චන්දන ඇල්ලෙන් නාලා අංජන මල් මී ගාලා
හැංගුණ බඹරා ආවා ලස්සන රහසක් කීවා
චන්දන ඇල්ලෙන් නාලා
මලට මුවා වී ඉන්නේ මල් පෙති යට සැඟවෙන්නේ
හදකට තුරුළු ව ඉන්නේ ලොකය නෑ එය දන්නේ
චන්දන ඇල්ලෙන් නාලා
දහසක් නෙත් යොමු වන්නේ එනමුදු නෑ හඳුනන්නේ
ඇසිපිය යට සැඟවෙන්නේ සිහින ලොවේ හමුවන්නේ
චන්දන ඇල්ලෙන් නාලා
එක කුසුමෙකි පිබිදෙන්නේ එක වන බඹරෙකි ඉන්නේ
දෙබරුන් සේනා නොඑන්නේ වෙනසක් නෑ සිදු වන්න
Subscribe to:
Post Comments (Atom)
-
ආරාධනා.................... ආරාධනා......... ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා අතීතයේ ගිළිහී ගිය සතුට රැගෙන යළි...
-
රණබිම මැරුනේ සිංහලයෙකු නම් පපුවේ වෙඩි සලකුණ ඇත්තේ සතුරට ලය දී මිස මැරුණේ නෑ ලේ පැල්ලම් නෑ පිට පැත්තේ... මවුබිම ජය ගනු නැත්නම් මරණ...
No comments:
Post a Comment
මොනව හරි කියන්න