ගැහැණුන්ගේ නිරුවත් ඡායාරූප පළ කිරීම ඇමරිකාවේ ප්ලේ බෝයි සඟරාව නතර කර ඇතැයි එම සමාගමේ ප්‍රධාන විධායක ස්කොට් ෆ්ලැන්ඩර්ස් කියයි.
ප්ලේ බෝයි සඟරාවේ පුරෝගාමී කර්තෘ හියු හෙෆ්නර් (89) නිරුවත් ඡායාරූප පළ කිරීමේ රටාව ඇති කළේය. ගැහැණුන්ගේ නග්න ඡායාරූප පළ කිරීම නතර කිරීමට එහි ප්‍රධාන කර්තෘ කෝරි ජෝන්ස් ගිය මාසයේ කළ යෝජනාවට හෙෆ්නර්ද එකඟත්වය පළ කළ බව නිව්යෝක් ටයිම්ස් පත්‍රය කියයි.
ජෝන්ස් පවසනුයේ අද හැම යෞවනයකුම ජංගම දුරකථනයෙන් හා වෙබ් අඩවියෙන් අන්තර්ජාලයට සම්බන්ධවී ඇති නිසාත් අන්තර්ජාලයේ නිමක් නැතිව අසභ්‍ය ඡායාරූප ඇති නිසා ප්ලේ බෝයි සඟරාව අමුතුවෙන් එම ඡායාරූප පළ කිරීමේ තේරුමක් නැති බවයි.
එහෙත් ගැහැණුන්ගේ කාමුක ඡායාරූප පළ කිරීම නොනවත්වන බවද කතුවරු කියති.
දැන් පරිගණකයට පිවිසුණු සැණින් අසභ්‍ය ඡායාරූප නොමිලේ බැලීමේ අවස්ථාව උදාවී ඇතැයිද සඟරාව කියයි.
1953 දී ප්ලේ බෝයි සඟරාවේ මුල් පිටුව මැර්ලින් මොන්රෝගේ නිරුවත් ඡායාරූපයකින් සරසා තිබිණි.
1975 දී ලක්ෂ 56 ක්වූ ප්ලේ බෝයි අලෙවිය අට ලක්ෂය දක්වා පහළ වැටී ඇතැයි කියති. සඟරාව නග්න රූපවලින් සරසතියිද ගැහැණුන් ලිංගික උපකරණ සේ සලකතියිද දිගට හරහට පහර එල්ලවිය.
ප්ලේ බෝයි සඟරාවේ නග්න ඡායාරූප පළ කළ සමයේත් එහි හොඳ විශේෂාංග පළවූ බවද නිව්යෝක් ටයිම්ස් පත්‍රය පවසයි.
Saturday, October 17, 2015
Subscribe to:
Comments (Atom)
-
ආචාර්ය සී .ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහත්මා මිය ගියේ අද වගේ දවසකය.අප කාටත් එය අමතකය.මා හිතනා ආකාරයට එසේ අමතක කර දැමීම යුතු නැත.කෙසේ වුවත් ම...
-
රණබිම මැරුනේ සිංහලයෙකු නම් පපුවේ වෙඩි සලකුණ ඇත්තේ සතුරට ලය දී මිස මැරුණේ නෑ ලේ පැල්ලම් නෑ පිට පැත්තේ... මවුබිම ජය ගනු නැත්නම් මරණ...
-
දැනුම පොතට කමතේ හරක් දැක්කීමේදී භාවිත කරන සහැල්ල - අඬහැරය දෙපයින් ගොයම් පාගන තැන - පාවර කමතට ගෙනෙන ආහාරය - මූත්තෙට්ටුව කුරුම්බා - කහපැන...