අවශ්‍ය ද්‍රව්‍ය
1.බල මාළු ග්‍රෑම් 500
2.ගොරක කෑලි 10
3.අමු මිරිස් කරල් 6
4.ගම්මිරිස් කුඩු මේස හැඳි 2
5.ඉඟුරු කැබල්ලක්
6.කුරුඳු පොතු ස්වල්පයක්
7.සුදු ළුුණු බික් 5ක් පමණ
8.කරපිංචා ස්වල්පයක්
9.ලුණු අවශ්‍ය පමණට
සාදා ගන්නා ආකාරය
මාලු තරමක කෑලි වලට කපා සෝදා ගන්න.වතුර කෝප්ප 1/2ක් දමා ගොරකා ටික මෙලෙක් වෙන් තුරු තම්බා,එම වතුරෙන්ම ගොරකා,ගම්මිරිස්,ඉඟුරු,සුදු ලූනු අඹරා ගන්න.මෙම අඹරා ගත් ද්‍රව්‍ය භාජනයකට දමා එයට අමු මිරිස්,කුරුඳු පොතු,කරපිංචා හා මාලු කැබලි කලවම් කරන්න.වතුර ස්වල්පයක් හා ලුණු මාලු මතට වත් කොට මද ගින්නේ උයා ගන්න.ඉන්පසු මාලු හැලිය උඩින් ගිනි කබලක් තබා ඉස්ම හිඳෙන තුරු පිස ගන්න.
This entry was posted
on 1:27 PM
and is filed under
අපේ කෑම
.
You can leave a response
and follow any responses to this entry through the
Subscribe to:
Post Comments (Atom)
.
0 comments