Thursday, December 29, 2022

මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා. Malliye naraka mithuran piliganna epa

මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා

නංගියෙ නොහොබිනාකම් හුරුවෙන්ට එපා

බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා

හතුරෙකුටවත් මටවන් දුකවෙන්ට එපා


දළදා මැදුරෙ තේවා හඬ රැව් දෙනවා

කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා

සියක් වාරයක් මැරි මැරි උපදිනවා

තිබහට වතුර වෙනුවට කඳුලැලි බොනවා


ලැබුවේ අවවාද නොහොබින ආරකය

දුදනන් නිසා විය හෙනහුරු මාරකය

මං පෙර ගියේ වරදින් පිරි පාරකය

ඒ ගිය මගේ අවසානය පෝරකය


Released: 2020
Featured artist: Sunil Edirisinghe

No comments:

Post a Comment

මොනව හරි කියන්න

Me anantha rathriye