ආරාධනා....................
ආරාධනා.........
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිළිහී ගිය
සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා...
නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වූ දා
සෙනේහයේ සත් පියුමෙන් යළිදු පිපේවා
ආරාධනා....
එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුහුමේ යළිඳු උපන්නෙමි
බිඳුනු එවන් රජ දහනින් සමුගෙන යන දා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා..
ආරාධනා...
Subscribe to:
Post Comments (Atom)
-
පියුම් නීල විල උපන් වියේ.. අහංකාර ඔබෙ යොවුන් වියේ නෙතු කැලුම් වැදී.. මගෙ හිත දුකින් රිදේ.. සිඳංගනා මෘදු වදන් මලින් මට පවන් සලන් කුමරී....
-
සොඳු රිය ....... කාලය කොතරම් නපුරුද දිවි හිමියෙන් කඳුලැලි පුරවා ගෙන රැකගත් ආලය උදුරා ගෙන ගිය කාලය කොතරම් නපුරුද සොඳුරිය පෙරුම් පුරා ...
-
හන්තානට පායන හද ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුර හද ඔබට හෑකිය දකින්න ඇදුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න කුඩේ යටින් ඔබ යනකල එපා තනිය දෑ...

No comments:
Post a Comment
මොනව හරි කියන්න