Friday, May 29, 2015

සතර වරම් දෙවි මහරජ-sathara waram devi

සතර වරම් දෙවි මහරජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ
පුවක් මල් කිනිත්තෙන් //

පළා පෙති බැඳන් ගෙල වට
හංස පියාපත් සලමින //
නුඹේ පා යටින්
සඳකඩ පහණ පායලා
බ්‍රහස්පතී තාරකාව
මුදුන් වී සරත් නුබ ගැබ
ස්වර්ණමාලි මහ සෑ අග
කොත් පලන්දලා //

සතර වරම් දෙවි මහරජ

කලා වැව් දියේ උත්පල
නෙලා ගෙනැ ඇඟිලි පොකුරට //
අප්සරාවියන් ලෙන් දොර
බලා හිඳිනවා
වළාහක දෙවිඳු
ඉසිවර ඇසින් බල බලා පුතු දෙස
ඉසුරුමුණි විහාරය ළඟ
අන්න හිඳිනවා //

සතර වරම් දෙවි මහරජ


No comments:

Post a Comment

මොනව හරි කියන්න

Me anantha rathriye