Monday, September 15, 2014

Sandawatha Ahasin FM Derana Seya Theme Song MG Dhanushka


රාත්‍රී නිදන ඇඳුම් - ලිව්වේ අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

විඩාබර දවසක නිමාව සනිටුහන් කරනුයේ රාත්‍රී සුවපහසු නින්දයි. මේ සඳහා සුදුසු පරිසරයක් වගේම සුදුසු රාත්‍රී ඇඳුමකිනුත් ගත සරසා ගතහොත් තමයි නින්දේ සැබෑ ආශ්වාදය ඔබට අත්විඳිය හැකි වනුයේ. තෝරා ගනු ලබන රාත්‍රී ඇඳුම දහවල් කාලයේ ඔබ අඳිනා අනෙකුත් සියලුම ඇඳුම්වලට වඩා විශේෂ විය යුතුයි. ඒ තරමටම මේ රාත්‍රී ඇඳුම ගැන අවධානයක් තිබීම වැදගත්. ඔබ දන්නවාද රාත්‍රියේ ඇඳගෙන සිටිනා ඇඳුම සෞඛ්‍යාරක්ෂිත විය යුතුයි. බාල මහලු, තරුණ යන මේ ඕනෑම අයෙක් රාත්‍රී නින්ද සඳහා වෙන්වූ ඇඳුමක් භාවිත කළ යුතුය. ඔබ මෙවැනි ඇඳුමක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කාරණා බොහෝයි.


රාත්‍රී නිදන ඇඳුම් සඳහා වඩාත් උසස් ප්‍රමිතියකින් යුතු රෙදි මිලදී ගන්න නම් දෙවැනි හරස් වීදියේ රතු පල්ලිය ඉදිරිපිට ඇති වෙළෙඳ සල් වඩාත් සුදුසුයි. ඉන් අනතුරුව ඔබ මේ ඇඳුම මසන්නේ ඔබට ද ඔබේ දරුවාට ද නැතිනම් මවට හෝ සොහොයුරියට ද යන්න තීරණයකර ඒ අනුව වයසට, සිරුරට ගැළපෙන රෙදි වර්ගය හා ප්‍රමාණය තෝරා ගන්න.

මේ දිනවල තරුණියන් වඩාත් ඇලුම් කරන රාත්‍රී නිදන ඇඳුමේ රෙදි වර්ගය වන්නේ රැන්ග්ලර් රෙද්දයි. එයත් වෙළෙඳපොළේ වර්ග කීපයක් වේ. මල්, ටෙඩි බෙයාර්, ඉලක්කම්, අක්ෂර, සංකේත ආදිය මුද්‍රිත රැන්ග්ලර් රෙදි A, B, C ලෙස වර්ග තුනක් යටතේ අලෙවි කෙරේ. A වර්ගයේ මීටරයක් රු. 135, Bවර්ගයේ මීටරයක් රු. 125 සහ C වර්ගයේ මුද්‍රිත රෙද්දෙන් මීටරයක් රු. 112 ක් වේ. මේවා අඟල් 45 සහ අඟල් 60 පළල ලෙසින් ලබා ගත හැකියි. නිල්, කහ, රෝස, දම්, තැඹිලි යන ඕනෑම වර්ණයකින් ද ඔබේ රුචිකත්වය අනුව වෙළෙඳපොළෙන් පහසුවෙන් ගන්නත් පුළුවන්.

තනි වර්ණයෙන් යුත් රැන්ග්ලර් රෙදි ද ප්‍රමිතිය අනුව A, B, C වශයෙන් කොටස් තුනකට වෙන් කෙරේ. ඒ අනුව A වර්ගයේ අඟල් 45 පළල රෙදි මීටරයක් රු. 60 කි. B වර්ගයේ අඟල් 45 පළල ලයිට් කලර් රෙදි මීටරයක් රු. 76 කි. C වර්ගයෙන් අඟල් 45 පළල රැන්ග්ලර් තනි පැහැති රෙදි මීටරයක් රු. 66 ක් වේ. මේවා අඟල් 60 පළලින් ද ලබාගත හැකියි.

රැන්ග්ලර් රෙදිවලට අමතරව පොලියෙස්ටර් (ටී ෂර්ට් මෙටීරියල්) රෙද්දෙන් ද රාත්‍රී ඇඳුම මසාගත හැකිවේ. ඒ සඳහා උනන්දු වන ඔබට අඟල් 60 පළල සුදු පැහැති පොලියෙස්ටර් රෙදි මීටර් එකක් රු. 135 කටත් තද වර්ණයන්ගෙන් රෙදි මීටර් එකක් රු. 147.50 කටත් ලබා ගන්න පුළුවන්. ඊළඟට P.C. රෙදි ද, එහි කපු 35% ද පොලියෙස්ටර් 65% ද වශයෙන් ඇත. ඒවා අඟල් 60 පළලින් සුදු පැහැති රෙදි මීටරයක් රු. 230 ක් වේ. නිල්, තැඹිලි, රෝස, කොළ රෙදි මීටර් එකක් රු. 245 ක් වේ. ලාකොස්ට් වර්ගයේ රෙදි කිලෝ වශයෙන් අලෙවි කෙරේ. කිලෝ එකක් රු. 900 ක් වේ.මේ අනුව ඔබට අවශ්‍ය ප්‍රමාණයට රාත්‍රී නිදන ඇඳුම සඳහා රෙදි තොග සහ සිල්ලර මිලට දැන් ඉතා පහසුවෙන්ම ලබා ගැනීමේ හැකියාව පවතී. ඔබ මෙම අලෙවිසල් වලටම නිදන ඇඳුම් මැසීම සඳහා ඇනවුම් ලබා දෙන්නේ නම් මසකට පෙර ලබා දිය යුතුයි. ඒ අනුව විවිධ විලාසිතා රැගත් මංගල දින රාත්‍රී නිදන ඇඳුම, කුඩා දියණියන් සඳහා, තරුණියන් සඳහා වගේම රෝගී වුවන් සඳහා ගැළපෙන නිදන ඇඳුම් සුව පහසු පරිදි මසාදීමට මෙම වෙළෙඳසල් හිමියෝ කටයුතු කරති.

විශේෂ ස්තුතිය – ‘Rado’ Enterprises හි මර්ජාන් අකීල්ට

ඡායාරූප - ශාන් ප්‍රභාත් රඹුක්වැල්ල

Wednesday, September 10, 2014

ජීවිතයකට පවුල් සැලසුම් ක්‍රම

ලිව්වේ චම්පිකා දීපානි රණසිංහ



ඇය ගැන ඔහුගේ සිත ආදරයෙන් බැඳුණු පසු ඇයගෙන් පිටවෙන සෑම වචනයක්ම (අණක් වුවත්) ඔහුට මිහිරි මීපැණි බඳුය. ඒ තෙපුල් ඔහුගේ දවස මෙහෙය වන්නේ ඉර හඳ වගෙයි. එහෙත් විවාහයෙන් පසු දෙදෙනාම එක් වී ගතයුතු තීරණවලදී පවා අණ දෙන නිලධාරියා වන්නේ ඔහුයි. පවුලට අවශ්‍ය දරුවන් ගණන තීරණය කිරීම තමන්ගේ අයිතියක් පමණක් කියා සිතන සැමියන් කොපමණ නම් සිටිනවාද?

එහෙත් එයින් අඳුරු වන්නේ දෙදෙනාගේ යුග ජීවිතයයි. වඩාත් අසරණ වන්නේ බිරියයි.නීති විරෝධී ගබ්සාවන් වැඩි ගණනක් සිදුකර ගන්නේ විවාහක කාන්තාවන්ය. සැලසුම් නො කළ ගැබ් ගැනීමක විත්තිකාරිය බිරිය බවට පත් කරන්නේ සැමියායි.

* මෙසේ වන්නේ ඇයි?

ගැබ් ගැනීමක් සිදු වන්නේ කෙසේද? කවර කාලයක එක්වීමක් එයට බලපාවිද? එවැනි ගැබ් ගැනීම් වළක්වා ගන්නේ කෙසේද? කියා විවාහක ජෝඩු වැඩි ගණනකට අවබෝධයක් නැත.

දරුවකු බලාපොරොත්තු නො වන අවස්ථාවකදී ගත යුතු පවුල් සැලසුම් ක්‍රම රාශියක් අද ඇත. පවුල් සංවිධාන ක්‍රමයක් භාවිත කළත්, නිවැරැදි උපදෙස් පිළිපදිමින් ඒ ක්‍රමය භාවිත නො කිරීම තවත් වරදකි. සමහරු භාවිත කරන්නේ තමන්ට ගැළපෙන ක්‍රම නො වෙයි.

* සැලසුම් නො කළ ගැබ් ගැනීමක් නිසා යුග දිවිය පඹ ගාලක පැටලෙයි.

දරුවා බිහි කිරීමට තීරණය කිරීම මෙහිදී යුවළකට ගතහැකි හොඳම තීරණයයි. එහෙත් වැඩි දෙනෙක් නීති විරෝධී ගබ්සාවන් කිරීමට පෙළඹෙති. මෙවැනි දරුවකු ඉපදුණත්, ඒ දරුවාට අනෙක් දරුවන්ට තරම් ආදරයක් මාපියන්ගෙන් නො ලැබෙන්නටත් ඉඩ ඇත.

සූදානමක් නොමැති ගැබ් ගැනීම මවගේ කායික, මානසික සෞඛ්‍යයට ඇති කරන්නේ යහපත් බලපෑමක් නො වෙයි. පියාගේ යහපත් මානසිකත්වයට වුණත් ඉන් වන්නේ අවැඩක්මයි.

* පවුලක් නිවැරැදි ලෙස සැලසුම්කර ගැනීමේ ප්‍රතිලාභ මොනවාද?

අනවශ්‍ය දරු පිළිසිඳ ගැනීම් වළක්වා ගැනීමට හැකි වීම.
දරුවන් අතර පරතරයක් තබා ගත හැකිවීම. මෙයින් මවගේත්, දරුවාගේත් සෞඛ්‍යයට සැලසෙන්නේ විශාල වාසියකි. දරුවාගේත්, මවගේත් පෝෂණය, සෞඛ්‍ය ඉහළ නැංවෙයි.
අඩු වයසින් ගැබ් ගැනීමත්, වැඩි වයසින් ගැබ් ගැනීමත් වළක්වාගත හැකියි. එයත් මව, දරුවා යන දෙදෙනාටම ලැබෙන විශාල සෞඛ්‍යමය වාසියකි.|
ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත පිළිකා සෑදීම අවම කරගත හැකි වීම.
අලුත උපන් සහ වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මරණ සංඛ්‍යාව අවම කරගත හැකි වීම.

* අවශ්‍යතාව මත ගැළපෙන පවුල් සැලසුම් ක්‍රමයක් තෝරා ගනිමු

පළමු දරු උපත ප්‍රමාද කිරීම සඳහා වඩාත් සුදුසු ගිලින පෙති හෝ කොන්ඩම්ය.
දරුවන් අතර පරතරය පවත්වා ගැනීම සඳහා ලූපය, හෝර්මෝන ක්‍රම, කොන්ඩම් ක්‍රම සුදුසුයි.
දරුවන් සංඛ්‍යාව සීමා කිරීමට ලූපය, හෝර්මෝන ක්‍රම, සැත්කම් ගැළපෙයි.
ස්වභාවික සහ සාම්ප්‍රදායික ක්‍රම කිසිසේත් විශ්වාසවන්ත නැත.

* පවුල් සැලසුම් සේවාවන් ලබා ගත හැකි ස්ථාන මොනවාද?

1. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සායන (එම් ඕ එච්)

2. පවුල් සෞඛ්‍ය කාර්යාංශය (ෆැමිලි හෙල්ත් බියුරෝ), 231, ද සේරම් පෙදෙස කොළඹ 10. දු. අං: 2681309, 2681311, 2696677

3. රජයේ රෝහල්වල පවත්වන පවුල් සංවිධාන සායන

* ප්‍රජනක සෞඛ්‍ය සායන / පවුල් සෞඛ්‍ය සායන

* පවුලේ වෛද්‍යවරයා

* පෞද්ගලික රෝහල්

* ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය දු: අං: 2554728, 2584153, 2584157

* තාවකාලික පවුල් සංවිධාන ක්‍රම මොනවාද?

කොන්ඩමය - සාර්ථක තාවකාලික පවුල් සංවිධාන ක්‍රමයකි. මෙයින් සරු බවට ද බලපෑමක් සිදු නොවෙයි. නිසි අන්දමට භාවිතයෙන් 97% කට වැඩි සාර්ථක්වයක් බලාපොරොත්තු වීමට පුළුවන.

මේ ක්‍රමයෙන් කායික සබඳතා මඟින් සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂාවක් සැලසෙයි.

අවශ්‍ය අවස්ථාවලදී පමණක් භාවිත කළ හැකියි.

ඇති විය හැකි එකම අතුරු ආබාධය මෙය නිපදවා ඇති රබර්, ලේටෙක්ස් හෝ එහි ලිහිසි ද්‍රව්‍යවලට කලාතුරකින් කෙනකු අසාත්මික විය හැකි වීමයි. එවිට වෙනත් කොන්ඩම් වර්ගයක් තෝරා ගැනීමට පුළුවන. දැන් සතුට වැඩි කරන කොන්ඩම් ද තිබේ.

මේවා ගබඩා කළ යුත්තේ හිරු එළියට නිරාවරණය නො වන පරිදි සිසිල් වියළි තැනකයි.

මිල දී ගැනීමට පෙර කල් ඉකුත්වන දිනය පරීක්ෂාකර බලන්න. භාවිතෙන් පසු දරුවන්ට, සතුන්ට, අනෙක් අයට අසු නොවන ලෙස වළලා දමන්න. එසේත් නැත්නම් පුළුස්සන්න.

කාන්තාවන්ට ද දැන් මේ උපත් පාලන ක්‍රමය භාවිත කළ හැකියි. පළමුවරට භාවිත කිරීමේදී පවුල් සෞඛ්‍ය නිලධාරිණියගෙන් උපදෙස් ලබා ගන්න.

*හෝර්මෝන ක්‍රම -

ගර්භණී භාවය වැළැක්වීමට යොදාගත හැකි හොඳම ක්‍රමයක්.



මේ අතරින් වඩාත් ජනප්‍රිය පවුල් සැලසුම් පෙතියි.

* උපත් පාලන පෙති ගැනීමෙන් සැලසෙන වාසි මොනවාද?

භාවිතයට පහසුයි. නැවත ඉක්මනින් සරු භාවයට පත්විය හැකියි.

උපත් පාලනයට අමතරව සැලසෙන තවත් වාසියක් තිබේ. ඒ පියයුරු ඇතුළු ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත පිළිකා සෑදීමේ ඉඩකඩ අවම වීමයි. ආරක්ෂාවක් සැලසීමයි.

හෝර්මෝන පෙති ඔසප් වීම ඇරැඹුණු පළමු දිනයේදීම ගැනීම වඩාත් සුදුසුයි. එසේත් නැත්නම් ඔසප් වීම ඇරැඹී පළමු දින පහ ඇතුළත පළමු පෙත්ත ගත යුතුයි.

ගැබ් ගෙන නැති බව තහවුරු කරගෙන පෙති ගැනීම ඇරැඹීමටත් පුළුවන.

පෙති ගත් පළමු දිනයේ සිට දින 7 ක් යනතුරු සම්බන්ධයකදී කොන්ඩමයක් භාවිත කිරීම වඩාත් සුදුසුයි.

විවාහ වූ සැනින්ම දරුවකු පිළිසිඳ ගන්නවාට අකැමැති නම් විවාහයට මාසයකට හෝ මාස දෙකකට පෙර සිට පෙති ගන්න. දරු ප්‍රසූතියට පසු මවුකිරි දෙන මවක් නම් දරුවාට මාස හයක් පිරුණු පසු යළි පෙති ගැනීම ඇරැඹිය හැකියි. (එන්නත් ගන්නා කාන්තාවන්ට ද එන්නත් ගැනීම මෙසේම සිදු කිරීමට පුළුවන්).

උපත් පාලන හෝර්මෝන එන්නත් භාවිතකළ කාන්තාවක හෝ ගර්භාෂය තුළ තැන්පත් කරන ලූපයක් භාවිත කළ කාන්තාවක නම් ඔසප් වීම ඇරැඹී පළමු දින පහ ඇතුළතදී පෙති ගැනීම අරඹන්න.

මෙහි සාර්ථක භාවය 99.99% ක්.

* උපත් පාලන පෙති අවිවාහක තරුණියන්ට ද වෛද්‍යවරයා නිර්දේශ කරන අවස්ථා තිබේ.

ඒ ඔසප් වීමේදී අධික ලෙස රුධිර වහනය වනවා නම්, ඔසප් චක්‍රය අක්‍රමවත් නම්, ඒ කාලයේදී අධික උදර වේදනාවක් ඇති වෙනවා නම්, ඔසප් වීම ප්‍රමාද කිරීමට අවශ්‍ය නම් උපත් පාලන පෙති ලබා දෙයි.

ඔසප් ආසන්නයේදී ඇතිවන සාමාන්‍ය ශාරීරික අපහසුතා, කුරුලෑ හටගැනීම මේ පෙති ගැනීමේදී අඩු වේ.

* දරුවකු අවශ්‍ය නම් . . .

උපත් පාලන පෙති ගැනීම නවත්වා මාස තුනකට පමණ පසු යළි සුපුරුදු පරිදි සරු කාලය උදා වෙයි. එනම් මාස තුනකට පමණ පසු යළි ගැබ්ගත හැකියි.

* අතුරු ආබාධ තිබෙනවාද?

සිරුරට හානි නො වන තාවකාලික ගැටලු ඇතැම් කාන්තාවන්ට ඇති විය හැකියිි. ඒවා පෙති ගැනීම අරඹා මාසයකට, දෙකකට පසුව නැති වී යයි.

ඔක්කාරය, වමනය, හිසරදය, කරකැවිල්ල, පියයුරුවල වේදනාව, ඔසප්වීම් අතරතුර මඳ වශයෙන් සිදුවන රුධිර වහනය එම අතුරු ආබාධයි.

* පවුල් සැලසුම් එන්නතෙන් ලැබෙනවාසි මොනවාද?

මෙය ඉතා සාර්ථක ක්‍රමයකි. ආර්තවහරණය සිදුවනතුරු වුණත් ආරක්ෂිතව භාවිතකළ හැකියි. භාවිත කළ යුතු වන්නේ මාස 3 කට වරක් පමණයි. මිලෙන් අඩු පහසුවෙන් ලබා ගත හැකි ක්‍රමයකි.

පවුල් සැලසුම් එන්නතෙහි අඩංගුව ඇත්තේ ප්‍රොජෙස්ටරොන් හෝර්මෝනයයි. එන්නත් කරනු ලබන මාංස පේශියේ සිට ක්‍රමයෙන් ටිකින් ටික රුධිරයට හෝර්මෝනය නිකුත් කරනු ලැබේ.

මෙයින් ද උපත් පාලන පෙතිවලින් කෙරෙන දේම සිදු වෙයි.

* එන්නත් ගැනීම ආරම්භ කළ යුත්තේ කවදා ද?

ඔසප් වීම ඇරැඹී පළමු දින 7 ඇතුළත ඇරැඹීම වඩාත් සුදුසුයි.

සේත් නැත්නම් උපත් පාලන පෙති ගැනීම අරඹන පරිදිම, එන්නත් ගැනීම ද ආරම්භ කළ හැකියි.

* වෙනත් පවුල් සැලසුම් ක්‍රමයක්භාවිතකර එන්නත් භාවිතයට යොමු වනවා නම් . . .

උපත් පාලන පෙති ගත්තා නම් ඕනෑම අවස්ථාවක එන්නත් ලබා ගැනීමට පුළුවන්. පෙති පැකැට්ටුව ගෙන අවසන් වූ පසු ලබා ගැනීම වඩාත් සුදුසුයි.

සම යට තැන්පත් කරන හෝර්මෝන කරල් භාවිත කළේ නම්, ඒත් ඕනෑම අවස්ථාවක එන්නත් ගතහැකියි.

ගර්භාෂය තුළ තැන්පත් කරන ලූපයක් භාවිත කළේ නම් ඔසප් වීම ඇරැඹී පළමු දින 5 තුළ ලබා ගත යුතුයි.

* එන්නත ලබා ගත යුත්තේ . . .

මාස තුනකට (දින 90 කට) වරක්. එන්නත ලබා ගත් පසු එම තැන සම්භාහනය කිරීමෙන් වළකින්න. මෙහි සාර්ථක භාවය 99.97% කි.

* නියමිත දිනට එන්නත ලබා ගැනීමටනො හැකි වූවා නම් . .

නියමිත දිනය පසු වී සති 4 ක් ගතවන තුරු එන්නත ලබා ගැනීමට පුළුවන. එහෙත් උපත් පාලන ක්‍රියාවලිය අසාර්ථක වීම වැළැක්වීම සඳහා සෑම දින 90 කට වරක්ම එන්නත ලබා දෙන්න.

සති හතරකට වඩා පමා වුණොත් ඉදිරි දින හත තුළ කොන්ඩමයක් භාවිත කරන්න. එසේ නැත්නම් අනාරක්ෂිත, හදිසි සබඳතාවකදී ගත යුතු පෙති ගන්න.

* නැවත සරු භාවය ලබා ගත හැකි කාලය . . .

එන්නත නතර කර නැවත ගැබ් ගැනීමට ගතවන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වේ. සාමාන්‍යයෙන් එන්නත නතරකර මාස 7 – 12 ක් වැනි කාලයකදී යළි ගැබ් ගත හැකියි.

* අතුරු ආබාධ මොනවාද?

ඔසප් චක්‍රය අක්‍රමවත්වීම (ඔසප් නතර වීම, බින්දු වශයෙන් රුධිර වහනය, අක්‍රමවත් රුධිර වහනය හෝ

කලාතුරකින් රුධිර වහනය වැඩි වීම වැනි), ආහාර රුචිය වැඩි වී සිරුරේ බර වැඩි වීම, හිසරදය, කරකැවිල්ල, මඳ වශයෙන් ඇතිවන පියයුරු වේදනාව හෝ විශාල වීම.

* එන්නත වඩා සුදුසු වන්නේ කාට ද?

* කිරි දෙන මවුරුන්.

* දරුවන් අවශ්‍ය ගණන සිටින හෝ දරුවන් ගණන සීමා කිරීමට අවශ්‍ය මවුවරුන්ට.

* දරුවන් අතර නිසි පරතරයක් ඇතිකර ගැනීමට බලාපොරොත්තු වන මවුවරුන්ට.

* ඊස්ට්‍රජන් හෝර්මෝන භාවිතය නුසුදුසු කාන්තාවන්ට.

* එන්නත් භාවිතයෙන් බලපෑමක් සිදු විය හැකි රෝගී තත්ත්වයන් නොමැති වයස අවුරුදු 50 ට අඩු ඕනෑම කාන්තාවන්ට.



* සම යට තැන්පත් කරන හෝර්මෝන කරල්

මේ දිගුකාලීන ක්‍රියාකාරිත්වයක් සහිත ප්‍රොජෙස්ටරෝන් පමණක් අඩංගු පවුල් සැලසුම් ක්‍රමයකි. විවිධ වෙළෙඳ නාමවලින් කරල් වර්ග ඇති අතර ඒවායේ ක්‍රියාකාරී කාලය වර්ගය අනුව වෙනස්වේ.

ඔසප් වීම ඇරැඹී ඇත්නම් පළමු සතියේදී හෝ කිරි දීම අරඹා සති හයකට පසුව හෝ මාස තුනට පසු ගබ්සාවක් වී ඇත්නම් පළමු සතියේ ද, ඊට වැඩි



මාස ගණනකදී ගබ්සා වී ඇත්නම් සති හතරකට පසුව ද හෝර්මෝන කරල් තැන්පත් කළ හැකියි. උපත් පාලන පෙති භාවිත කළා නම් ඕනෑම අවස්ථාවක ද, පවුල් සැලසුම් එන්නත් භාවිත කළේ නම් අවසාන එන්නත් කිරීමේ දින සිට දින 90 ක් ඇතුළත ද, ලූපයක් භාවිත කළේ නම්, ඔසප් වීම ඇරැඹී පළමු දින පහ ඇතුළත ද හෝර්මෝන කරල් තැන්පත් කිරීමට පුළුවන.

හෝර්මෝන කරල් 99.9% ක් සාර්ථකය. ඔසප් වී පළමු දින පහ ඇතුළත තැන්පත් කිරීමෙන් ඉතා ඉක්මනින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.

මේ කරල් පුහුණුවලත් පුද්ගලයකුට කියා විසබීජහරණය කළ පරිසරයකදී තැන්පත් කළ යුතුයි. තැන්පතුව ඉවත් කළ වහාම යළි සුපුරුදු පරිදි සරු බව ලැබේ.

වයසින් වැඩි කාන්තාවකට පවා මේ ක්‍රමය සුදුසුයි. හෘද කපාට ආශ්‍රිත රෝගී තත්ත්ව ඇති අයටත් තැන්පතු ක්‍රමය ගැළපෙයි. කරල් තැන්පත් කිරීම නිසා ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, හිසරදය, කරකැවිල්ල, ආහාර රුචිය වැඩි වීම, සිරුරේ බර වැඩි වීම වැනි අතුරු ආබාධ ද ඇතිවීමට පු‍්‍රළුවන.

ගර්භාෂය තුළ තැන්පත් කරන ලූපය

ලූපය ඔසප් වී පළමු දින 12 ඇතුළත තැන්පත් කළ හැකිය. දරු ප්‍රසූතියට පසු හෝ ගබ්සාවකින් පසු ලූපයක් භාවිත කරනවා නම් ප්‍රසූතියෙන් සති හතරකට පසු තැන්පත් කරන්න. වෙනත් පවුල් සැලසුම් ක්‍රමයක් භාවිත කළ කෙනකුට පවා පසුව මේ ක්‍රමය භාවිත කළ හැකියි. පුරා දස වසරක් ගැබ් නොගෙන සිටීමට මේ ක්‍රමය කදිමයි.



ලූපය ඉවත් කළ වහාම යළිත් සරු කාලය උදා වෙයි. සිරුරේ හෝර්මෝනවලට බල නොපාන නිසා කිරි දෙන මවුවරුන්ට ලූපය අපූරුවට ගැළපෙයි.

ගර්භාෂය තුළ ලූපය තැන්පත් කළ මුල් පැය 24 – 28 දී උදරය මිරිකනවාක් වැනි වේදනාවක් ඇති වීම ස්වභාවිකය.

මුල් සති 3 – 4 දී යෝනි මඟින් සුළු වශයෙන් රුධිරය පිට වීමට ඉඩ තිබේ. සමහරුන්ට ඔසප් වීමේදී අසාමාන්‍ය ලෙස රුධිරය පිට වීමට ද පුළුවන.

මිරේනා ගර්භාෂයේ තැන්පත් කරන ලූපය වැනි තවත් උපකරණයකි. මෙයත් පුහුණුවලත් සෞඛ්‍ය නිලධාරියකු විසින් තැන්පත් කළ යුත්තකි. මේ තැන්පතුව නිසා පස් වසරක් ගැබ් නොගෙන සිටිය හැකියි. ආර්තවයේදී අධික රුධිර වහනයක් සිදුවන, නීරක්තියට ගොදුරුවීමේ අවදානමක් ඇති අයට මේ ක්‍රමය කදිමට ගැළපෙයි.

ස්ථිර උපත් පාලන ක්‍රමය

දරු පවුල සම්පූර්ණ නම්, තවදුරටත් දරුවන් අනවශ්‍ය නම් ස්ථිර උපත් පාලන ක්‍රමයකට යොමු විය හැකිය. දරුවා බිහිකර පළමු පැය 48 දී කාන්තාවට ස්ථිර උපත් පාලනය සඳහා සැත්කම කිරීමට පුළුවන.

දරු උපතින් සතියකට, සති අටකට පසුව ද සැත්කම් කළ හැකිය.

සාමාන්‍ය කාන්තාවකට ඔසප් වී පළමු දින හතක් තුළ ද සැත්කම කිරීමට පුළුවන. එන්නත් හැර වෙනත් ඕනෑම ක්‍රමයක් භාවිත කළ කතකට ඕනෑම අවස්ථාවක වඳ සැත්කමට යොමු විය හැකියි.

එන්නත ගත්තේ නම් අවසන් එන්නතේ සිට දින 90 කදී සැත්කම කිරීමට පුළුවන.

පිරිමියකු වඳ සැත්කමකර මාස 3 ක් යනතුරු උපත් පාලන ක්‍රමයක් භාවිත කළ යුතුයි. වඳ



සැත්කම සාර්ථකදැයි බැලීමට මාස 3 කට පසු ශුක්‍ර තරලය පරීක්ෂා කිරීම අනිවාර්යයෙන් කළ යුතුයි.

අනපේක්ෂිත ගැබ් ගැනීම්වලින් රැකගන්නට

නොසිතූ මොහොතක ඇතිවන සබඳතාවකදී ගැබ් ගැනීමක් සිදු නොවීමට නම් පොස්ටිනෝ පෙති ගත යුතුයි. මේ දිගට ගත යුතු උපත් පාලන ක්‍රමයක් නොවෙයි. අනපේක්ෂිත අවස්ථාවලදී පමණක් ගත යුතු පෙති වර්ගයකි.

පළමු පෙති මාත්‍රාව ගෙන පැය 12 කට පසු දෙවැනි පෙති මාත්‍රාව ගත යුතුයි. අවශ්‍ය නම් ඖෂධ මාත්‍රා දෙකම එකවර ලබා ගැනීමට පුළුවන.

* ස්වභාවික උපත් පාලන ක්‍රම අවදානමය. ක්‍රමානුකූල ආර්තව චක්‍රයකදී වුවත් දරුවන් අනවශ්‍ය නම් උපත් පාලන ක්‍රමයක් භාවිත කළ යුතුයි. බර, වයස, ආතතිය, ඖෂධ ආදී විවිධ හේතුන් නිසා අපේ හොර්මෝන වෙනස්වන නිසා ස්වභාවික ක්‍රම ගැන විශ්වාසය තැබීම අනුවණකමකි. කිරි දීමෙන් දරුවකු පිළිසිඳ ගැනීමක් සිදු නොවෙයි කියා සිතුවොත් එයත් වැරැදිය.

උපදෙස් - පවුල් සංවිධාන සංගමයෙන්

Tuesday, September 9, 2014

පියයුරුවලින් සමාජ සේවයක්

මේ වෙනකොට ලෝකය පුරාම ඉවක් බවක් නැතිව පැතිරිලා යන රෝගයක් තමයි ඒඩ්ස් කියන්නේ. ඒත් ඉතින් මොනවා කරන්නද තවමත් මේකට බෙහෙතක් කාරිය හරිහැටි සොයාගෙන නෑනේ. අපිටත් ඉතින් ඒකට කරන්න දෙයක් නෑ. මොකද අපි බෙහෙත් හදන්න දන්නෙ නෑනේ. අපිට ඉතින් ඒකට කරන්න පුළුවන් වෙන්නේ මොන විදියේ හරි අපිට පුළුවන් ආකාරයට සමාජ මෙහෙවරක් කරන එක තමයි.
අන්න ඒ කරුණම මූලික කරගෙන ජපානයේ පිරිසකුත් ඒඩ්ස් මර්දන ව්‍යාපාරයට ආධාර මුදල් එකතු කරන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි මේකට මූලිකත්වය අරගෙන තියෙන්නේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවලට රඟපාන නිළියන් පිරිසක්. ජපානයේ රූපවාහිනි නාළිකාවක් සහාය කරගෙන තමයි මේක පවත්වලා තියෙන්නේ. එක්තරා ස්ථානයක් තෝරාගෙන නිළියන් නවදෙනෙක් රඳවා ඔවුන්ගේ පියයුරු අල්ලා එයින් ඔවුන් ලබන මුදලින් තමයි මේ අරමුදල ශක්තිමත් කරන්නේ. මේ කටයුත්ත නිසා විශාල මුදලක් එකතු වුණ බවත් මේ සම්බන්ධ පුවත්වල දැක්වෙනවා.
ඔන්න ඉතින් මෙයින් පස්සේ එක් නිළියක් කියාලා තියෙන්නේ පියයුරුවලින් සමාජ සේවයක් කළ හැකි බව තමන් කිසිදා නොසිතූ බවයි.
කොහොම කොහොම හරි කමක් නෑ ඒඩ්ස් මඩින්න හොයාගන්න ක්‍රමෙන් තවත් රෝගීන් වැඩි නොවුණොත් නම් ලොකු දෙයක්.

Friday, September 5, 2014

මුදලට ගන්න බැරි දේවල් 5ක් - හංසි ආටිගල

සල්ලි කියන්නේ අපේ ජීවිතයට අත්‍යවශ්‍ය වටිනා දෙයක්. නමුත් සමහර දේවල් තිබෙනවා මොනතරම් මුදල් තිබුණත් ඒවා මිලට ගන්න බැහැ.

01. සෞඛ්‍යය
හුඟක් සල්ලි තිබෙන මිනිසුන්ට සතුට කියන දේ නැහැ. එයට හේතුව ඔවුන් බොහෝ විට යම් නිදන්ගත රෝගයකින් පෙළීමයි. සල්ලි මොනතරම් තිබුණත් හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට සල්ලිවලින් කිසිම උදව්වක් ගන්න බැහැ. ලෙඩ වුණාම බෙහෙත් ගන්න සල්ලි ඕන වෙනවා. ඒත් ඔබ රෝගී නොවී සදාකල් නිරෝගී කරන්න සල්ලිවලට බැහැ.

02. පවුල
හොඳ පවුල් ජීවිතයක් මිලට ගන්න බැහැ. මොනතරම් මුදල් තිබුණත් සතුටක් නැති පවුල් මොනතරම් ඉන්නවාද? පවුලක යහපැවැත්මට අනේ‍යාන්‍ය සම්බන්ධතාව අත්‍යවශ්‍යයි. ඒ ලක්ෂණය තියෙනවා නම් මුදල් නැතත් හොඳ පවුලක් විදියට ජීවත් වෙන්න පුළුවන්.

03. දරුවන්
පවුලක සතුට තියෙන්නේ දරුවන් තුළ. මුදල් තිබිලත් දරු සම්පත නැතිව කනගාටුවෙන් ඉන්න මවුපියන් ඕනෑ තරම් ඉන්නවා. ඒ වාගේම දරුවන්ට සමීප වෙන්න වෙලාවක් නැති මවුපියනුත් දකින්න පුළුවන්. ඒ මුදල් සොයන්නම වෙහෙසෙන නිසා. නමුත් මවුපියන් තේරුම් ගන්න ඕන මුදල්වලට වඩා දරුවන් වටිනවා කියන කරුණ.

04. යහළුවන්
මුදල් මොනතරම් තිබුණත්, ආශ්‍රය කරන්න, දුක සැප බෙදා ගන්න යාළුවෙක් නැත්නම් වැඩක් නැහැ. සමහර අයට මුදල් හොයන්න රේස් එකට වැටුණම තමන්ගේ කියන අය අමතක වෙනවා. ඒ නිසා මුදල් පසුපස හඹායන එක නවත්වලා මුදලට ගන්න බැරි මිත්‍රත්වය ගැන හිතන්න පුළුවන්නම් හොඳයි.

05. ආදරය
ජීවිතයට ආදරය අවශ්‍යයි. මවගේ ආදරය, පෙම්වතාගේ, පෙම්වතියගේ ආදරය, විවාහක යුවළ අතරේ ඇතිවන ආදරය, දරුවන්ගෙන් ලැබෙන ආදරය ආදී වශයෙන් ආදරය විවිධයි. නමුත් ඒ ආදරය මුදලට ගන්න බැහැ. ඔබ කෝටිපතියෙක් වුණත් හැඟීම් දැනීම් මුදලට ගන්න පුළුවන්කමක් නැහැ. ඔබ සල්ලිකාරයෙක් වුණත් ආදරය දුරයි නම් ඒ ජීවිතයෙන් පලක් නැහැ.
හංසි ආටිගල

Thursday, September 4, 2014

නගරයක් පාච්චල් කළ කෙල්ල හිරේට?

නගරයක් සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් තම සමාජ ජාල වෙබ් අඩවි ගිණුමේ පළකිරීමේ වරදට නීති ශිෂ්‍යාවක් අවුරුදු 6 කට සිරගත කිරීමට ඉන්දුනීසියා බළධාරීන් සැරසේ.

මෙම ශිෂ්‍යාව ඉන්දුනීසියාවේ ජොග්ජා නගරයේ ඉන්ධන පිරවුම්හලකින් තම මෝටර් රථයට ඉන්ධන ලබාගැනීමට පැමිණ සිටියදී ඇයට සේවය ලබාදීම එම පිරවුම්හලෙන් ප්‍රතික්ෂේප කර ඇත.

මෙයින් උරණ වූ ඇය සිදුකර ඇත්තේ තමන්ට සිදුවූ අබග්ගය පිළිඹද කෙටි වීඩියෝවක් පටිගත කර එය තම සමාජ ජාල වෙබ් අඩවි ගිණුම් වලට එක් කිරීමයි.

‘‘ජොග්ජා මහ කමකට නැති නගරයක්.කවුරුවත් මෙහෙට එන්න එපා‘‘ලෙසද ඇය එම වෙබ් අඩවි වල ප්‍රකාශයක්ද සටහන් කර තිබේ.

ඇය නොසිතූ පරිදි ඇයගේ ප්‍රකාශයට හා වීඩියෝවට දැඩි විරෝධයක් පළව ඇත.

එයිනුත් නොනැවතුනු ඇතැමුන් කර ඇත්තේ මේ පිළිඹද ජොග්ජා පොලිසිය දැනුම්වත් කිරීමයි.ලැබෙන පැමිණිලි ගණන ක්‍රමක්‍රමයෙන් වැඩි වූ හෙයින් පොලිසිය අවසානයේ මෙම ශිෂ්‍යාව අත්අඩංගුවට ගෙන ඇත.

ඇයට එරෙහිව සිතාමතා අපහාස කිරීම හා නින්දාවට පත්කිරීම යන චෝදනාව යටතේ නඩු පැවැරීමට යන බව සදහන්ය.වැරදිකාරිය බවට ඔප්පු වුවහොත් ඇයට අවුරුදු 6 ක සිරදඩුවමකට යටත්වීමට සිදුවනු ඇත.

නඩු විභාගයට පූර්වයෙන් ඇය නිදහස් කිරීමට පොලිසිය කටයුතු කර තිබෙන අතර ඇයගේ නීතිඥයා පවසන්නේ මෙය ඉතා අයුක්තිසහගත තීරණයක් බවයි
.

Wednesday, September 3, 2014

වාරියපොළ රොබට්

වාරියපොළ නගරයේදී තිළිණි අමල්කා (22) නම් තිස්සව තරුණියට අයුතු බලපෑම් කළැයි ඇගෙන් කම්මුල් පහරකා රිමාන්ඩ් භාරයේ සිටි වාරියපොළ රොබට් චන්ද්‍රකුමාර්(30) පෞද්ගලික ඇප මත මුදාහරින ලෙස වාරියපොළ ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.කේ.එන්.පටබැඳි මහතා අද(03) නියෝග කළේය.

අමල්කා ද ඇගේ යෙහෙළියෝ ද අද(03) උසාවි පැමිණ සිටියහ.

ලස්සන කරන දොස්තරට ඇප

( ඩිල්ෂාන් මඩවල ) 2014-09-03 11:27:18

වෛද්‍යවරියකට මරු කැඳවු බම්බලපිටිය විශාඛා පාරේ රූපලාවන්‍යාගාරය පවත්වා ගෙන ගිය වෛද්‍ය නිමල් ගමගේ මහතා අද ඇප මත මුදා හැරුණා. ඒ, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ඒ.එම් සහබ්දීන් මහතා ලබා දුන් නියෝගයක් අනුවයි.
නියම කෙරුණු මුදල් ඇපය රුපියල් 50,000ක් වුණා. ඊට අමතරව රුපියල් ලක්‍ෂ 05 බැගින් වු ශරීර ඇප දෙකක් ද නියම කෙරුණු බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පවසන්නේ.
වෛද්‍ය නිමල් ගමගේ මහතාගේ විදේශ ගමන් බලපත‍්‍රය අධීකරණය භාරයේ තැබීමට ද මෙහිදී නියෝග කෙරුණා. මිය ගිය වෛද්‍යවරිය 47 වැනි වියේ පසුවු තැනැත්තියක්.
පැහැපත් බව වැඩිකර ගැනීම සඳහා ඇය අදාල රූපලාවන්‍යාගාරයට පැමිණ තිබුණා. මරණය සිදුවුයේ වෛද්‍ය නිමල් ගමගේ මහතා විසින් ඇයට කිසියම් එන්නතක් ලබාදී පැයක් පමණ ඇතුලතයි.

Tuesday, September 2, 2014

Ice Bucket Challenge - Marvin Silva- (Gossiplanka Post)

u¾úka is,ajd whsia nlÜ tlska u,aIdj kdj,d

wo weu;sjrhdf.a udOH wxYh udOH fj; ksl=;a l< ksfõokhlska lshd isákafka ,xldfõ msmdis;hska .ek is;d weu;s;=ud fuu wNsfhda.h m%;slafIam lrk njhs'
tu ksfõokh my; mßÈh'
—fhda .s,dxkdWmÜG;s - fhdauxWmÜG;sZZhk nqoaO jpkhg wkqj hñka  .s,kqka g Wmia:dkhlsrsu ;uka g Wmia:dk lsrsug iudk nj ;:d.hka jykafia foaYkdlr we;'
wefursldkq Pd;slf.da,a*a l%Svlfhl= iakdhq wdndOfhka fmf,k frda.ska fjkqfjka wdOdr uqo,la wdrïN lsrsu whsia nlÜ pef,akaÊ úfkdaod;aul l%svdjla u.ska uqo,a ,nd .eksug Pq,sui 15 jk osklghq;= lr we;' fuh oïje,la wdldrhg tlawfhl= ;sfofkl= iïnkaOlr .kakd njlafmfka' ta wkqj niakdysr mලාත් සභා uka;%SkS u,aId l=udrK;=x. fufkúh o udf.a kuo Bg iïnkaOlr.eksu ms

Tjqkg mdksh P, fnda;,a ,ndosug udúiska hïlsis m%udKhlg lghq;= l, w;r ;ukag yelsmuKska Bg odhl;ajh ,ndfok fuka ud ish,qfokdgu werhqï lrkafkñ'
rkarsos uq;= ueKsla fldf;la ;snqK o id msmdfihka fmfWmkaorejd—fPdafPdaZZlshdb,a,kafk o ñhhkúg wka;su yqiau fy,kak m,uqj uqj újrlrkqfhao j;=r állab,a,Sugh'
fï ksid ñ, l, fkdyelsP,h ;rï jákd සම්පතක් නැත' mdksh P, m%Yakh úiÿk miq wNsfhda.h hïflfkl= Ndr .;a; o fuysos P,h whsialsrsug wjYH jkakdjQ úÿ,sh msbkahym;a m%;sM,hla ,nd .; yelsw;r Bg odhljqjkag o wysxil i;=gla ,eìh yels nj uu úYajdi lrñ'

පට්ට Comments



http://pattacomments.blogspot.com/

ඕං ගිහිල්ල බලාපංකො 

කොහොමද කියල.

Boeing Black ස්මාට්ෆෝන්


ඔබත් රට වෙනුවෙන් රහසේ ක්‍රියාත්මක වන ඔත්තුක‍රුවෙකු, නැතිනම් විශේෂ ආරක්ෂක ඒජන්සියකට අනුයුක්ත නියෝජිතයෙකු යැයි සිතමු. සාමාන්‍යයෙන් ජේම්ස් බොන්ඩ් වර්ගයේ චිත්‍රපටයකදී නම් ඔබට සන්නිවේදනය සඳහා අතිනවීන මෙවලම් භාවිත කිරීමට ලැබුණත්, සැබෑ ජීවිතයේදී එය එලෙසින්ම සිදුනොවේ. කෙසේ වුවත් ඉහත සඳහන් කළ ආකාරයේ වෘත්තියක පසුවන ඔබට සාමාන්‍ය ආකාරයේ ස්මාට්ෆෝනයකින් ඔබගේ වෘත්තියට අදාළ සංවේදී තොරතු‍රු, දත්ත හුවමා‍රු කරගැනීමට, සන්නිවේදන කටයුතුවල යෙදීමට නොහැකි බවද අමුතුවෙන් කිවයුතු නොවේ. මෙම හඳුන්වාදෙන Boeing Black ස්මාට්ෆෝනය පැමිණෙන්නේ එම ගැටලුවට විසඳුමක් ලෙසටයි.

දළ ආකෘතියේ සිටම සංවේදී දත්ත ආරක්ෂා කිරීම සහ ආරක්ෂිත සන්නිවේදන හැකියාවන් තහවු‍රු කිරීම මූලික අවශ්‍යතාව ලෙස සලකමින් නිර්මාණය වී ඇති මෙම Boeing Black ස්මාට්ෆෝනය සෑමවිටම ඒ හරහා පසුවන දත්ත කේතනය කරන අතර, එහි දත්ත ගබඩාවන්ද විශේෂයෙන්ම කිසිවෙකුට පිවිසිය නොහැකි ලෙසින් සංකීර්ණ ඇල්ගොරිදමයන් භාවිත කරමින් ආරක්ෂා කිරීමට මූලිකත්වය ලබාදෙයි. එසේම දෘඩාංග මත පදනම් ක්‍රිප්ටෝ එන්ජින් පද්ධතියේම ස්ථාපිත ආරක්ෂණ උපක්‍රම, ආරක්ෂිත පණගැන්වීම් මෙහි පිහි‍ටුවා ඇති අතර, අතිවිශේෂිත ලෙසින් ආරක්ෂක උපක්‍රම දියුණු කළ ඇන්ඩ්‍රොයිඩ් විශේෂ සංස්කරණයක් මෙහි මෙහෙයුම් පද්ධතිය ලෙසින් ක්‍රියාත්මක වේ.

මෙහි අඟල් 4.3 ක තිරයක් ඇති අතර, dual-core 1.2GHz ප්‍රොසෙසරයකින් බලගැන්වේ. එසේම LTE ඇතුළු වෙනත් ඕනෑම දියුණු ස්මාට්ෆෝනයක ඇති සම්මත දත්ත හුවමා‍රු තාක්ෂණයන්ද මෙහි තිබේ. ජේම්ස් බොන්ඩ් වර්ගයේ ස්මාට්ෆෝනයක් ලෙසින් සලකන විට මෙහි දෘඩාංග ශක්‍යතා මඳ බවක් ඔබට සිතෙන්නට හැකි වුවත්, සැබැවින්ම මෙම ස්මාට්ෆෝනය භාවිතයේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ ඉහළ ග්‍රැ‍ෆික් නිර්මාණ ඇති ක්‍රීඩා භාවිතය නොව ආරක්ෂිත සන්නිවේදනය හා සබැඳි යෙදුම් බව මෙහිදී සිහිපත් කළ යුතුය.

මෙහි ද්විත්ව සිම්පත් යෙදීමේ හැකියාවක් තිබේ. එසේම මෙහි බයෝමෙට්‍රික් සංවේදකයක් නැතිනම් චන්ද්‍රිකා සම්බන්ධක ඇන්ටෙනාවක් හෝ වෙනත් අවශ්‍ය උපාංගයක් සවිකළ හැකි දෘඩාංග විස්තීරණ පෝට් එකක්ද තිබේ. එසේම කලින් දෙන ලද නිර්ණායකයන්ට අනුව මෙම ස්මාට්ෆෝනය අනවශ්‍ය හස්තයකට පත්වන්නේ නම් ස්වයං-විනාශකාරී වැඩපිළිවෙළක් අනුගමනය කර විනාශයට පත්වීමටද ඊට හැකියාව තිබේ.

කෙසේ වුවත් අවසාන වශයෙන් කිවයුත්තේ මෙම Boeing Black ස්මාට්ෆෝනය මිලදීගැනීමට හැකියාව ඇත්තේ රජයේ අනුමැතිය ලත් ආරක්ෂක බුද්ධි අංශවල හෝ විශේෂ ආරක්ෂක ඒජන්සියක සේවයේ නියුතු අයෙකුට පමණක් බවයි.

10 'Nice To Have' Boeing Black Phone Cool Features

1. Android-based

Android has been blown with security issues as analysts and researchers said it is a target destination for hackers as it is easy to infiltrate. But Boeing trusts Android and uses it as Black's OS for as long it is heavily modified. It is still Google's platform though.


2. Built With security

Black has an amazing set of security features literally laid in layers. Its maker claims it has hardware encryption, OS policy controls and other security attributes. Also, it is compatible with other device management systems.

3. Design

Boeing Black may look like it is a thick (13.25 mm) low-end device, but it actually has respectable specifications. It is packed with a 4.3-inch qHD display and powered by a processor that's 1.2 GHz ARM Cortex-A9.

4. Modularity

It has been known that the Black has a modular design as it can be expanded through expansion ports to house various mission needs. It has built-in sensors and can accommodate more sensors.

5. Non-serviceable, Non-replaceable

When having hardware issues, there is no way the Black phone can be fixed. Its hardware cannot be fixed in any way since it comes with a "spy" feature that wows spy movie fanatics.

6. Satellite Connectivity

It is not surprising to know that Black can connect to satellites. Although this feature is not detailed, Black seems to possess enhancements to have satellite connectivity, which is important in intelligence and military operations.

7. Select Market

Boeing Black has a select market. It cannot be bought or owned by anybody. It will leave the public wishing to own the handset, with all the current security issues spreading around smartphone users. The more it cannot be owned, the more it becomes attractive. Black is designed especially for government employees, not for consumers. It leaves the public's wish that future enhancements in other smartphones will have the cool features of Black; if not from Boeing itself, from any phonemaker with similar ideas.

8. Self-destruction Capability

The coolest among Black's features is its capability to destroy itself, if it detects any tamper attempt. It will not blow up, but will disable hardware, software and data. If one attempts to change its functionality or tries to open the device, the handset will then turn into an inoperable device.

9. Supports Any Network

The U.S. government has cellular networks of its own, not the commercial carriers for mobiles. Boeing Black supports both government and commercial networks, and can be seamlessly switched from one to another, as needed. Though Boeing did not specify which commercial network, chances are, all of them.

10. Tamperproof

Government regulations brought the Black phone to FCC for clearance. It is through such appearance that the public have known that it is totally tamperproof. The FCC filing said the device is sealed with screws and epoxy. The heads of the screws are covered with tamperproof item to identify any attempt of disassembly.

Friday, August 29, 2014

වාරියපොල චණ්ඩි කෙල්ල දෙවැනි වටය අරඹයි.. පොලීසියත් එක්ක හැප්පේ..


පසුගියදා වාරියපොල බස් නැවතුම්පොලේදී තරුණයෙකුට පහර දුන් තරුණිය විසින් පොලීසියට එරෙහිව මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට සූදානම් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම ගැන මේ පෙත්සම ගොනු කරන බව තිළිණි අමල්කා නම් ඇය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ ලක්ෂාන් ඩයස් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ඇය විසින් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයටද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

වාරියපොල සිද්ධියට අදාලව මූණු පොතේ පලවෙලා තිබ්බ පින්තූර part 02-About Wariyapola girl part 2

මේ ගමේ නම ඇහෙනකොටත් අප්පිරිය ඇති. ඒත් තවම මූණුපොතේ නම් පෝස්ට්ඉවරයක් නෑ.









Wednesday, August 27, 2014

මේ තොරතුරු අලි ගැනයි


වල් අලි යනු ජෛව වීවීධත්ව පරීනාමයේ වීශේෂිත නිර්මාණයකි. ස්වභාවික පරිසරයේ ජීවත්වන සතෙකි. ආහාර සොයා දිනකට කිලෝමීටර් 25ක් පමණ දුරක් යාමට මෙම සත්වයෝ පෙළඹෙති. ගොඩබීම්වල වාසය කරන වීශාලතම සත්ව කාණ්ඩයට අයත් අලියා සත්ත්ව වර්ගීකරණයට අනුව අයත් වන්නේ -ක්ෂීරපායි හෙවත් -මැමාලියා ගණයටය. ක්ෂීරපායි සත්ත්වයන් බිහිවූ මුල්ම යුගයේ අලියාට සමාන සත්ත්ව විශේෂයක් දක්නට නොවීය. වසර දස ලක්ෂ පනහකට පමණ පසු අලියාට බොහෝ සමානකම් ඇති සත්ත්ව කොටස් බිහිවිය. ඔවුහු මොඑරිතීරියම් නම් වෙති. එහෙත් අලියාට මෙන් දිග හොඬක්, ඇතාට මෙන් දිග දළ යුගලක් මෙම සත්වයාට නොතිබිණි. මේ නිසා සත්ත්ව විද්‍යාඥයෝ මොඑරිතීරියම් අලියාගේ ආදිතමයා ලෙස හැඳින්වූහ. එදා බිහිවූ මොඑරිතීරියම් ගේ සිට අද ජීවත්වන අලියා දක්වා පරිණාමය වූ ජීවී කොට්ඨාස කිහිපයකි.
වුලි මැමත්

පෘථිවියේ දැඩි ශීතයකින් යුක්ත වූ -ප්ලයිස්ටෝසීන යුගයේදී ජීවත් වූ අලි විශේෂයකි. අධික ශීත දේශගුණයට ඔරොත්තු දෙන අයුරින් සිරුර පුරා ඝනව රෝම වැඞී තිබුණි. අඩි 14 පමණ උස් වූ ශරීරයක්ද ඉදිරියට වක‍්‍රව වැඩුණු විශාල දළ දෙකක්ද මැමත්ට තිබිණ. විශාල දළ යුගලයේ ආධාරයෙන් අයිස් තට්ටු ඉවත්කර පැළෑටි ආහාරයට ගැනීමට හැකි විය. කාලයාගේ ඇවෑමෙන් මැමත් වඳවී ගියද ලෝකයේ නොයෙක් තැන්වලින් ඔවුන්ගේ පොසිල හමුවිය.
ඇමරිකන් මැස්ටොඩොන්

වත්මන් අලියාට බොහෝ සෙයින් සමානකම් කියයි. අඩි 8×9 තරම් උස් වූ මොහුට හොඬක් හා දළ යුගලක් ද තිබිණ.
ගොම්ෆොතීරියම්

අවුරුදු මිලියන 3 කට පෙර පෘථිවිය මත ජීවත් වූ මොහුට උඩු හනුවේ දළ දෙකක්ද යටි හනුවේ දළ දෙකක්ද වශයෙන් මුඛයේ දළ හතරක් දක්නට ලැබිණි. පරිසරය වෙනස්වීමත් සමගම වඳවීමට ලක්විය.
වත්මන් අලි පරපුර

වත්මන් අලියා වර්ග දෙකකට බෙදේ. ලොක්සොඩොන්ටා අප‍්‍රිකානා සහ එලෙෆපාස් මක්සිමුස් ය. එනම් අප‍්‍රිකානු අලියා හා ආසියානු අලියා යනුවෙනි. මේ දෙවර්ගයෙහිම අලින්ට එක් එක් වර්ගයට ආවේණික වූ ශරීර ලක්ෂණ පිහිටා ඇත.
අප‍්‍රිකානු අලියා

උස අඩි 14ක් පමණය . උස අඩි 9×11 පමණ වේ. උරහිස් උසින් වැඩිය. පිට පහත්ය. පිට උසින් වැඩිය. උරහිස් පහත්ය, වටකුරු කන්පෙති විශාලය, සිරුර දඹුරු පැහැයට හුරු කළු පැහැයක් ගනී, සිරුර තද කළු පැහැතිය. දළ පිහිටන්නේ පිරිමි සතුන්ට පමණි, ගැහැණු පිරිමි දෙපක්ෂයටම දළ ඇත. හොඬවැල කෙළවරේ එක් ඇඟිල්ලක් වැනි තුඩු දෙකක් ඇත. පසුපස පාදයේ නියපොත 4ක් හා පිහිටා ඇත, ඉදිරි පාදයේ නියපොතු 5කි. අප‍්‍රිකා මහද්වීපයෙහි සහරා කාන්තාරයට දකුණින් පිහිටි ප‍්‍රදේශයේ වාස භූමි වේ. අපි‍්‍රකානු කුරු අලි වර්ගයක් කොංගෝ ප‍්‍රදේශයේ වාසය කරයි. අප‍්‍රිකානු අලි ආසියානු අලින්ට වඩා දරුණුය.
ආසියානු අලියා-එලිෆාස් මැක්සිමස්

ආසියානු අලි බොහෝ විට අයත් වන්නේ මෙම කුලයටයි. එහෙත් අද වනවිට මේ කුලයට අයත් සත්ත්ව විශේෂ දක්නට නොලැබේ. වර්තමානයේදී හමුවන්නේ ඒ ඒ රටවලට අනුවර්තනය වූ සත්ත්ව විශේෂ පමණි. ආසියානු අලියාගේ හොඬවැල කෙළවරේ එක් ඇඟිල්ලක් වැනි තුඩු එකක් ඇත. ආසියානු අලියාගේ පිට ඉහළට එසවී ඇත. ආසියානු අලින්ගෙන් දළ ඇත්තේ පිරිමි සත්ත්වයින්ට පමණි. නමුත් සෑම පිරිමි සත්ත්වයෙක-ුටම දළ පිහිටා නැත. එලෙෆපාස් මක්සිමුස් නම් අසියානු අලි ඉන්දියාව, බුරුමය, ලංකාව, මලයාව, කාම්බෝජය සහ සුමාත‍්‍රාව වැනි රටවල දක්නට හැකිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ අලි යන උප විශේෂයට අයත්ය.
ශී‍්‍ර ලංකාවේ අලි

ශ්‍රී ලංකාවේ අලියා ආසියානු අලි අතරින් වැඩියෙන්ම බුද්ධිමත් අලියා ලෙස හඳුන්වයි, මොළයේ වර්ධනය වීමේ ධාරිතාවය ද වැඩිය, දිනකට කිලෝග‍්‍රෑම් 150ක පමණ ආහාර අවශ්‍ය වේ, උදේ සිට සවස් යාමය දක්වා ආහාර සොයා සංචාරය කරයි, දිනකට ජලය ලීටර් 80×160 දක්වා ප‍්‍රමාණයක් අවශ්‍ය වේ, ශ‍්‍රවණ ශක්තිය තියුණුය නමුත් පෙනීමේ මඳක් අඩුය. වයස අවුරුදු 8×9 පමණ වනවිට ගැහැණු සත්ත්වයින් පැටවුන් බිහිකරති. ගැබ් කාලය මාස 18×22 දක්වා වේ. පැටවු බිහි කරන්නේ අවුරුදු 3x4x6 කට වරකි. මෙය ගොඩබිම වසන සත්ත්වයින් අතර ඇති දීර්ඝතම ගැබ් කාලය ලෙස සැලකේ. වරකට එක් පැටියෙක් බිහිකරයි. නමුත් 1941 වර්සයේදී ශී‍්‍ර ලංකිවෙන් ගැහැණු පැටවුන් දෙදෙනකු උපන් බව වනජීවී තොරතුරු වල දැක්වේ. අලියෙකුගේ සාමාන්‍ය ජීවිත කාලය අවුරුදු 60×70 හෝ ඊට වැඩිය.
ශ්‍රී ලංකාවේ වල් අලි උප විශේෂ දෙකකි.
1-සෝමාවතී විල් අලි 2 -රුහුණු ගැටව් ය

ගැහැණු සතකු මවු පදවිය ලැබීම යනු අලි රංචුවක විශේෂ සිද්ධියකි. රංචුවේ අනිකුත් සාමාජිකයෝ මවු ඇතින්න කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වති. රැලේ සිටින කුමන දරුවෙකුට වුවද කිරි බීමට ඉඩ දීම අලි අම්මලාගේ සිරිතයි.
ප‍්‍රසිද්ධ -ඇත් සොහොන

අලි පිළිබඳව ජනවහරේ එන ප‍්‍රකට සංකල්පයක් ලෙස -ඇත් සොහොන හැඳින්විය හැකියි. මිය යන්නට ආසන්නව සිටින අලි ඇතුන් මහ වන මැද පිහිටි එක්තරා සොහොන් බිමකට යන බවත් එහිදී ඔවුන් මිය යන බවත් ජනවහරේ කියවේ.
තුන්පත් රැළ

තුන්පත් රැළ යනුවෙන් හැඳින්වෙන්නේ අලි පවුලේ මවත් පියාත් අලූත උපන් පැටවාත්ය. නමුත්් සත්ත්්වවේදීන් පවසන පරිදි තුන්පත් රැලෙහි සිටින්නේ අලි අම්මාත් ඇගේ කලින් පැටවා සහ අලූත උපන් පැටවාත්ය.
තනි අලියා

අලි හෝ ඇත් යන කාණ්ඩ දෙකේ ඉතා දරුණුම සතා හැටියට තනි අලියා හෝ ඇතා හැඳින්වේ. අලි රංචුවක මුරණ්ඩු අලියෙක් හෝ ඇතෙක් සිටී නම් ඔහුව රැලෙන් පටමන් කරයි. පිටමං කරනු ලබන අලියා හෝ ඇතා හෝ තනිවේ. මොහු තනිවීම නිසාම තව තවත් දරුණු වේ.
කම්මුල් තෙමීම – මද කිපීම

වැඩුණු අලි ඇතුන්ට කලින් කලට ඇතිවන තත්ත්වයකි. කපෝල ග‍්‍රන්ථි ඉදිමීම මඳ කිපීමේ ලක්ෂණයයි. මෙම ග‍්‍රන්ථියෙන් පිටවන තෙල් වැනි ද්‍රවයක් කම්මුල් දෙපසින් ගලා යයි. මද කිපුණු විටදී කලබල වීම හා දරුණු වීම දක්නට ලැබෙන ලක්ෂණයකි. මඳ කිපීම ආරම්භ වීමේදී හීලෑ අලි හෝ ඇත්තුන් වෙන්කර තැබේ. මඳ කිපීමත් සමගම පිරිමි සතා ගැහැණු සතා කෙරෙහි දැඩි ඇල්මක් ඇතිකර ගැනීම ස්වාභාවිකය.
ශරීර කොටස්
හොඬවැල

අලියාගේ් විශේෂම අංගය වන්නේ හොඬවැලයි. මුඛයත් පොළවත් අතර ඇති දුරස්ථ බව මගඇරී ඇත්තේ හොඬවැල නිසාය. ශක්තිමත් පේශීන් වලින් හොඬවැල නිර්්මාණය වි ඇත. ඒ හේතුව නිසා තමාට අවශ්‍ය ආකාරයට මේ අවයවය හැසිරවීමේ හැකියාව අලියාට ලැබී ඇත. ඉතා සියුම් ද්‍රව්‍යයක් සේම මහා පරිමාණයේ ද්‍රව්‍යයක්ද ග‍්‍රහණය කර ගැනීමේ සුවිශේෂ හැකියාව මෙම හොඬවැල සතුය.
දළ

දළ බවට පත්වෙන්නේ ඇතාගේ උඩ හනුවේ තිබෙන කෘන්තක දත් දෙපළයි. එම දත් දෙපළ ජානවල ක‍්‍රියාකාරිත්වය නිසා දළ බවට පත්වේ. ශ්‍රී ලංකාවේ පිරිමි සතුන්ගේ දළ පිහිටන්නේ 5%x8% අතර ප‍්‍රමාණයකටයි. ඇත් දළ වානිජ වටීනාකමක් සහිතය. මු¥, මාල, අත් පළදනා, වීසිතුරු භාණ්ඩ නිෂ්පාදන සඳහා යොදාගැනේ.
දත්

ජීවිත කාලය පුරාවටම මුඛයේ ඇතිවන්නේ දත් කුට්ටම් 6කි. එක් දත් කුට්ටමක් අවුරුදු 10ක් පමණ කාලයක් මුඛයේ පවතී. අවසාන දත් කුට්ටම එනම් 6 වැනි දත් කුට්ටම වැටී ගිය පසු ආහාර සැපීමට ඇඹරීමට නොහැකිව අලින් මියයන අවස්ථාද ඇත.

ඇස හා පාද

විශාල ශරීරයක් තිබුණද අලියාගේ ඇස් දෙක ඉතා කුඩාය. ශරීරය ඉතා විශාල නිසාත් ඇස් දෙක කුඩා නිසාත් ඉතා දියුණු පෙනුමක් නැත. අලින්ගේ පාද අනෙක් සතුන්ගේ පාදවලට වඩා වෙනස්ය. පතුල තද හා දැඩි ස්වභාවයක් ගනී. නමුත් යටි පතුළ ඉතා සංවේදී බවකින් යුක්තය.
කන

කන් ඇසීමේ හැකියාව අතින් අලියාට හිමිවන්නේ සුවිශේෂී තැනකි. කිලෝමීටර් 3×4 පමණ ඈතින් ඇසෙන යම් ශබ්ද පවා ඉතා හොඳින් ඇසීමේ ශක්තිය අලියාට ඇත. එමෙන්ම ශරීරයට දමන දහඩිය නිවා ගැනීමටද මේ විශාල කන් දෙකට හැකියාව ඇත.
ගජමුතු

ගජමුතු ඇතිවන්නේ ඇතාගේ දළ කෙළවරේය. කුහරක සහිත දළය ඇතුළත කෙළවරට යනවිට කුඩා වේ. මෙය තුළට දළයෙන් කොටසක් හෝ දතක කෑල්ලක් ඇතුල් විය හැකිය. අවුරුදු ගණනාවක් ගතවත්ම මෙම කැබැල්ල ක‍්‍රමයෙන් මට්ටම් වී රවුම් හැඩයක් ගනී. පසුව ඉතා වටිනා ගජමුතු බවට පත්වන්නේ මේවාය.
අලි භාෂාව

අලින් හැසිරවීම සඳහා අලින්ටම වෙන්වූ භාෂාවක්ද ඇත. දෙරි තෙත්තන් – අරගෙන පස්සට පලයං – අලියා දෙරි – ගනිං – අලියා හිඳ – නිදාගනිං – මොහො දහ – මේ පැත්තට වරෙං – අලියා පුරු – පෙරළන්න -අලියා දහ ඉඩ – අයින්වෙලා පලයං – අලියා පුරු උදරි – හොඬය උස්සා තල්ලූ කරපන් – අලියා හරුව – විසි කරපං – අලියා බිලමා – පාගපන් – අලියා පිචන් – නිකා හිටින් – අලියා දන – දන ගහපන් – අලියා දහ – යමං – අලියා හෝවා x නැවතියන් – අලියා බිල බිමල පුරු – කකුල උස්සපං
අලි කෙඳි

අලි කෙඳිවලට වෙළඳ පොළ තුළ විශාල ඉල්ලූමක් ඇත. අලි කෙඳි සහිත පළඳනා පැළඳීමෙන් ජීවිතයට වාසනාව ළඟාවන බවට ඇති විශ්වාසය මෙමයට හේතුවයි. මුදු හා අත් පළදානාවලට අලි කෙඳි භාවිත කරයි.
අතීතයේ අලි මිනිස්

සබඳතාව මිනිසා හා අලි ඇතුන් අතර ඇති සබඳතාව ශත වර්ෂ ගණනාවක් ඈතට දිවයයි. සංස්කෘතිය හා සාහිත්‍ය තුළ මෙම සත්වයාට සුවිශේෂ තැනක් හිමිවේ. අතීතයේ සිටම අලියන්ට රාජකීයත්වයෙන් සලකණු ලැබීය. රජු හා ප‍්‍රභූ පැලැන්තිය අලි ඇතුන් හිමිවීම ඉහළ සමාජ පිළිගැනීමක් සේ සැලකුවේය. හීලෑ අලි ඇතුන් විවිධ රටවල සංස්කෘතික චාරිත‍්‍ර ඉටුකිරීමට යොදා ගනී. ඒවගේම සංදර්ශන ආදියටත් විවිධ ආර්ථික කටයුතු වලටත් තවමත් අලියන් යොදා ගනී. බෞද්ධ බැතුමතුන්ගේ මුදුන් මල්කඩ ලෙෂ සැලකෙන ශී‍්‍ර ලංකාවේ දළදා කරඩුව වැඩමවීමටද යොදා ගන්නේ ඇතුන්ය.
වත්මන් අලි පරපුර

ඔවුන්ගේ නිජභූමි ආක‍්‍රමණය කිරීම වනාන්තර එළි පෙහෙළි කිරීම අලිමංකඩවල මිනිස් ජනාවාස ඇතිවීම නිසා කැලෑවට පමණක් සීමා වූ අලි මිනිස් ජනාවාස වෙත ඇදී ඒමට පෙළඹී ඇත. මෙවැනි කාරණා නිසා -අලි මිනිස් ගැටුම අද උග‍්‍ර සාමාජීය ප‍්‍රශ්නයක් වී ඇත. අද වනවිට මිනිසුන්ගේ ක‍්‍රියා කලාපය නිසා වසරකට අලි ඇතුන් 75×80 අතර ගණනක් මිය යති. වර්ෂ 1800 දී 25000කට වඩා වැඩි ගණනක් සිටි අලි 1900 දී එය 12000 දක්වාත් වර්ෂ 2000 දී 3500 දක්වා අඩුවී ඇත. මෙම අලි මිනිස් ගැටුමට පිළියම් නොයෙදුවොත් අපට ඉතිරි වන්නේ පින්නවල අලි අනාථාගාරයේ සිටින අලි පමණි.

Tuesday, August 26, 2014

එම් ජේ ධනුෂ්කගෙ සිංදු එකතුව-MG Danushka Latest songs with other sons

දෙරණ සිහින තරුව එම් ජේ ධනුෂ්කගෙ නවත ගීත එකතුවක් එක්කම ප්‍රසිද්ධ වෙච්ච ගීත එකතුවක් එකම තැනින් භාගත කරගන්න පුළුවන් විදිහට දෙන්න හිතුන. ඕං එහෙනම් බාගන්න.

1.නදීකා- Nadeeka- MG Dhanushka

2.සදවත අහසින්-Sandawatha ahasin- MG Dhanushka
3.කාලයක් අරන්- Kalayak aran- MG Dhanushka
4.අහසෙ තරු ගනින්න වෙයිද- Ahase tharu ganinna- MG Dhanushka
5.අශෝක මල් මාල - Ashoka mal maala- MG Dhanushka
6.හිස් ටින් එකක් - His tin ekak- MG Dhanushka
7.මල් යහනාවකි ලෝකේ- mal Yahanaawaki Loke- MG Dhanushka
8.මම එන්නෙ ඩුබායි - Mama enne dubai- MG Dhanushka
9.මුතු සෙව්වෙමි- Muthu Sewwemi- MG Dhanushka
10.ඔබ දකින දකින- Oba dhakina dakina- MG Dhanushka
11. පෘතුගීසි කාරයා-Pruthugisi kaarayaa- MG Dhanushka
12. රන් වන් වත බබලන්නේ-Ranwan watha babalenne- MG Dhanushka
13. සැවන්දරා සුගන්ධයෙන්- Sawandara sugandhayen- MG Dhanushka

Me anantha rathriye