Thursday, September 4, 2014

නගරයක් පාච්චල් කළ කෙල්ල හිරේට?

නගරයක් සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් තම සමාජ ජාල වෙබ් අඩවි ගිණුමේ පළකිරීමේ වරදට නීති ශිෂ්‍යාවක් අවුරුදු 6 කට සිරගත කිරීමට ඉන්දුනීසියා බළධාරීන් සැරසේ.

මෙම ශිෂ්‍යාව ඉන්දුනීසියාවේ ජොග්ජා නගරයේ ඉන්ධන පිරවුම්හලකින් තම මෝටර් රථයට ඉන්ධන ලබාගැනීමට පැමිණ සිටියදී ඇයට සේවය ලබාදීම එම පිරවුම්හලෙන් ප්‍රතික්ෂේප කර ඇත.

මෙයින් උරණ වූ ඇය සිදුකර ඇත්තේ තමන්ට සිදුවූ අබග්ගය පිළිඹද කෙටි වීඩියෝවක් පටිගත කර එය තම සමාජ ජාල වෙබ් අඩවි ගිණුම් වලට එක් කිරීමයි.

‘‘ජොග්ජා මහ කමකට නැති නගරයක්.කවුරුවත් මෙහෙට එන්න එපා‘‘ලෙසද ඇය එම වෙබ් අඩවි වල ප්‍රකාශයක්ද සටහන් කර තිබේ.

ඇය නොසිතූ පරිදි ඇයගේ ප්‍රකාශයට හා වීඩියෝවට දැඩි විරෝධයක් පළව ඇත.

එයිනුත් නොනැවතුනු ඇතැමුන් කර ඇත්තේ මේ පිළිඹද ජොග්ජා පොලිසිය දැනුම්වත් කිරීමයි.ලැබෙන පැමිණිලි ගණන ක්‍රමක්‍රමයෙන් වැඩි වූ හෙයින් පොලිසිය අවසානයේ මෙම ශිෂ්‍යාව අත්අඩංගුවට ගෙන ඇත.

ඇයට එරෙහිව සිතාමතා අපහාස කිරීම හා නින්දාවට පත්කිරීම යන චෝදනාව යටතේ නඩු පැවැරීමට යන බව සදහන්ය.වැරදිකාරිය බවට ඔප්පු වුවහොත් ඇයට අවුරුදු 6 ක සිරදඩුවමකට යටත්වීමට සිදුවනු ඇත.

නඩු විභාගයට පූර්වයෙන් ඇය නිදහස් කිරීමට පොලිසිය කටයුතු කර තිබෙන අතර ඇයගේ නීතිඥයා පවසන්නේ මෙය ඉතා අයුක්තිසහගත තීරණයක් බවයි
.

No comments:

Post a Comment

මොනව හරි කියන්න

Me anantha rathriye