Saturday, January 30, 2016

සොඳුරිය -Sonduriys kalaya kotharam napuruda

සොඳුරිය .......
කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කඳුලැලි පුරවා ගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය

පෙරුම් පුරා දුක සේ ගලපා ගත්
කවිය ඔබම වී නැළවුණු යුගයක
හද රැඳී ඔබේ රුව සිහිනෙකවත් නැත
ඒ ...රුව කෙතරම් මිහිරිද ...සොඳුරිය
සොඳුරිය.... කාලය කොතරම් නපුරුද ....

ලොවට හොරා විලිලා බිහි කරගත් 
වසන්තයේ සඳ මියැදුණු දවසක
බෙදා හදාගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය

සොඳුරිය.... කාලය කොතරම් නපුරුද ....



No comments:

Post a Comment

මොනව හරි කියන්න

Me anantha rathriye