නිසඟ පවන මත හිනැහි
හිනැහි පිනිමල් මතින් වඩිණු දෙව් ලියේ…
රත තඹර මල් සුවඳ විහිදා බිඟුන් බමනා ඈ වටා…
ඇගෙ නිකිණි සිනහ මල්කිනිති සැලෙන විට
දැනෙන දැනෙන හැඟුමන්
රත තඹර මල් සුවඳ විහිදා බිඟුන් බමනා ඈ වටා…
ඇගෙ නිකිණි සිනහ මල්කිනිති සැලෙන විට
දැනෙන දැනෙන හැඟුමන්
රන තිසරු රුවැති
ඇගෙලදල්ල මැදමම සිහින සිහින වින්දෙම්
සප්ත ස්වරයයි
සුවඳ හමනා… //
සප්ත ස්වරයයි
සුවඳ හමනා… //
හිත පුරා විසිරි මුතු ලතා…
ඉහිරුණා රුවැති හද පතා..
හීන මුසු වුණුපාට තැවරුණදෑස අභියස නැවතිලා
ඇගෙ නිකිණි සිනහ මල්…
ඉහිරුණා රුවැති හද පතා..
හීන මුසු වුණුපාට තැවරුණදෑස අභියස නැවතිලා
ඇගෙ නිකිණි සිනහ මල්…
No comments:
Post a Comment
මොනව හරි කියන්න