රන්වන් වත බැබලෙන්නේ මල් මල් මදහස දෙන්නේ
නාරිලතා ලිලෙ පපා පාදෙ නගාලා
චන්ද්රසිකා කන්ද කපා එන්න එබීලා
( දිස්නෙ
දිදී රශ්මි කඳන් දෑලෙ විදාලා )//
ඔබේ
රුවෙන් වැවේ විලේ කුසුම් පිපෙන්නේ
ඔබේ හඬින්
ලිහිනි ගිරා කොබෙයි හඬන්නේ//
ඔබේ සිතයි
දිවා රැයේ සදා පතන්නේ//
මා
එතනයි ජීවත්වී ඉන්නේ
රන්වන් වත
බැබලෙන්නේ
මිණි මුතු
රුවන් රිදී නැතේ සොයන්නේ
සුසිනිදු
සලිපිලි පලේ නොවන්නේ//
ඔබේ සිතයි
දිවා රැයේ සදා පතන්නේ//
මා පමනණයි
ඒබැව් දැන ඉන්නේ
රන්වන් වත
බැබලෙන්නේ
No comments:
Post a Comment
මොනව හරි කියන්න