ගැහැණුන්ගේ නිරුවත් ඡායාරූප පළ කිරීම ඇමරිකාවේ ප්ලේ බෝයි සඟරාව නතර කර ඇතැයි එම සමාගමේ ප්‍රධාන විධායක ස්කොට් ෆ්ලැන්ඩර්ස් කියයි.
ප්ලේ බෝයි සඟරාවේ පුරෝගාමී කර්තෘ හියු හෙෆ්නර් (89) නිරුවත් ඡායාරූප පළ කිරීමේ රටාව ඇති කළේය. ගැහැණුන්ගේ නග්න ඡායාරූප පළ කිරීම නතර කිරීමට එහි ප්‍රධාන කර්තෘ කෝරි ජෝන්ස් ගිය මාසයේ කළ යෝජනාවට හෙෆ්නර්ද එකඟත්වය පළ කළ බව නිව්යෝක් ටයිම්ස් පත්‍රය කියයි.
ජෝන්ස් පවසනුයේ අද හැම යෞවනයකුම ජංගම දුරකථනයෙන් හා වෙබ් අඩවියෙන් අන්තර්ජාලයට සම්බන්ධවී ඇති නිසාත් අන්තර්ජාලයේ නිමක් නැතිව අසභ්‍ය ඡායාරූප ඇති නිසා ප්ලේ බෝයි සඟරාව අමුතුවෙන් එම ඡායාරූප පළ කිරීමේ තේරුමක් නැති බවයි.
එහෙත් ගැහැණුන්ගේ කාමුක ඡායාරූප පළ කිරීම නොනවත්වන බවද කතුවරු කියති.
දැන් පරිගණකයට පිවිසුණු සැණින් අසභ්‍ය ඡායාරූප නොමිලේ බැලීමේ අවස්ථාව උදාවී ඇතැයිද සඟරාව කියයි.
1953 දී ප්ලේ බෝයි සඟරාවේ මුල් පිටුව මැර්ලින් මොන්රෝගේ නිරුවත් ඡායාරූපයකින් සරසා තිබිණි.
1975 දී ලක්ෂ 56 ක්වූ ප්ලේ බෝයි අලෙවිය අට ලක්ෂය දක්වා පහළ වැටී ඇතැයි කියති. සඟරාව නග්න රූපවලින් සරසතියිද ගැහැණුන් ලිංගික උපකරණ සේ සලකතියිද දිගට හරහට පහර එල්ලවිය.
ප්ලේ බෝයි සඟරාවේ නග්න ඡායාරූප පළ කළ සමයේත් එහි හොඳ විශේෂාංග පළවූ බවද නිව්යෝක් ටයිම්ස් පත්‍රය පවසයි.
Saturday, October 17, 2015
Subscribe to:
Post Comments (Atom)
-
මේ ජීවනයේ - me jeewanaye - H. R. Jothipala මේ ජීවනයේ, මුළු සන්සාරේ, මේ ජීවනයේ, මුළු සන්සාරේ, උදාරයි, උදාරයි, උදාරයි ආදරේ, මහද ගිලෙන්...
-
රණබිම මැරුනේ සිංහලයෙකු නම් පපුවේ වෙඩි සලකුණ ඇත්තේ සතුරට ලය දී මිස මැරුණේ නෑ ලේ පැල්ලම් නෑ පිට පැත්තේ... මවුබිම ජය ගනු නැත්නම් මරණ...
-
ඇගෙ සිනහව තහනම් ගෙදරින් මට තහනම්.. සැළ වෙයි ගෙදරට ඇය හමු උනොතින් චර පුරුෂයෝ දැන් මා වටලා.. යන එන හැම තැන මුර දාලා යන එන හැම තැන මුර දා...
No comments:
Post a Comment
මොනව හරි කියන්න