Friday, May 29, 2015

රණබිම මැරුනේ සිංහලයෙකු නම්- Rana bima marune

රණබිම මැරුනේ සිංහලයෙකු නම්
පපුවේ වෙඩි සලකුණ ඇත්තේ
සතුරට ලය දී මිස මැරුණේ නෑ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ...

මවුබිම ජය ගනු නැත්නම් මරණය
දෙකකින් එකකි මින් ජය ගත්තේ
මිහිකත සිපගෙන මියගිය ඇත්තොයි
සුරපුරයට කැඳවා ගත්තෝ...
රණබිම මැරුනේ

මල යහනාවක් මත සුව මරණය
හෙළ විරුවන් හට උරුම නැතේ
කිසිදා නොමියෙන මල පුබුදිනවා
විරුවන් මළ රණ බිම මත්තේ...

රණබිම මැරුනේ

No comments:

Post a Comment

මොනව හරි කියන්න

Me anantha rathriye