Friday, August 5, 2016

තව දවසක් හමු වී ඉමු මේ භවේ - thawa dawasak hamuvi

තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ
තව දවසක් හමු වී ඉමු මේ භවේ

මදපවනේ මුසු කෙරුවේ
යළි නොඑනා මතක අපේ
නිදි පැදුරේ ගෙවෙන පැයේ
සිහි කෙරුවා සුවඳ ඔබේ ..ජිවිතේ............. 
පාළුයි මගේ

තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ

තරු දෙවැටේ පිපෙන සඳේ
දුක වැඩලා ලොවට අපේ
කිරි සයුරේ මුතු පතුලේ
සැඟව ගියා මැණික මගේ ...ආදරේ .....
ගීයක් වගේ............

තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ.....
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ....
තව දවසක් හමු වී ඉමු මේ භවේ

 thawa dawasak

No comments:

Post a Comment

මොනව හරි කියන්න

Me anantha rathriye