මේක මගේ පෞද්ගලික අදහසක් විතරයි. මේ ලිපිය කා ගැනවත් ද්වේ ශයෙන් ලියනවා කියලා හිතන්න එපා.මම කෙලින්ම පටන් ගන්නම්.
ඇත්තටම හෙදියක් කිව්වාම අපේ හිතේ මැවෙන්නේ මොනවගේ චිත්ත රූපයක්ද.
හිතන්න ඔබේ පව්ලේ කෙනෙක් ලෙඩ වෙලා රෝහලක නැවැත්තුවා කියලා. ඔබ එයාව බලන්න ගිහිල්ලා හෙදියකගෙන් විමසුවහම එයා දෙන උත්තරය මොකක් වෙයිද?
හැම හෙදියක්ම නෙමෙයි බොහෝ හෙදියන් ඔබට කියන්න ඇත්තෙ ඔයාගෙ තාත්තට විතරක් නෙමෙයි,ඔයාගෙ අම්මට විතරක් නෙමෙයි එහෙමත් නැත්තම් ඔයාගෙ මල්ලිට,අක්කට,අයියට (මේ ආදී වශයෙන්) විතරක් නෙමෙයි අපිට බෙහෙත් දෙන්න තියෙන්නෙ.අපි එයාගෙ ලෙඩේට බෙහෙත් දෙන්නම්.අපි කී දෙනෙකුට කියල උත්තර දෙන්නද?,
එහෙමත් නැත්නම් හිතන්න ඔබ තුවාල වෙලා බෙහෙත් දාගන්න්න ගියා කියලා, මොන විදිහට සලකන්න ඇතිද?
කෝ පොඩ්ඩක් දඟලන්නෙ නැතුව ඉන්න,පොඩි එකෙක් වගෙයි නෙ දඟලන්නෙ,කෝ කෝ ඉක්මනට,කියල කීපාරක් කියන්න ඇතිද?
ගොඩක් වෙලාවට හෙදියො කතා කරන්නෙ ලෙඩාට ලෙඩාගෙ වයස බලල නෙමෙයි,කොයි තරම් වයසක අයෙක් වුවත් එයාට ඒ පුත්ගලයා ලෙඩෙක් විතරයි,සිරිපාල,කුසුමාවතී කියල නමින්මයි ආමන්ත්‍රනය කරන්නෙ.
එයාගෙ අම්මට, තත්තට, සීයට එහෙම කතා කරයිද?
ඇයි මෙහෙම වෙලා තියෙන්නේ
අනේ මංද
හෙදියනි,
"ඇත්තටම කරුනාව, දයාව, ඔබට උරුම දෙයක් බව අමතක කරන්න එපා. ලෙඩකදි දුකකදි පිහිටවෙන ඔයා ල දිහා අපි බලන්නෙ දෙවිවරු වගේ, ගෙදර ප්‍රශ්න අමතක කරල ලෙඩ්ඩුත් එක්ක ආදරයෙන් ඉන්න බලන්න. නංගියේ,
එතකොට ඔබ දිහා හැමෝම ආදරයෙන් බලාවි."
Thursday, August 21, 2014
Subscribe to:
Post Comments (Atom)
-
තැටිය මැද්දෙ කළු කරාපු පහන්තිරය මැදට ආපු හනුමන්තත් පුදුම හිතෙනවා රාමටත් බැරි උනාලු මහ වැඩකට පෙලඹුනාලු අපි දැකලා එයා හඬනවා// දැන් කොහෙද ...
-
පියුම් නීල විල උපන් වියේ.. අහංකාර ඔබෙ යොවුන් වියේ නෙතු කැලුම් වැදී.. මගෙ හිත දුකින් රිදේ.. සිඳංගනා මෘදු වදන් මලින් මට පවන් සලන් කුමරී....
-
සිතේ සතුට ජීවිතයේ මිහිර ළං වුණා ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම් ඉටු වුණා ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම් ඉටු වුණා // සිඳ දාලා කුල ගොත ...
No comments:
Post a Comment
මොනව හරි කියන්න