වැලි තලප  

Posted by waru



අවශ්‍ය ද්‍රව්‍ය
1.තම්බාපු හාල් හුණ්ඩු 1ක්
2.කැකුලු හාල් සේරු 1ක්
3.කිතුල් හකුරු මුල් 1ක්
4.සීනි රත්තල් 1ක්
5.වතුර කෝප්ප 1/4ක්
6.ලුණු ස්වල්පයක්
සාදා ගන්නා ආකාරය
පිටි වලින් 3/4 ක් පමණ ගෙන වතුර ටික ටික ඉසිමින් අබ ඇට තරමට කුඩා කැට සකස් කර ගන්න.ඉතිරි පිටි ටික ලොකු කැට කඩ කඩා කුඩා කිරීමට පාවිච්චි කරන්න.පිටි කැට කර ගත් පසු පිට්ටු බම්බුවකට දමා හොඳින් තම්බා නැවත කඩන්න.හකුරු, සීනි වතුර ලිප මත තබා උනුවන විට කඩන ලද පිට්ටු එයට දමා හැඳි ගාන්න.ලුණු හා වැනිලා ස්වල්පයක්ද එකතු කරන්න. පසුව එය ලිපෙන් බා ලෑල්ලක් මත අතුරා නිවුනායින් පසුව අවශ්‍ය ප්‍රමාණයේ කැබලි කපා ගන්න.

This entry was posted on 10:36 AM and is filed under . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

1 comments

Anonymous  

බොහොම ස්තුතියි, හාල් ජාති දෙක පිටි කරගත්ත විදිය ගැන ටිකක් විස්තර කරන්න පුලුවන්ද?. එකට කලවම් කරලද පිටි කරන්නේ?

උ.