියයි. අඩි 8×9 තරම් උස් වූ මොහුට හොඬක් හා දළ යුගලක් ද තිබිණ.
ගොම්ෆොතීරියම්

අවුරුදු මිලියන 3 කට පෙර පෘථිවිය මත ජීවත් වූ මොහුට උඩු හනුවේ දළ දෙකක්ද යටි හනුවේ දළ දෙකක්ද වශයෙන් මුඛයේ දළ හතරක් දක්නට ලැබිණි. පරිසරය වෙනස්වීමත් සමගම වඳවීමට ලක්විය.
වත්මන් අලි පරපුර

වත්මන් අලියා වර්ග දෙකකට බෙදේ. ලොක්සොඩොන්ටා අප‍්‍රිකානා සහ එලෙෆපාස් මක්සිමුස් ය. එනම් අප‍්‍රිකානු අලියා හා ආසියානු අලියා යනුවෙනි. මේ දෙවර්ගයෙහිම අලින්ට එක් එක් වර්ගයට ආවේණික වූ ශරීර ලක්ෂණ පිහිටා ඇත.
අප‍්‍රිකානු අලියා

උස අඩි 14ක් පමණය . උස අඩි 9×11 පමණ වේ. උරහිස් උසින් වැඩිය. පිට පහත්ය. පිට උසින් වැඩිය. උරහිස් පහත්ය, වටකුරු කන්පෙති විශාලය, සිරුර දඹුරු පැහැයට හුරු කළු පැහැයක් ගනී, සිරුර තද කළු පැහැතිය. දළ පිහිටන්නේ පිරිමි සතුන්ට පමණි, ගැහැණු පිරිමි දෙපක්ෂයටම දළ ඇත. හොඬවැල කෙළවරේ එක් ඇඟිල්ලක් වැනි තුඩු දෙකක් ඇත. පසුපස පාදයේ නියපොත 4ක් හා පිහිටා ඇත, ඉදිරි පාදයේ නියපොතු 5කි. අප‍්‍රිකා මහද්වීපයෙහි සහරා කාන්තාරයට දකුණින් පිහිටි ප‍්‍රදේශයේ වාස භූමි වේ. අපි‍්‍රකානු කුරු අලි වර්ගයක් කොංගෝ ප‍්‍රදේශයේ වාසය කරයි. අප‍්‍රිකානු අලි ආසියානු අලින්ට වඩා දරුණුය.
ආසියානු අලියා-එලිෆාස් මැක්සිමස්

ආසියානු අලි බොහෝ විට අයත් වන්නේ මෙම කුලයටයි. එහෙත් අද වනවිට මේ කුලයට අයත් සත්ත්ව විශේෂ දක්නට නොලැබේ. වර්තමානයේදී හමුවන්නේ ඒ ඒ රටවලට අනුවර්තනය වූ සත්ත්ව විශේෂ පමණි. ආසියානු අලියාගේ හොඬවැල කෙළවරේ එක් ඇඟිල්ලක් වැනි තුඩු එකක් ඇත. ආසියානු අලියාගේ පිට ඉහළට එසවී ඇත. ආසියානු අලින්ගෙන් දළ ඇත්තේ පිරිමි සත්ත්වයින්ට පමණි. නමුත් සෑම පිරිමි සත්ත්වයෙක-ුටම දළ පිහිටා නැත. එලෙෆපාස් මක්සිමුස් නම් අසියානු අලි ඉන්දියාව, බුරුමය, ලංකාව, මලයාව, කාම්බෝජය සහ සුමාත‍්‍රාව වැනි රටවල දක්නට හැකිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ අලි යන උප විශේෂයට අයත්ය.
ශී‍්‍ර ලංකාවේ අලි

ශ්‍රී ලංකාවේ අලියා ආසියානු අලි අතරින් වැඩියෙන්ම බුද්ධිමත් අලියා ලෙස හඳුන්වයි, මොළයේ වර්ධනය වීමේ ධාරිතාවය ද වැඩිය, දිනකට කිලෝග‍්‍රෑම් 150ක පමණ ආහාර අවශ්‍ය වේ, උදේ සිට සවස් යාමය දක්වා ආහාර සොයා සංචාරය කරයි, දිනකට ජලය ලීටර් 80×160 දක්වා ප‍්‍රමාණයක් අවශ්‍ය වේ, ශ‍්‍රවණ ශක්තිය තියුණුය නමුත් පෙනීමේ මඳක් අඩුය. වයස අවුරුදු 8×9 පමණ වනවිට ගැහැණු සත්ත්වයින් පැටවුන් බිහිකරති. ගැබ් කාලය මාස 18×22 දක්වා වේ. පැටවු බිහි කරන්නේ අවුරුදු 3x4x6 කට වරකි. මෙය ගොඩබිම වසන සත්ත්වයින් අතර ඇති දීර්ඝතම ගැබ් කාලය ලෙස සැලකේ. වරකට එක් පැටියෙක් බිහිකරයි. නමුත් 1941 වර්සයේදී ශී‍්‍ර ලංකිවෙන් ගැහැණු පැටවුන් දෙදෙනකු උපන් බව වනජීවී තොරතුරු වල දැක්වේ. අලියෙකුගේ සාමාන්‍ය ජීවිත කාලය අවුරුදු 60×70 හෝ ඊට වැඩිය.
ශ්‍රී ලංකාවේ වල් අලි උප විශේෂ දෙකකි.
1-සෝමාවතී විල් අලි 2 -රුහුණු ගැටව් ය

ගැහැණු සතකු මවු පදවිය ලැබීම යනු අලි රංචුවක විශේෂ සිද්ධියකි. රංචුවේ අනිකුත් සාමාජිකයෝ මවු ඇතින්න කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වති. රැලේ සිටින කුමන දරුවෙකුට වුවද කිරි බීමට ඉඩ දීම අලි අම්මලාගේ සිරිතයි.
ප‍්‍රසිද්ධ -ඇත් සොහොන

අලි පිළිබඳව ජනවහරේ එන ප‍්‍රකට සංකල්පයක් ලෙස -ඇත් සොහොන හැඳින්විය හැකියි. මිය යන්නට ආසන්නව සිටින අලි ඇතුන් මහ වන මැද පිහිටි එක්තරා සොහොන් බිමකට යන බවත් එහිදී ඔවුන් මිය යන බවත් ජනවහරේ කියවේ.
තුන්පත් රැළ

තුන්පත් රැළ යනුවෙන් හැඳින්වෙන්නේ අලි පවුලේ මවත් පියාත් අලූත උපන් පැටවාත්ය. නමුත්් සත්ත්්වවේදීන් පවසන පරිදි තුන්පත් රැලෙහි සිටින්නේ අලි අම්මාත් ඇගේ කලින් පැටවා සහ අලූත උපන් පැටවාත්ය.
තනි අලියා

අලි හෝ ඇත් යන කාණ්ඩ දෙකේ ඉතා දරුණුම සතා හැටියට තනි අලියා හෝ ඇතා හැඳින්වේ. අලි රංචුවක මුරණ්ඩු අලියෙක් හෝ ඇතෙක් සිටී නම් ඔහුව රැලෙන් පටමන් කරයි. පිටමං කරනු ලබන අලියා හෝ ඇතා හෝ තනිවේ. මොහු තනිවීම නිසාම තව තවත් දරුණු වේ.
කම්මුල් තෙමීම – මද කිපීම

වැඩුණු අලි ඇතුන්ට කලින් කලට ඇතිවන තත්ත්වයකි. කපෝල ග‍්‍රන්ථි ඉදිමීම මඳ කිපීමේ ලක්ෂණයයි. මෙම ග‍්‍රන්ථියෙන් පිටවන තෙල් වැනි ද්‍රවයක් කම්මුල් දෙපසින් ගලා යයි. මද කිපුණු විටදී කලබල වීම හා දරුණු වීම දක්නට ලැබෙන ලක්ෂණයකි. මඳ කිපීම ආරම්භ වීමේදී හීලෑ අලි හෝ ඇත්තුන් වෙන්කර තැබේ. මඳ කිපීමත් සමගම පිරිමි සතා ගැහැණු සතා කෙරෙහි දැඩි ඇල්මක් ඇතිකර ගැනීම ස්වාභාවිකය.
ශරීර කොටස්
හොඬවැල

අලියාගේ් විශේෂම අංගය වන්නේ හොඬවැලයි. මුඛයත් පොළවත් අතර ඇති දුරස්ථ බව මගඇරී ඇත්තේ හොඬවැල නිසාය. ශක්තිමත් පේශීන් වලින් හොඬවැල නිර්්මාණය වි ඇත. ඒ හේතුව නිසා තමාට අවශ්‍ය ආකාරයට මේ අවයවය හැසිරවීමේ හැකියාව අලියාට ලැබී ඇත. ඉතා සියුම් ද්‍රව්‍යයක් සේම මහා පරිමාණයේ ද්‍රව්‍යයක්ද ග‍්‍රහණය කර ගැනීමේ සුවිශේෂ හැකියාව මෙම හොඬවැල සතුය.
දළ

දළ බවට පත්වෙන්නේ ඇතාගේ උඩ හනුවේ තිබෙන කෘන්තක දත් දෙපළයි. එම දත් දෙපළ ජානවල ක‍්‍රියාකාරිත්වය නිසා දළ බවට පත්වේ. ශ්‍රී ලංකාවේ පිරිමි සතුන්ගේ දළ පිහිටන්නේ 5%x8% අතර ප‍්‍රමාණයකටයි. ඇත් දළ වානිජ වටීනාකමක් සහිතය. මු¥, මාල, අත් පළදනා, වීසිතුරු භාණ්ඩ නිෂ්පාදන සඳහා යොදාගැනේ.
දත්

ජීවිත කාලය පුරාවටම මුඛයේ ඇතිවන්නේ දත් කුට්ටම් 6කි. එක් දත් කුට්ටමක් අවුරුදු 10ක් පමණ කාලයක් මුඛයේ පවතී. අවසාන දත් කුට්ටම එනම් 6 වැනි දත් කුට්ටම වැටී ගිය පසු ආහාර සැපීමට ඇඹරීමට නොහැකිව අලින් මියයන අවස්ථාද ඇත.

ඇස හා පාද

විශාල ශරීරයක් තිබුණද අලියාගේ ඇස් දෙක ඉතා කුඩාය. ශරීරය ඉතා විශාල නිසාත් ඇස් දෙක කුඩා නිසාත් ඉතා දියුණු පෙනුමක් නැත. අලින්ගේ පාද අනෙක් සතුන්ගේ පාදවලට වඩා වෙනස්ය. පතුල තද හා දැඩි ස්වභාවයක් ගනී. නමුත් යටි පතුළ ඉතා සංවේදී බවකින් යුක්තය.
කන

කන් ඇසීමේ හැකියාව අතින් අලියාට හිමිවන්නේ සුවිශේෂී තැනකි. කිලෝමීටර් 3×4 පමණ ඈතින් ඇසෙන යම් ශබ්ද පවා ඉතා හොඳින් ඇසීමේ ශක්තිය අලියාට ඇත. එමෙන්ම ශරීරයට දමන දහඩිය නිවා ගැනීමටද මේ විශාල කන් දෙකට හැකියාව ඇත.
ගජමුතු

ගජමුතු ඇතිවන්නේ ඇතාගේ දළ කෙළවරේය. කුහරක සහිත දළය ඇතුළත කෙළවරට යනවිට කුඩා වේ. මෙය තුළට දළයෙන් කොටසක් හෝ දතක කෑල්ලක් ඇතුල් විය හැකිය. අවුරුදු ගණනාවක් ගතවත්ම මෙම කැබැල්ල ක‍්‍රමයෙන් මට්ටම් වී රවුම් හැඩයක් ගනී. පසුව ඉතා වටිනා ගජමුතු බවට පත්වන්නේ මේවාය.
අලි භාෂාව

අලින් හැසිරවීම සඳහා අලින්ටම වෙන්වූ භාෂාවක්ද ඇත. දෙරි තෙත්තන් – අරගෙන පස්සට පලයං – අලියා දෙරි – ගනිං – අලියා හිඳ – නිදාගනිං – මොහො දහ – මේ පැත්තට වරෙං – අලියා පුරු – පෙරළන්න -අලියා දහ ඉඩ – අයින්වෙලා පලයං – අලියා පුරු උදරි – හොඬය උස්සා තල්ලූ කරපන් – අලියා හරුව – විසි කරපං – අලියා බිලමා – පාගපන් – අලියා පිචන් – නිකා හිටින් – අලියා දන – දන ගහපන් – අලියා දහ – යමං – අලියා හෝවා x නැවතියන් – අලියා බිල බිමල පුරු – කකුල උස්සපං
අලි කෙඳි

අලි කෙඳිවලට වෙළඳ පොළ තුළ විශාල ඉල්ලූමක් ඇත. අලි කෙඳි සහිත පළඳනා පැළඳීමෙන් ජීවිතයට වාසනාව ළඟාවන බවට ඇති විශ්වාසය මෙමයට හේතුවයි. මුදු හා අත් පළදානාවලට අලි කෙඳි භාවිත කරයි.
අතීතයේ අලි මිනිස්

සබඳතාව මිනිසා හා අලි ඇතුන් අතර ඇති සබඳතාව ශත වර්ෂ ගණනාවක් ඈතට දිවයයි. සංස්කෘතිය හා සාහිත්‍ය තුළ මෙම සත්වයාට සුවිශේෂ තැනක් හිමිවේ. අතීතයේ සිටම අලියන්ට රාජකීයත්වයෙන් සලකණු ලැබීය. රජු හා ප‍්‍රභූ පැලැන්තිය අලි ඇතුන් හිමිවීම ඉහළ සමාජ පිළිගැනීමක් සේ සැලකුවේය. හීලෑ අලි ඇතුන් විවිධ රටවල සංස්කෘතික චාරිත‍්‍ර ඉටුකිරීමට යොදා ගනී. ඒවගේම සංදර්ශන ආදියටත් විවිධ ආර්ථික කටයුතු වලටත් තවමත් අලියන් යොදා ගනී. බෞද්ධ බැතුමතුන්ගේ මුදුන් මල්කඩ ලෙෂ සැලකෙන ශී‍්‍ර ලංකාවේ දළදා කරඩුව වැඩමවීමටද යොදා ගන්නේ ඇතුන්ය.
වත්මන් අලි පරපුර

ඔවුන්ගේ නිජභූමි ආක‍්‍රමණය කිරීම වනාන්තර එළි පෙහෙළි කිරීම අලිමංකඩවල මිනිස් ජනාවාස ඇතිවීම නිසා කැලෑවට පමණක් සීමා වූ අලි මිනිස් ජනාවාස වෙත ඇදී ඒමට පෙළඹී ඇත. මෙවැනි කාරණා නිසා -අලි මිනිස් ගැටුම අද උග‍්‍ර සාමාජීය ප‍්‍රශ්නයක් වී ඇත. අද වනවිට මිනිසුන්ගේ ක‍්‍රියා කලාපය නිසා වසරකට අලි ඇතුන් 75×80 අතර ගණනක් මිය යති. වර්ෂ 1800 දී 25000කට වඩා වැඩි ගණනක් සිටි අලි 1900 දී එය 12000 දක්වාත් වර්ෂ 2000 දී 3500 දක්වා අඩුවී ඇත. මෙම අලි මිනිස් ගැටුමට පිළියම් නොයෙදුවොත් අපට ඉතිරි වන්නේ පින්නවල අලි අනාථාගාරයේ සිටින අලි පමණි.

No comments:

Post a Comment

මොනව හරි කියන්න

Me anantha rathriye