Friday, May 29, 2015

දිය කිඳුරිය සේ - Diya kinduriya se

දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ - ආල සිතුවම්
රුවන් රූ පිලිරූ මැවේ
කිව මැන ඔබ කව්දෝ ලදේ...//

දේහ ලතාවේ රූසිරු වරුනේනොදැනී මේ නෙත යාවෙලා..
දිගුනිල් වරලේ නිළුපුල් නයනේසැගවේවා අද පාවෙලා..
මිනිදැල් පරදා හසකැන් නැගුනාපෙම් ඇරයුම් ගෙන ආ නිසා..
මනසේ ඇදුනා‍ දෙනෙතින් මිදුනාසිහිනය සේ නොපෙනී ගියා..
මේ දිවි ගමනේ රන් ටැඹ ඔබවේ
උපදින සසරේ වාසනා...

දිය කිඳුරිය සේ...//

දෙදෙනා හමුවී පෙරදා සසරේඋන්නා සේ මට ලංවෙලා..
සුපුරුදු සුවඳයි ඔබ ලඟ රැදුනේකව්රුන්දෝ මේ රූපිකා..
හිරුදැක දිලෙනා පිණි මල වාගේඔබ ඇසුරෙන් වෙන්වී නොයා..
රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේදෙදෙනා යමු පෙම් චාරිකා..
තනිවෙමු ඔබ මා මේ සැණකෙලියේ
ඔබ‍ටයි මේ පෙම් ගීතිකා...

දිය කිඳුරිය සේ...//

ජය මංගලම් සුභ මංගලම්-Jaya mangalam subha mangalam

ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා
පෙම් සීන හෙලිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනා//
යහතින් වාසවී දෑස සේමා ලංවී මංදාකිනියේ මදහාසදී
නංවා පබා කැන් සදා
ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා
පෙම් සීන හෙලිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනා

ගිම්හානෙ මෙන් සීතෙ සංසුන් සලකා සදාකල්
පුදලා සම්බෝග සම්පත් අරඹේ පුරා මල්
පෙම්වන්ත ලන්දුන්ට මල්හී වැසී මල්සරාගේ
හෝ…… ලංවේවා සුභයෝග මුදුවේ බැඳී පුෂ්පරාගේ
හා…හා…හා.. යහතින් වාසවී දෑස සේමා ලංවී
ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා
පෙම් සීන හෙලිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනා

පැටලෙන්නෙ සුලැගිල්ලෙ සියුමැල්ලෙ සිතකී සිතූසේ
ගෙන යන්න සැනසිල්ල ලනුදිව්‍ය වෙතටයි පැතූ සේ
පැටලෙන්නෙ සුලැගිල්ලෙ සියුමැල්ලෙ සිතකී සිතූ සේ
හෝ……ගෙනයන්නෙ සැනසිල්ලෙ ලනු ලිව්‍ය වෙතටයි පැතූ සේ
හා…හා…හා..හර්දේ පූජාසනේ සිහිනයේ දෙව් රැජිනේ

ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා
පෙම් සීන හෙලිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනා//
යහතින් වාස වී දෑස සේමා ලංවී මංදාකිනියේ මදහාස දී
නංවා පබා කැන් සදා
ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා
පෙම් සීන හෙලිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනා

ලන්ද දිගේ හැංගි- Landa dhige

රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ //

දෑත දරා පෙරදා කීව කතාවේ
දෑස රැඳේ තාම බැඳීලා
සීත රැයේ හඬනා දෑස ගියාවේ
දෑත ඔබේ ලෝකේ සොයාලා

ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ
රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ //

පාළු පැයේ මුමුණා ගීත ගැයේවා
පාළු සිතේ ශෝක නිවාලා
ජීවිතයේ තනි වී දෑත රැඳේවා
ආයේ ඔබේ දෑතේ බැඳීලා..

ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ

රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ //

රන්වන් වත - Ran wan watha

රන්වන් වත බැබලෙන්නේ මල් මල් මදහස දෙන්නේ
නාරිලතා ලිලෙ පපා පාදෙ නගාලා
චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා
( දිස්නෙ දිදී රශ්මි කඳන් දෑලෙ විදාලා )//

ඔබේ රුවෙන් වැවේ විලේ කුසුම් පිපෙන්නේ
ඔබේ හඬින් ලිහිනි ගිරා කොබෙයි හඬන්නේ//
ඔබේ සිතයි දිවා රැයේ සදා පතන්නේ//
මා එතනයි  ජීවත්වී ඉන්නේ
රන්වන් වත බැබලෙන්නේ

මිණි මුතු රුවන් රිදී නැතේ සොයන්නේ
සුසිනිදු සලිපිලි පලේ නොවන්නේ//
ඔබේ සිතයි දිවා රැයේ සදා පතන්නේ//
මා පමනණයි ඒබැව් දැන ඉන්නේ

රන්වන් වත බැබලෙන්නේ

දවසක්‌ පැල නැති හේනේ- Dhawasak pala nathi

දවසක්‌ පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්‌සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණදා
බිරිඳකගේ සෙනෙහේ ගියා
යෝද ඇළේ නැම්මේ
නුඹ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ

කොළඹ අහස කලුකරගෙන
මුහුදු හුළඟ අඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එනතුරු ඉඳිකඩ ලඟ
ඉන්නවාද අම්මේ


රණබිම මැරුනේ සිංහලයෙකු නම්- Rana bima marune

රණබිම මැරුනේ සිංහලයෙකු නම්
පපුවේ වෙඩි සලකුණ ඇත්තේ
සතුරට ලය දී මිස මැරුණේ නෑ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ...

මවුබිම ජය ගනු නැත්නම් මරණය
දෙකකින් එකකි මින් ජය ගත්තේ
මිහිකත සිපගෙන මියගිය ඇත්තොයි
සුරපුරයට කැඳවා ගත්තෝ...
රණබිම මැරුනේ

මල යහනාවක් මත සුව මරණය
හෙළ විරුවන් හට උරුම නැතේ
කිසිදා නොමියෙන මල පුබුදිනවා
විරුවන් මළ රණ බිම මත්තේ...

රණබිම මැරුනේ

සතර වරම් දෙවි මහරජ-sathara waram devi

සතර වරම් දෙවි මහරජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ
පුවක් මල් කිනිත්තෙන් //

පළා පෙති බැඳන් ගෙල වට
හංස පියාපත් සලමින //
නුඹේ පා යටින්
සඳකඩ පහණ පායලා
බ්‍රහස්පතී තාරකාව
මුදුන් වී සරත් නුබ ගැබ
ස්වර්ණමාලි මහ සෑ අග
කොත් පලන්දලා //

සතර වරම් දෙවි මහරජ

කලා වැව් දියේ උත්පල
නෙලා ගෙනැ ඇඟිලි පොකුරට //
අප්සරාවියන් ලෙන් දොර
බලා හිඳිනවා
වළාහක දෙවිඳු
ඉසිවර ඇසින් බල බලා පුතු දෙස
ඉසුරුමුණි විහාරය ළඟ
අන්න හිඳිනවා //

සතර වරම් දෙවි මහරජ


Me anantha rathriye