( ඩිල්ෂාන් මඩවල ) 2014-09-03 11:27:18
වෛද්‍යවරියකට මරු කැඳවු බම්බලපිටිය විශාඛා පාරේ රූපලාවන්‍යාගාරය පවත්වා ගෙන ගිය වෛද්‍ය නිමල් ගමගේ මහතා අද ඇප මත මුදා හැරුණා. ඒ, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ඒ.එම් සහබ්දීන් මහතා ලබා දුන් නියෝගයක් අනුවයි.
නියම කෙරුණු මුදල් ඇපය රුපියල් 50,000ක් වුණා. ඊට අමතරව රුපියල් ලක්‍ෂ 05 බැගින් වු ශරීර ඇප දෙකක් ද නියම කෙරුණු බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පවසන්නේ.
වෛද්‍ය නිමල් ගමගේ මහතාගේ විදේශ ගමන් බලපත‍්‍රය අධීකරණය භාරයේ තැබීමට ද මෙහිදී නියෝග කෙරුණා. මිය ගිය වෛද්‍යවරිය 47 වැනි වියේ පසුවු තැනැත්තියක්.
පැහැපත් බව වැඩිකර ගැනීම සඳහා ඇය අදාල රූපලාවන්‍යාගාරයට පැමිණ තිබුණා. මරණය සිදුවුයේ වෛද්‍ය නිමල් ගමගේ මහතා විසින් ඇයට කිසියම් එන්නතක් ලබාදී පැයක් පමණ ඇතුලතයි.
Subscribe to:
Post Comments (Atom)
-
තැටිය මැද්දෙ කළු කරාපු පහන්තිරය මැදට ආපු හනුමන්තත් පුදුම හිතෙනවා රාමටත් බැරි උනාලු මහ වැඩකට පෙලඹුනාලු අපි දැකලා එයා හඬනවා// දැන් කොහෙද ...
-
පියුම් නීල විල උපන් වියේ.. අහංකාර ඔබෙ යොවුන් වියේ නෙතු කැලුම් වැදී.. මගෙ හිත දුකින් රිදේ.. සිඳංගනා මෘදු වදන් මලින් මට පවන් සලන් කුමරී....
-
සිතේ සතුට ජීවිතයේ මිහිර ළං වුණා ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම් ඉටු වුණා ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම් ඉටු වුණා // සිඳ දාලා කුල ගොත ...
No comments:
Post a Comment
මොනව හරි කියන්න