Friday, May 29, 2015

ඇතුල් හිතේ- Athul hithe

ඇතුල් හිතේ හිත පතුලෙම පරිස්සමින් හංඟා..
තුරුළු සුවේ සියුමැල්ලෙන් පිරිමැද නිදිකරවා..
පතුල් පවා සිඹ සිඹනිදුකින් මා කර පින්නා..
නැළවිල්ලෙන් ආත්මයම උණුහම් කල අම්මා..
මගේ අම්මා...

වචන රහිත දිගම පේන ගීය කනේ රන්දා..
දුකින් තොරව දිවි ගෙවන්නපාර කියුවේ අම්මා..
නැතිබැරි කම් හංඟා ඇති දේ පිරිමහලා..
කවා පොවා හැදුවේ අම්මා..
ආත්මයම හැදුවේ අම්මා..

ඇතුල් හිතේ....

හරිම තැනින් පටන් ගන්න කියා දුන්නු හින්දා..
හොදම දෙයක් කරන් යද්දි සතුටු වෙන්නේ අම්මා..
සැප විදිනවා දැකලා.. හිස සිඹ සුභ පතලා..
හිනා වෙවී හැඬුවේ අම්මා..
ආත්මයම හැදුවේ අම්මා..


ඇතුල් හිතේ....

No comments:

Post a Comment

මොනව හරි කියන්න

Me anantha rathriye