ආරාධනා....................
ආරාධනා.........
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිළිහී ගිය
සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා...
නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වූ දා
සෙනේහයේ සත් පියුමෙන් යළිදු පිපේවා
ආරාධනා....
එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුහුමේ යළිඳු උපන්නෙමි
බිඳුනු එවන් රජ දහනින් සමුගෙන යන දා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා..
ආරාධනා...
Subscribe to:
Post Comments (Atom)
-
ගඟට කපන ඉණි ගඟදිය රැගෙන යති සැපට වැඩුණු කය පොළොවට දිරා යති අපට නොවේ බඹුටත් මරු ලඟාවෙති පිනට දුන්නු දේ පමණක් ඉතුරු ...
-
මේ ජීවනයේ - me jeewanaye - H. R. Jothipala මේ ජීවනයේ, මුළු සන්සාරේ, මේ ජීවනයේ, මුළු සන්සාරේ, උදාරයි, උදාරයි, උදාරයි ආදරේ, මහද ගිලෙන්...

No comments:
Post a Comment
මොනව හරි කියන්න