Wednesday, September 23, 2009

අද අපට අමතක වූ අධ්‍යාපනයේ පියා



ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහත්මා මිය ගියේ අද වගේ දවසකය.අප කාටත් එය අමතකය.මා හිතනා ආකාරයට එසේ අමතක කර දැමීම යුතු නැත.කෙසේ වුවත් මේ ශ්‍රීමතානන් සිහිවීම පිණිස තබනා කෙටි සටගනකි මේ.


එතුමගේ උපත සිදු වන්නේ 1884 ඔක්තෝබර් මස 13 දින අම්බන්ගොඩය. අම්බලන්ගොඩ වෙස්ලියන් ඉංග්‍රීසි පාසලෙහි මූලික අධ්‍යාපනය ලැබූ කන්නන්ගර ශිෂ්‍යයා සියලු විෂයවලට දැක්වූ විශිෂ්ඨ දක්ෂතාව හේතුවෙන් ශිෂ්‍යත්වයක් ලැබ එවකට දක්ෂිණ ලංකාවෙහි ඉතා උසස් තත්ත්වයේ ඉංග්‍රීසි ආයතනයක් වූ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙහි ද්විතීයික අධ්‍යාපනය ලැබීමේ වාසනාව ලැබුවේය. රිච්මන්ඩ් විදුහලෙහි අධ්‍යාපනය ලැබීමේ අවසන් වන කාලයේ දී පාසලෙහි දක්ෂතම ශිෂ්‍යයා වශයෙන් සම්මාන ලැබීමේ භාග්‍යය ඔහුට හිමිවුයේය. 1901 දී කේම්බ්‍රිජ් සීනියර් විභාගයෙන් දක්ෂතමයා වශයෙන් සමත්වූ ඔහු 1904 දී රිච්මන්ඩ් විදුහලෙහි උප ගුරු පදවියක් ලැබුවේය.


1910 දී ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නීතිඥවරයෙකු වශයෙන් දිවුරුම් දුන් ඔහු 1922 දී මහනුවර වාසල මුදලි ඒඩ්න් විජේසූරිය මෙනෙවිය සමඟ විවාහ විය. 1923 දී ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව සඳහා ගාලු අසුනට ඉදිරිපත් වී ඉන් ද ජයග්‍රහනය කළේය.


1930 දී ලංකා ජාතික සංගමයේ සභාපති වූ මෙතුමා 1931 දී ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යට‍තේ ලංකාවේ පැවති ප්‍රථම සර්ව ජන මැතිවරණයේ දී ගාල්ලේ මන්ත්‍රීවරයා බවට පත්විය. ජාතික ඇඳුමින් සැරසී ප්‍රථම වරට සභාගැබට ඇතුලු වූ පුද්ගලයා වූයේ ද එතුමාය. එවකට ඇතිකල අධ්‍යාපන කා‍රක සභාවේ සභාපති තනතුරට ද පත්ව 1931 දී ප්‍රථම අධ්‍යාපන ඇමති ධූරයටද පත්විය. 1936 දී මතුගම නියෝජිතයා වී වසර 16ක් ම අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් කටයුතු කළේය.


කන්නන්ගර යුගයේ දී අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ලක්ෂණ බොහෝමයක් සිදු විය. හුදෙක් කන්නන්ගර යුගයට ස්වර්ණමය භාවයෙක් ගෙන දුන්නේ මෙම අධ්‍යාපන සංශෝධන ඇතිවීමය. එනම් රටේ අධ්‍යාපන අවස්ථා සුලභ කිරීම, ග්‍රාමීය අධ්‍යාපන ක්‍රමයක් බිහි කිරීම, වැඩිහිටි අධ්‍යාපන පහුසකම් සැපයීම, අධ්‍යාපනික උපයෝගී සේවාවන් ආරම්භ කිරීම, මව්භාෂාවෙන් ඉගැන්වීම ආරම්භ කිරීම, ඉංග්‍රීසි භාෂාව දෙවෙනි විෂයක් ලෙස පිළි ගැනීම, නිදහස් අධ්‍යාපනයක් ඇති කිරීම, මධ්‍ය මහා විද්‍යාල ආරම්භ කිරීම, පාසැල් විෂය මාලා ප්‍රතිසංස්කරණය (රටේ අවශ්‍යතාවන් හා ජාතික උරුමයන් ට ගැළපෙන අයුරින්) යනාදිය විය.


1924 දී ව්‍යවස්ථාදායක සභාවට තේරී පත්වීමෙන් පසුව ගුරුවරුනට වැඩි වැටුපක් ලබාදීම උදෙසා කටයුතු කළ අතර විශ්‍රාම වැටුප් ලබා දීමටද ද පියවර ගත්තේය.


ලාංකේය දරු දැරියනට නිදහස් අධ්‍යාපනය උදා කරළිම සදහා අනුපමේය සේවයක් ඉටු කළ කන්නන්ගර ශ්‍රීමතාණෝ වර්ෂ 1969 සැප්තැම්බර් මස 23 දි මෙලොවින් සදහටම සමුගත්තේ ය.


අවංක බව, ඉවසීම, දැඩි ආත්ම විශ්වාසය හා කැපවීමේන කටයුතු කිරීම මෙම සැබෑ මානව හිතවාදියාගේ චරිතයෙහි විශිෂ්ඨ ගුණාංගයක් විය. ජාතියේ උන්නතියට පළ වූ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණෝ සිහිපත් කරන මෙම මොහොතේ එතුමා වෙනුවෙන් කල හැකි උසස්ම උපහාරය වනුයේ එතුමාණන් විසින් කොතෙකුත් බාධක මධ්‍යයේ අප උදෙසාම ආරම්භ කල නිදහස් අධ්‍යාපන ක්‍රමය මේ රටේ මතු පරපුරේ ද සුභ සිද්ධිය උදෙසා දායාද කිරීමයි. එය අප සියලු දෙනාගේ යුතුකම හා වගකීම ද වන්නේය.


සන්නස හා නැණකිරන වෙබ් අඩවි මගින් බොහෝ දෑ උපුටා ගන්නා ලදී


Thursday, September 3, 2009

හෙදිය

මේක මගේ පෞද්ගලික අදහසක් විතරයි. මේ ලිපිය කා ගැනවත් ද්වේ ශයෙන් ලියනවා කියලා හිතන්න එපා.මම කෙලින්ම පටන් ගන්නම්.
ඇත්තටම හෙදියක් කිව්වාම අපේ හිතේ මැවෙන්නේ මොනවගේ චිත්ත රූපයක්ද.
හිතන්න ඔබේ පව්ලේ කෙනෙක් ලෙඩ වෙලා රෝහලක නැවැත්තුවා කියලා. ඔබ එයාව බලන්න ගිහිල්ලා හෙදියකගෙන් විමසුවහම එයා දෙන උත්තරය මොකක් වෙයිද?
හැම හෙදියක්ම නෙමෙයි බොහෝ හෙදියන් ඔබට කියන්න ඇත්තෙ ඔයාගෙ තාත්තට විතරක් නෙමෙයි,ඔයාගෙ අම්මට විතරක් නෙමෙයි එහෙමත් නැත්තම් ඔයාගෙ මල්ලිට,අක්කට,අයියට (මේ ආදී වශයෙන්) විතරක් නෙමෙයි අපිට බෙහෙත් දෙන්න තියෙන්නෙ.අපි එයාගෙ ලෙඩේට බෙහෙත් දෙන්නම්.අපි කී දෙනෙකුට කියල උත්තර දෙන්නද?,
එහෙමත් නැත්නම් හිතන්න ඔබ තුවාල වෙලා බෙහෙත් දාගන්න්න ගියා කියලා, මොන විදිහට සලකන්න ඇතිද?
කෝ පොඩ්ඩක් දඟලන්නෙ නැතුව ඉන්න,පොඩි එකෙක් වගෙයි නෙ දඟලන්නෙ,කෝ කෝ ඉක්මනට,කියල කීපාරක් කියන්න ඇතිද?
ගොඩක් වෙලාවට හෙදියො කතා කරන්නෙ ලෙඩාට ලෙඩාගෙ වයස බලල නෙමෙයි,කොයි තරම් වයසක අයෙක් වුවත් එයාට ඒ පුත්ගලයා ලෙඩෙක් විතරයි,සිරිපාල,කුසුමාවතී කියල නමින්මයි ආමන්ත්‍රනය කරන්නෙ.
එයාගෙ අම්මට, තත්තට, සීයට එහෙම කතා කරයිද?
ඇයි මෙහෙම වෙලා තියෙන්නේ
අනේ මංද
හෙදියනි,
"ඇත්තටම කරුනාව, දයාව, ඔබට උරුම දෙයක් බව අමතක කරන්න එපා. ලෙඩකදි දුකකදි පිහිටවෙන ඔයා ල දිහා අපි බලන්නෙ දෙවිවරු වගේ, ගෙදර ප්‍රශ්න අමතක කරල ලෙඩ්ඩුත් එක්ක ආදරයෙන් ඉන්න බලන්න. නංගියේ,
එතකොට ඔබ දිහා හැමෝම ආදරයෙන් බලාවි."

Tuesday, September 1, 2009

අපේ ගී

අන්තර්ජාලයේ සැරි සරද්දී හම්බ වෙච්ච අපේම ගීත කිහිපයක් මේ.

1.කොමුල් අමඩ් ලෙඩ් ලිනසී
එ බොන්ද මියුර් යහ බැ සී
එ කපල් දල වන් දිගැ සී
මන ජල්(ව)යි (සිත්) නොමු සී


2.සව බරණින් සැජ් ගිරි හිසැ සිටිහි කුමට
යෙහෙළී කියා සො නුමුත අප හිමි බවුදු
(දෙ‍කෙ)ස ලුනෙත්.


3.සිතහි යහපත විද බලය (මෙහි) රනවන බුන බලහ නො
මෙ රජමහ සිත රජමහ හම සිහිවන ක(ල)
සෙන් බොදෙවල ලයු ගී.

Monday, August 31, 2009

කාවින්දි දුව



උපුටා ගැනීම දිවයින පුවත්පතිනි 07/08/2009

ගුරු සිසු නැණැස පාදමු කාවින්දි දුවට සිදු වූ දේ නොවේවා එවන් අපරාදේ
"බණ්‌ඩාර ඇහැලියගොඩ"

ළමයා මිනිසාගේ පියාය", "හෙට ලොව බාරගන්නේ අද ළමයාය", "පරපුරේ අභිමානය දරුවාය" වැනි වදන් අප දීර්ඝ කාලයක්‌ පුරා අසා ඇතත් අද ඒවා කිසිදු වටිනාකමක්‌ නැති සිල්ලර වචන බවට පත්ව ඇතැයි අපට සිතේ. ඒ එසේ වන්නේ අද අහන දකින දේවල් දෙස බලන විටය. පාසල ඇරී දරුවකුට තනි මග යා නොහැකිය. මග රැක සිටින වග වලසුන් වැනි මිනිස්‌ වෙස්‌ ගත් තිරිසන්නු කැකුළු මල් තලා පොඩිකර සිහිසුන් සිරුර හෙළ පල්ලම්වලට ඇද දමති. එල්ලාවල සිදුවීම එකක්‌ පමණි. පුවත්පතකට එබී බලන විට අහිංසක දරුවන් අපචාරයේ යොදවා ගන්නා ඇතැම් ටියුෂන් කඩකාරයන්, පාසල් ගුරුවරුන් මෙන්ම ඇතැම් විදුහල්පතිවරුන් ද අපට හමුවෙයි. ප්‍රශ්න පත්‍රයක්‌ වැරදි අසූවක්‌වත් නැතිව හදාගන්නට බැරුවාට සමහරුන් එවැනි වැඩවලට දක්‍ෂය. මේ සියල්ල කරන්නේ මහජන මුදලින් නඩත්තු වෙමිනි. රජයෙන් බොහෝ වරප්‍රසාද ලබමිනි. මෙවැනි අය ගෞරවනීයව ගුරු වෘත්තියෙහි නියෑළෙන ගුරු දෙවිවරුන්ට සහ ගුරු දේවතාවියන්ට ප්‍රසිද්ධියේම අගෞරව කරති. ඇලහැර බකමූණ ප්‍රදේශයේ පාසලක දරු දැරියන් අටදෙනකුට කනේරු ඇට කන්නට සැලැස්‌සුවේ එවැන්නන් නොවේද? මිශ්‍ර පාසලක තාරුණ්‍යයට එළැඹෙන දරු දැරියන් අතර ඇති වූ සුළු සිදුවීමක්‌ හෝ දෙකක්‌ මහමෙරක්‌ කරගෙන රට පෙරළන්නට හදන විට අත්දැකීම් අඩු ආවේගශීලී ඔවුන් දරුණු ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන්නට ඇත. පාඩුව ගුරු භවතුනට හෝ පාසලට නොව අහිංසක දෙමාපියන්ටය. අප මාධ්‍යකරුවෝ එම සිදුවීම සියලු තොරතුරු සමඟ නොපැකිලව වාර්තා කළහ. පාසලේ නම් ගම්, දරුවන්ගේ විස්‌තර සියල්ලෙහි කිසිදු අඩුවක්‌ දක්‌නට නොවීය. අගනුවර උසස්‌ බාලිකා විද්‍යාලයක 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අපේ අසල්වැසියකු වූ 14 හැවිරිදි කාවින්දී අනුත්තරා ජයවර්ධන ටයි පටියෙන් ගෙල වැලලාගත් පුවත අසන්නට ලැබුණේ මේ අල්ලපනල්ලේය. ඇය මියයන තුරුම කිසිදු මාධ්‍යයක්‌ පාසලේ නම සඳහන් කර තිබුණේ නැත. සමහර මාධ්‍ය කියා සිටියේ බරපතල තත්ත්වයක්‌ නොමැති බවය. ඇලහැර බකමූණේ තොරතුරු සොයා ගන්නා මාධ්‍යකරුවනට අගනුවර උසස්‌ බාලිකා විදුහල හඳුනාගන්නට නොහැකි විය. සෙසු බාලිකා විදුහල් මේ පුවතින් අන්දමන්ද වූයේ මේ සඳහා ඔවුන් සැක කළ බැවිනි. මේ සියලු ප්‍රශ්න ආරම්භ වන්නේ ඇය සතුව තිබූ ජංගම දුරකථනයක්‌ හසුවීමෙනි. මාපියන් දිවුරා කියන්නේ ඇයට ජංගම දුරකථනයක්‌ අරන් දී නැති බවය. එසේ නම් ඒ දුරකථනය කාගේද? උත්තර නැත. දුරකථනයේ අසභ්‍ය දර්ශන ඇති බවට පැතිර ගිය ආරංචියට අත්තටු ලැබිණ. පොලිසිය පැමිණ එවැන්නක්‌ නොමැති බව තහවුරු කරන තෙක්‌ අර අහිංසක දැරියට පස්‌පඩංගුවේ බැණවදින්නට අපේ මහත්වරු සහ නෝනාවරු සැදී පැහැදී සිටියහ. දහහතර වියෑති අහිංසකාවියට මඟුල් ජෝඩු කරන්නට ද සමහරු අමතක නොකළහ. පෙම්වතකු හෝ පෙම්වතුන් කිහිප දෙනකු අමතන්නට ජංගම දුරකථනය භාවිත කළ බවට කට කතා පැතිර ගියේය. තාත්තාගේ හෝ අම්මාගේ අතේ එල්ලී උදේ පාන්දර පාසල් වෑන් රථයට නගින අයුරුත් සවස වෑන් රථයෙන් බස්‌සවාගෙන ගෙදර යන අයුරුත් අපට හුරු පුරුදු දසුන්ය. ඇයට ප්‍රේම කරන්නට වයසක්‌ හෝ කාලයක්‌ නොමැති බව කවුරු කෙසේ කීවත් අපි දනිමු. එසේ නම් දුරකථනයේ රහස එළිදරව් කරවාගෙන ඇය නිදොස්‌ කළ යුතුය. තාත්තා වූ අතුල ජයවර්ධන විදුහලෙන් මෙය ඉල්ලා සිටියදීත් දුන්නේ නැත. ඒ සියල්ල තවමත් අභිරහස්‌ය. දුරකථනය සමඟ ජීවග්‍රහයෙන් අල්ලා ගන්නා විට ඇය කළේ එකම ඉල්ලීමකි. මෙය පියාට නොදන්වන ලෙසය. එයට ආරෝපණය කළ කටකතාව වූයේ ඔහු සැර පරුෂ අයකු බවය. තම එකම දරුවාට දරුණු ලෙස සලකන පියවරුන් සිsටින්නට පිළිවන. එහෙත් අසල්වාසීන් ලෙස පියා සහ දියණිය අතර ඇති ආදරය අපි දැන සිටියෙමු. අනුන්ගේ වකුගඩුවකින් ජීවත්වන පියා මේ පුවතින් සසල වෙනු ඇතැයි දියණිය කල්පනා කළ බව සිතන්නට කවුරුවත් සිටියේ නැත. දරුවකු පාසලට යවන්නේ දැඩිසත්කාර ඒකකයකදී සිහිසුන්ව සිටිනු දකින්නට හෝ මිනී පෙට්‌ටියකින් ගෙදර එන අයුරු දැක බලා ගන්නට නොවේ. නිවසේදී මෙන්ම වගකීම ද ආරක්‍ෂාවද ඔවුනට ඇතැයි දෙමාපියෝ සිතති. මෙය මියුසියස්‌ විද්‍යාලයට ද බකමූණ විද්‍යාලයට ද පොදුය. අපි දෙවියන්ගේ නාමයෙන් ඉල්ලා සිටින්නේ ප්‍රශ්නයක්‌ දෙස සානුකම්පිත සහ නම්‍යශීලී ලෙස බලන මෙන්ය. ඇය ඇත්තටම ජංගම දුරකථනයක්‌ භාවිත කළේ නම් එය මරණ දඬුවමට යටත් විය යුතු ආනන්තරීය පාපකර්මයක්‌ ලෙස සැලකිය හැකිද? කොලු කෙළි ප්‍රශ්නයක්‌ කනේරු ඇටවලින් අවසන් කළ යුතුද? අප මෙසේ ප්‍රශ්න කරන්නේ තවත් දස දහසක්‌ කාවින්දිලා වෙනුවෙනි. අපේ කාවින්දි අකීකරු දඩබ්බර බොරුකාර දැරියක වූවා නම් තවමත් ජීවතුන් අතරය. තමන්ට දරාගන්නට බැරි තරම් බරක්‌ පැටවූ විට උහුලාගන්නට නොහැකිව ඇය ජීවිතයෙන් වන්දි ගෙවුවාය. තමා වෙනුවෙන් මුළු ජීවිතයම කැපකරන රෝගාතුර පියා සහ මව පිළිබඳ සිතන්නට පවා ඉඩක්‌ නොතබන්නට ඇගේ හිත දරදඬු කළේ කවුද? ඇය අවසර රැගෙන වැසිකිළියට ගිය මොහොතේ සිට ගෙල සිරවූ ටයි පටිය සහිතව රෝහලට ගෙන ආ මොහොත දක්‌වා ප්‍රශ්න සමූහයකි. ඒවා සාධාරණීකරණය කිරීම නීතියට බාර කරමු. එහෙත් මෙවැනි හදිසි තත්ත්වයකදී පළමුවෙන්ම කළ යුතු ප්‍රථමාධාරවල මූලික දේවල්වත් ඉහළ පෙළේ පාසලක්‌ නොදැන සිටීම සහ නොකර සිටීම ප්‍රශ්නයක්‌ නොවන්නේද? චූදිතයකු බවට පත්කළ සිසුවිය වැසිකිළියට ගොස්‌ ප්‍රමාද වන විට සොයා බලන්නට කිසිවකු සිටියේ නැද්ද? ගෙල සිර කළ ටයි ගැටය මුදාහරින්නට කල්පනා නොකළේ ඇයි? බොහෝ අය මේවාට පිළිතුරු සොයන්නේ තම තම නැණ පමණින්ය. සිදුවූ දෙය නිවැරදිව වාර්තා වූයේ නම් කපුqටු පිහාටුවක්‌ මත වමනය කළ පුවත කපුටන් හත්දෙනකු වමනය කළ බව කියන්නාක්‌ මෙන් දුරදිග යන්නේ නැත. අවසානයේ සිදුවූයේ කුහුඹුවෙකුට වරදක්‌ නැති දියණිය වැරදිකාරියක්‌ බවට පත්කර මිහිදන් කිරීමය. සියල්ලන්ගේම පව් ඇගේ මිනී වළට හෙළන්නට තැත් කිරීම අවාසනාවකි. වසර 9 ක ඇගේ පාසල් ජීවිතය විමසා බලන්නේ නම් ඇය විසින් කරන ලද පෙර වැරදි සොයාගත හැකිය. එසේ වුවහොත් මෙය ඇගේ පළමු වරද නොවේ යෑයි තර්ක කළ හැකිය. ඇය ගෙදරදී මෙන්ම පාසලේදී ද ගුණ යහපත් දැරියක ලෙස හැදෙන වැඩෙන බව අපි දනිමු. දැන් කළ යුත්තේ ඇඟ බේරා ගැනීම හෝ සිදුවූ අපකීර්තියෙන් මිදීමට මං සෙවීම නොවේ. සිසු පරපුරේ මෙන්ම ගුරු පරපුරේ ද නැණැස පාදා මෙවැනි සිදුවීම් අවම කර ගැනීමය. එය කාවින්දියගෙන්වත් පටන් ගන්නේ නම් ඇගේ ජීවිතයට වටිනාකමක්‌ එකතු වනු ඇත. සමනළියකගේ දෙමාපියෝ ඇගේ වියෝවට අමතරව කට කතා නිසා විස්‌සෝපව පසුවෙති. බොහෝ මාධ්‍ය නිරාවරණය කරන්නේ සත්‍ය තොරතුරු නොවේ. සමකාලීන පාසල් දැරියන් දෙතුන් දෙනකු පමණක්‌ මළගෙදරට සහභාගි වූ බව එක්‌ පුවතක පළවී තිබිණ. එයට හේතුව පියා ඔවුන් එලවා ගත් බවය. එහෙත් මුළු කාලය පුරාම මළ ගෙදර රාත්‍රියේදී ඇගේ යෙහෙළියන් නිසා නිසල සිරුර බලාගන්නටවත් අපට ඉඩක්‌ නොතිබිණ. අවසන් කටයුතු තුනට සිදුකරන බව සඳහන් කළත් හතර දක්‌වා දීර්ඝ කළේ යෙහෙළියන්ට සහභාගි වීමටය. පාසලේ කුඩා කොඩියක්‌ පමණක්‌ දමා තිබුණද වසර 9 ක්‌ ඉගෙනුම ලැබූ ගෞරවය සලකන්නට ඇගේ යෙහෙළියනට පැය කිහිපයක්‌ හෝ නිවාඩු නොදීම පිළිබඳ අපි මහත් සේ කම්පා වෙමු. එහෙත් බොරැල්ලේ කනත්තේදී අසීමිත වූ පාසල් සිසුවියන් දේහය වටා රොක්‌ව හඬා වැළපෙන අයුරු අපි දුටුවෙමු. මේ අහිංසකාවිය මේ වන විට අප වෙතින් සමුගෙන ගොස්‌ දින කිහිපයකි. කටකතා සහ අසත්‍ය ප්‍රචාර තවමත් නිදැල්ලේ සැරිසරයි. උදේ හවා මල් නෙළා බුදුන් වඳින සතා සීපාවට පවා අසීමිතව ආදරය කරන, හැන්දෑවට වට පිටාවේ කුඩා දරුවන් පිරිවරා සෙල්ලම් කරන කාවින්දියට අපහාස කිරීම දැන්වත් නවතා දමන මෙන් අපි අයෑද සිටිමු. තම එකම දරුවා අහිමිවීමෙන් තවමත් ඇඬූ කඳුළෙන් පසුවන දෙමාපියන්ට මේ කටකතා සහ බේගල් ඉවසිය නොහැකිය. සකලවිධ මහත්වරුනි, නෝනාවරුනි, ඇත්ත ඇති සැටියෙන් නොදන්නේ නම් නිහඬව සිටීම ගෞරවයට කාරණයකි.

වැලි තලප



අවශ්‍ය ද්‍රව්‍ය
1.තම්බාපු හාල් හුණ්ඩු 1ක්
2.කැකුලු හාල් සේරු 1ක්
3.කිතුල් හකුරු මුල් 1ක්
4.සීනි රත්තල් 1ක්
5.වතුර කෝප්ප 1/4ක්
6.ලුණු ස්වල්පයක්
සාදා ගන්නා ආකාරය
පිටි වලින් 3/4 ක් පමණ ගෙන වතුර ටික ටික ඉසිමින් අබ ඇට තරමට කුඩා කැට සකස් කර ගන්න.ඉතිරි පිටි ටික ලොකු කැට කඩ කඩා කුඩා කිරීමට පාවිච්චි කරන්න.පිටි කැට කර ගත් පසු පිට්ටු බම්බුවකට දමා හොඳින් තම්බා නැවත කඩන්න.හකුරු, සීනි වතුර ලිප මත තබා උනුවන විට කඩන ලද පිට්ටු එයට දමා හැඳි ගාන්න.ලුණු හා වැනිලා ස්වල්පයක්ද එකතු කරන්න. පසුව එය ලිපෙන් බා ලෑල්ලක් මත අතුරා නිවුනායින් පසුව අවශ්‍ය ප්‍රමාණයේ කැබලි කපා ගන්න.

Friday, August 28, 2009

කලු පොල් මාලුව



අවශ්‍ය ද්‍රව්‍ය
1.කොස් ඇට 25ක් පමණ,
2.පොල්කිරි කෝප්ප 3ක්,
3.ගා ගත් පොල් කෝප්ප 3/4ක්,
4.සුදු ලූනු බික්2ක්,
5.ගම්මිරිස් ඇට 5ක්,
6.එනසාල් කරල් 3ක්,
7.කරාබු නැටි 1ක්,
8.රම්පා කැගැල්ලක්,
9.කරපිංචා ඉති 1ක්,
10.කුරුඳු පොතු ස්වල්පයක්,
11.කහ කුඩු ස්වල්පයක්,
12.වියලි මිරිස් මේස හැඳි 1ක්,
13.රතු ලූණු ගෙඩි 2ක්,
14.අමු මිරිස් කරල් 2ක්,
15ලුණු වතුර ස්වල්පයක් ,
සාදා ගන්න ආකාරය
පළමුව සෝදාගත් කොස් ඇට සෝදා පොතු පිටින්ම ජලය දමා තම්බා ගන්න.කොස් ඇට තැම්බෙන තෙක් ගා ගත් පොල් ටික කබලේ දමා රන්වන් පැහැ වන තුරු බැද ගන්න.පසුව එය හීනියට අඹරා ගන්න.
කොස් ඇටයේ පොත්ත පුපුරන තරමට තැම්බූ පසු ජලය ඉවත් කර කොස් ඇට යම්තම් තලා බඳුනකට දමා එයට ඇඹරූ ගම්මිරිස්.සුදු ලූණු,කහ,මිරිස් කුඩු,රම්පා,කරපිංචා,තලන ලද කරාබු නැටි,එනසාල්.හීනියට ලියන ලද ලූණු,අමු මිරිස්,කුරුඳු පොතු,සහ අවශ්‍ය පමණ ලුණු දමා හොඳින් කලවම් කර එයට පොල් කිරි එකතු කර ලිප තබා පිස ගන්න.මාලුව තරමක් පිසුනු පසු එයට, බැද කුඩුකර ගත් පොල්ටික දමන්න.කොස් ඇට මාලුව උකු තත්වයට පත්වූ පසු ලිපෙන් බා ගන්න.

Thursday, August 27, 2009

මාලු ඇඹුල් තියල්



අවශ්‍ය ද්‍රව්‍ය
1.බල මාළු ග්‍රෑම් 500
2.ගොරක කෑලි 10
3.අමු මිරිස් කරල් 6
4.ගම්මිරිස් කුඩු මේස හැඳි 2
5.ඉඟුරු කැබල්ලක්
6.කුරුඳු පොතු ස්වල්පයක්
7.සුදු ළුුණු බික් 5ක් පමණ
8.කරපිංචා ස්වල්පයක්
9.ලුණු අවශ්‍ය පමණට
සාදා ගන්නා ආකාරය
මාලු තරමක කෑලි වලට කපා සෝදා ගන්න.වතුර කෝප්ප 1/2ක් දමා ගොරකා ටික මෙලෙක් වෙන් තුරු තම්බා,එම වතුරෙන්ම ගොරකා,ගම්මිරිස්,ඉඟුරු,සුදු ලූනු අඹරා ගන්න.මෙම අඹරා ගත් ද්‍රව්‍ය භාජනයකට දමා එයට අමු මිරිස්,කුරුඳු පොතු,කරපිංචා හා මාලු කැබලි කලවම් කරන්න.වතුර ස්වල්පයක් හා ලුණු මාලු මතට වත් කොට මද ගින්නේ උයා ගන්න.ඉන්පසු මාලු හැලිය උඩින් ගිනි කබලක් තබා ඉස්ම හිඳෙන තුරු පිස ගන්න.

රට ඉඳි කේක්

මෙයත් ඔබට ඉතාමත් ලෙහෙසියෙන් සාද ගත ගැක.
අවශ්‍ය ද්‍රව්‍ය
1.මිල්ක් මේඩ් ටින් භාගයක්.
2.රට ඉඳි ග්‍රෑම් 500ක්.
3.මාජරින් ග්‍රෑම් 250 ක්
4.සීනි ග්‍රෑම් 250ක්
5.පිටි ග්‍රෑම් 250ක්
6.බිත්තර 3ක්
7.පුහුල් දෝසිග්‍රෑම් 100ක්
8.බේකින් පව්ඩර් තේ හැඳි 2ක්
9.කජු ග්‍රෑම් 50ක්
10.ආප්ප සෝඩා තේ හැඳි 1 1/2ක්
11.මුද්දරප්පලම් හා වැනිලා ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය
පළමුව ආප්ප සෝඩ වතුර කෝප්ප බාගයකට දිය කර ගන්න.එයට රට ඉඳි එක්කොට රැය පහන් වනතුරු තබන්න.පිටි සහ බේකින් පව්ඩර් මිශ්‍ර කොට පෙනේරයකින් හලා ගන්න.සීනි සමග මාජරින් දිය කරන්න.පසුව එයට ගසා ගත් බිත්තරද මිල්ක් මේඩ්ද ටිකෙන් ටික එකතු කරමින් තවත් ගසන්න.පසුව හලා ගත් පිටි එයට එක් කරන්න.ඉන් පසුව රටඉඳි,කජු,පුහුල් දෝසි,මුද්දරප්පලම් හා වැනිලා එකතුකර ගන්න.දැන් තෙල් කඩදාසියක ඇතිරූ බන්දේසියක බහා මධ්‍යම ප්‍රමාණයේ උදුනක තබා විනාඩි 45ක් පමණ පුළුස්සා ගන්න.

Tuesday, August 25, 2009

පොල් සම්බෝල


මුලින්ම ලේසි එකකින්නම පටන් ගන්න හිතුව.මේකට අවශ්‍ය වෙන්නේ
1.ගා ගත් පොල් ගෙඩියක්,
2.සිගින්ව කපා ගත් ළුුනු ගෙඩි 5ක් පමණ,
3.සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 2ක් පමණ,
4.සිහින්ව කපා ගත් සුදු ළුුණු ගෙඩියක්
5.මිරිස් කුඩු මේස හැන්දක් පමණ
6.දෙහි බෑයක්
7.උම්බලකඩ ස්වල්පයක්
8. කුඩා තක්කලි ගෙඩියක්(අවශ්‍ය නම් පමණක්)


සාදා ගන්නා ආකාරය.
ගා ගත් පොල් භාජනයකට දමා ගන්න.ඉන් පසුව එයට මිරිස් කුඩි එකතු කර පිළිවෙලින් ළුුණු, අමු මිරිස්, සුදු ළුුණු, උම්බලකඩ, දමා හොඳින් අනා ගන්න.පසුව දෙහි බ්න්දු කිහිපයක් දමා අවශ්‍ය නම් පමනක් තක්කාලි දමා අනා ගැනීමෙන් රවත් පොල් සම්බෝලයක් සාදා ගත හැකි වේවි.

මුල

Me anantha rathriye