අවශ්‍ය ද්‍රව්‍ය
1.කොස් ඇට 25ක් පමණ,
2.පොල්කිරි කෝප්ප 3ක්,
3.ගා ගත් පොල් කෝප්ප 3/4ක්,
4.සුදු ලූනු බික්2ක්,
5.ගම්මිරිස් ඇට 5ක්,
6.එනසාල් කරල් 3ක්,
7.කරාබු නැටි 1ක්,
8.රම්පා කැගැල්ලක්,
9.කරපිංචා ඉති 1ක්,
10.කුරුඳු පොතු ස්වල්පයක්,
11.කහ කුඩු ස්වල්පයක්,
12.වියලි මිරිස් මේස හැඳි 1ක්,
13.රතු ලූණු ගෙඩි 2ක්,
14.අමු මිරිස් කරල් 2ක්,
15ලුණු වතුර ස්වල්පයක් ,
සාදා ගන්න ආකාරය
පළමුව සෝදාගත් කොස් ඇට සෝදා පොතු පිටින්ම ජලය දමා තම්බා ගන්න.කොස් ඇට තැම්බෙන තෙක් ගා ගත් පොල් ටික කබලේ දමා රන්වන් පැහැ වන තුරු බැද ගන්න.පසුව එය හීනියට අඹරා ගන්න.
කොස් ඇටයේ පොත්ත පුපුරන තරමට තැම්බූ පසු ජලය ඉවත් කර කොස් ඇට යම්තම් තලා බඳුනකට දමා එයට ඇඹරූ ගම්මිරිස්.සුදු ලූණු,කහ,මිරිස් කුඩු,රම්පා,කරපිංචා,තලන ලද කරාබු නැටි,එනසාල්.හීනියට ලියන ලද ලූණු,අමු මිරිස්,කුරුඳු පොතු,සහ අවශ්‍ය පමණ ලුණු දමා හොඳින් කලවම් කර එයට පොල් කිරි එකතු කර ලිප තබා පිස ගන්න.මාලුව තරමක් පිසුනු පසු එයට, බැද කුඩුකර ගත් පොල්ටික දමන්න.කොස් ඇට මාලුව උකු තත්වයට පත්වූ පසු ලිපෙන් බා ගන්න.
This entry was posted
on 10:24 AM
and is filed under
අපේ කෑම
.
You can leave a response
and follow any responses to this entry through the
Subscribe to:
Post Comments (Atom)
.

0 comments