මෙයත් ඔබට ඉතාමත් ලෙහෙසියෙන් සාද ගත ගැක.
අවශ්‍ය ද්‍රව්‍ය
1.මිල්ක් මේඩ් ටින් භාගයක්.
2.රට ඉඳි ග්‍රෑම් 500ක්.
3.මාජරින් ග්‍රෑම් 250 ක්
4.සීනි ග්‍රෑම් 250ක්
5.පිටි ග්‍රෑම් 250ක්
6.බිත්තර 3ක්
7.පුහුල් දෝසිග්‍රෑම් 100ක්
8.බේකින් පව්ඩර් තේ හැඳි 2ක්
9.කජු ග්‍රෑම් 50ක්
10.ආප්ප සෝඩා තේ හැඳි 1 1/2ක්
11.මුද්දරප්පලම් හා වැනිලා ස්වල්පයක්
සාදා ගන්නා ආකාරය
පළමුව ආප්ප සෝඩ වතුර කෝප්ප බාගයකට දිය කර ගන්න.එයට රට ඉඳි එක්කොට රැය පහන් වනතුරු තබන්න.පිටි සහ බේකින් පව්ඩර් මිශ්‍ර කොට පෙනේරයකින් හලා ගන්න.සීනි සමග මාජරින් දිය කරන්න.පසුව එයට ගසා ගත් බිත්තරද මිල්ක් මේඩ්ද ටිකෙන් ටික එකතු කරමින් තවත් ගසන්න.පසුව හලා ගත් පිටි එයට එක් කරන්න.ඉන් පසුව රටඉඳි,කජු,පුහුල් දෝසි,මුද්දරප්පලම් හා වැනිලා එකතුකර ගන්න.දැන් තෙල් කඩදාසියක ඇතිරූ බන්දේසියක බහා මධ්‍යම ප්‍රමාණයේ උදුනක තබා විනාඩි 45ක් පමණ පුළුස්සා ගන්න.
This entry was posted
on 12:07 PM
and is filed under
අපේ කෑම
.
You can leave a response
and follow any responses to this entry through the
Subscribe to:
Post Comments (Atom)
.
0 comments