Saturday, January 30, 2016
සොඳුරිය -Sonduriys kalaya kotharam napuruda
සොඳුරිය .......
කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කඳුලැලි පුරවා ගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය
දිවි හිමියෙන් කඳුලැලි පුරවා ගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය
පෙරුම් පුරා දුක සේ ගලපා ගත්
කවිය ඔබම වී නැළවුණු යුගයක
හද රැඳී ඔබේ රුව සිහිනෙකවත් නැත
ඒ ...රුව කෙතරම් මිහිරිද ...සොඳුරිය
කවිය ඔබම වී නැළවුණු යුගයක
හද රැඳී ඔබේ රුව සිහිනෙකවත් නැත
ඒ ...රුව කෙතරම් මිහිරිද ...සොඳුරිය
සොඳුරිය.... කාලය කොතරම් නපුරුද ....
ලොවට හොරා විලිලා බිහි කරගත්
වසන්තයේ සඳ මියැදුණු දවසක
බෙදා හදාගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය
බෙදා හදාගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය
සොඳුරිය.... කාලය කොතරම් නපුරුද ....
Friday, January 8, 2016
එක යායේ කකා වැටී - Eka yaye kaka weti
එක යායේ කකා වැටී - එකා වගේ එකට ඉදී
එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...
ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා..
ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී..
දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති..
එක යායේ කකා වැටී....
වලට වැටුනු එකා යකා වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති..
නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි
කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..
එක යායේ කකා වැටී...
එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...
ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා..
ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී..
දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති..
එක යායේ කකා වැටී....
වලට වැටුනු එකා යකා වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති..
නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි
කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..
එක යායේ කකා වැටී...
Subscribe to:
Posts (Atom)
-
ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා පෙම් සීන හෙලිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනා// යහතින් වාසවී දෑස සේමා ලංවී මංදාකිනියේ මදහ...
-
අවශ්‍ය ද්‍රව්‍ය 1.බල මාළු ග්‍රෑම් 500 2.ගොරක කෑලි 10 3.අමු මිරිස් කරල් 6 4.ගම්මිරිස් කුඩු මේස හැඳි 2 5.ඉඟුරු කැබල්ලක් 6.කුරුඳු පොතු ස්වල්පයක...
-
ඇගෙ සිනහව තහනම් ගෙදරින් මට තහනම්.. සැළ වෙයි ගෙදරට ඇය හමු උනොතින් චර පුරුෂයෝ දැන් මා වටලා.. යන එන හැම තැන මුර දාලා යන එන හැම තැන මුර දා...