සල්ලි කියන්නේ අපේ ජීවිතයට අත්‍යවශ්‍ය වටිනා දෙයක්. නමුත් සමහර දේවල් තිබෙනවා මොනතරම් මුදල් තිබුණත් ඒවා මිලට ගන්න බැහැ.
01. සෞඛ්‍යය
හුඟක් සල්ලි තිබෙන මිනිසුන්ට සතුට කියන දේ නැහැ. එයට හේතුව ඔවුන් බොහෝ විට යම් නිදන්ගත රෝගයකින් පෙළීමයි. සල්ලි මොනතරම් තිබුණත් හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට සල්ලිවලින් කිසිම උදව්වක් ගන්න බැහැ. ලෙඩ වුණාම බෙහෙත් ගන්න සල්ලි ඕන වෙනවා. ඒත් ඔබ රෝගී නොවී සදාකල් නිරෝගී කරන්න සල්ලිවලට බැහැ.
02. පවුල
හොඳ පවුල් ජීවිතයක් මිලට ගන්න බැහැ. මොනතරම් මුදල් තිබුණත් සතුටක් නැති පවුල් මොනතරම් ඉන්නවාද? පවුලක යහපැවැත්මට අනේයාන්‍ය සම්බන්ධතාව අත්‍යවශ්‍යයි. ඒ ලක්ෂණය තියෙනවා නම් මුදල් නැතත් හොඳ පවුලක් විදියට ජීවත් වෙන්න පුළුවන්.
03. දරුවන්
පවුලක සතුට තියෙන්නේ දරුවන් තුළ. මුදල් තිබිලත් දරු සම්පත නැතිව කනගාටුවෙන් ඉන්න මවුපියන් ඕනෑ තරම් ඉන්නවා. ඒ වාගේම දරුවන්ට සමීප වෙන්න වෙලාවක් නැති මවුපියනුත් දකින්න පුළුවන්. ඒ මුදල් සොයන්නම වෙහෙසෙන නිසා. නමුත් මවුපියන් තේරුම් ගන්න ඕන මුදල්වලට වඩා දරුවන් වටිනවා කියන කරුණ.
04. යහළුවන්
මුදල් මොනතරම් තිබුණත්, ආශ්‍රය කරන්න, දුක සැප බෙදා ගන්න යාළුවෙක් නැත්නම් වැඩක් නැහැ. සමහර අයට මුදල් හොයන්න රේස් එකට වැටුණම තමන්ගේ කියන අය අමතක වෙනවා. ඒ නිසා මුදල් පසුපස හඹායන එක නවත්වලා මුදලට ගන්න බැරි මිත්‍රත්වය ගැන හිතන්න පුළුවන්නම් හොඳයි.
05. ආදරය
ජීවිතයට ආදරය අවශ්‍යයි. මවගේ ආදරය, පෙම්වතාගේ, පෙම්වතියගේ ආදරය, විවාහක යුවළ අතරේ ඇතිවන ආදරය, දරුවන්ගෙන් ලැබෙන ආදරය ආදී වශයෙන් ආදරය විවිධයි. නමුත් ඒ ආදරය මුදලට ගන්න බැහැ. ඔබ කෝටිපතියෙක් වුණත් හැඟීම් දැනීම් මුදලට ගන්න පුළුවන්කමක් නැහැ. ඔබ සල්ලිකාරයෙක් වුණත් ආදරය දුරයි නම් ඒ ජීවිතයෙන් පලක් නැහැ.
හංසි ආටිගල
Subscribe to:
Post Comments (Atom)
-
ආචාර්ය සී .ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහත්මා මිය ගියේ අද වගේ දවසකය.අප කාටත් එය අමතකය.මා හිතනා ආකාරයට එසේ අමතක කර දැමීම යුතු නැත.කෙසේ වුවත් ම...
-
රණබිම මැරුනේ සිංහලයෙකු නම් පපුවේ වෙඩි සලකුණ ඇත්තේ සතුරට ලය දී මිස මැරුණේ නෑ ලේ පැල්ලම් නෑ පිට පැත්තේ... මවුබිම ජය ගනු නැත්නම් මරණ...
-
දැනුම පොතට කමතේ හරක් දැක්කීමේදී භාවිත කරන සහැල්ල - අඬහැරය දෙපයින් ගොයම් පාගන තැන - පාවර කමතට ගෙනෙන ආහාරය - මූත්තෙට්ටුව කුරුම්බා - කහපැන...
No comments:
Post a Comment
මොනව හරි කියන්න