Thursday, July 14, 2016

ජීවිතේ අමධාරා - Jeevithe amadhara

ජීවිතේ අමධාරා 
උල්පතේ රස උතුරා 
කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම් 
මීවිතේ රස උතුරා...
ආදරේ මල් උයනේ 
නෑ ඔබේ හඬ ඇසුනේ 
පිපි කුසුම් මල් යහන් තුළට වී 
කොව්ලනේ නාඬන්නේ...
ඈත නිල්වන් ගුවනේ 
පියාඹන ලිහිණියනේ 
මට කියන් තෙපි සොයා යන ලොවේ 
සෝ තැවුල් රැඳුනේදෝ...
හමන පවනේ සඟවා 
මගේ පාළුව රහසේ 
ඇත එවා ඔබ සොයා පිය ළඳේ 
මීවිතේ රස උතුරා...

පායා ඇයි හි‍නැහෙන්නේ - Paya ai hinahenne

පායා ඇයි හි‍නැහෙන්නේ
නිල් ගුවනේ තරු රාසී
ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්ති...
ඇගෙ වත මට නොපෙනේ නම්
පුන්සඳ ඇයි හිනැහෙන්නේ
නැති දා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ...
වනයේ පිපි මල් ගොමුවේ
සමනලයිනි ඇයි නැටුවේ
ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල් වන් දෙනෙතේ කාන්ති...
ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකටද මුතු පන්තී
ඇගෙ කඳුළැලි නැති විට දී
ඕනෑ නෑ දියමන්තී..

Me anantha rathriye