Wednesday, September 23, 2009

අද අපට අමතක වූ අධ්‍යාපනයේ පියා



ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහත්මා මිය ගියේ අද වගේ දවසකය.අප කාටත් එය අමතකය.මා හිතනා ආකාරයට එසේ අමතක කර දැමීම යුතු නැත.කෙසේ වුවත් මේ ශ්‍රීමතානන් සිහිවීම පිණිස තබනා කෙටි සටගනකි මේ.


එතුමගේ උපත සිදු වන්නේ 1884 ඔක්තෝබර් මස 13 දින අම්බන්ගොඩය. අම්බලන්ගොඩ වෙස්ලියන් ඉංග්‍රීසි පාසලෙහි මූලික අධ්‍යාපනය ලැබූ කන්නන්ගර ශිෂ්‍යයා සියලු විෂයවලට දැක්වූ විශිෂ්ඨ දක්ෂතාව හේතුවෙන් ශිෂ්‍යත්වයක් ලැබ එවකට දක්ෂිණ ලංකාවෙහි ඉතා උසස් තත්ත්වයේ ඉංග්‍රීසි ආයතනයක් වූ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙහි ද්විතීයික අධ්‍යාපනය ලැබීමේ වාසනාව ලැබුවේය. රිච්මන්ඩ් විදුහලෙහි අධ්‍යාපනය ලැබීමේ අවසන් වන කාලයේ දී පාසලෙහි දක්ෂතම ශිෂ්‍යයා වශයෙන් සම්මාන ලැබීමේ භාග්‍යය ඔහුට හිමිවුයේය. 1901 දී කේම්බ්‍රිජ් සීනියර් විභාගයෙන් දක්ෂතමයා වශයෙන් සමත්වූ ඔහු 1904 දී රිච්මන්ඩ් විදුහලෙහි උප ගුරු පදවියක් ලැබුවේය.


1910 දී ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නීතිඥවරයෙකු වශයෙන් දිවුරුම් දුන් ඔහු 1922 දී මහනුවර වාසල මුදලි ඒඩ්න් විජේසූරිය මෙනෙවිය සමඟ විවාහ විය. 1923 දී ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව සඳහා ගාලු අසුනට ඉදිරිපත් වී ඉන් ද ජයග්‍රහනය කළේය.


1930 දී ලංකා ජාතික සංගමයේ සභාපති වූ මෙතුමා 1931 දී ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යට‍තේ ලංකාවේ පැවති ප්‍රථම සර්ව ජන මැතිවරණයේ දී ගාල්ලේ මන්ත්‍රීවරයා බවට පත්විය. ජාතික ඇඳුමින් සැරසී ප්‍රථම වරට සභාගැබට ඇතුලු වූ පුද්ගලයා වූයේ ද එතුමාය. එවකට ඇතිකල අධ්‍යාපන කා‍රක සභාවේ සභාපති තනතුරට ද පත්ව 1931 දී ප්‍රථම අධ්‍යාපන ඇමති ධූරයටද පත්විය. 1936 දී මතුගම නියෝජිතයා වී වසර 16ක් ම අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් කටයුතු කළේය.


කන්නන්ගර යුගයේ දී අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ලක්ෂණ බොහෝමයක් සිදු විය. හුදෙක් කන්නන්ගර යුගයට ස්වර්ණමය භාවයෙක් ගෙන දුන්නේ මෙම අධ්‍යාපන සංශෝධන ඇතිවීමය. එනම් රටේ අධ්‍යාපන අවස්ථා සුලභ කිරීම, ග්‍රාමීය අධ්‍යාපන ක්‍රමයක් බිහි කිරීම, වැඩිහිටි අධ්‍යාපන පහුසකම් සැපයීම, අධ්‍යාපනික උපයෝගී සේවාවන් ආරම්භ කිරීම, මව්භාෂාවෙන් ඉගැන්වීම ආරම්භ කිරීම, ඉංග්‍රීසි භාෂාව දෙවෙනි විෂයක් ලෙස පිළි ගැනීම, නිදහස් අධ්‍යාපනයක් ඇති කිරීම, මධ්‍ය මහා විද්‍යාල ආරම්භ කිරීම, පාසැල් විෂය මාලා ප්‍රතිසංස්කරණය (රටේ අවශ්‍යතාවන් හා ජාතික උරුමයන් ට ගැළපෙන අයුරින්) යනාදිය විය.


1924 දී ව්‍යවස්ථාදායක සභාවට තේරී පත්වීමෙන් පසුව ගුරුවරුනට වැඩි වැටුපක් ලබාදීම උදෙසා කටයුතු කළ අතර විශ්‍රාම වැටුප් ලබා දීමටද ද පියවර ගත්තේය.


ලාංකේය දරු දැරියනට නිදහස් අධ්‍යාපනය උදා කරළිම සදහා අනුපමේය සේවයක් ඉටු කළ කන්නන්ගර ශ්‍රීමතාණෝ වර්ෂ 1969 සැප්තැම්බර් මස 23 දි මෙලොවින් සදහටම සමුගත්තේ ය.


අවංක බව, ඉවසීම, දැඩි ආත්ම විශ්වාසය හා කැපවීමේන කටයුතු කිරීම මෙම සැබෑ මානව හිතවාදියාගේ චරිතයෙහි විශිෂ්ඨ ගුණාංගයක් විය. ජාතියේ උන්නතියට පළ වූ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණෝ සිහිපත් කරන මෙම මොහොතේ එතුමා වෙනුවෙන් කල හැකි උසස්ම උපහාරය වනුයේ එතුමාණන් විසින් කොතෙකුත් බාධක මධ්‍යයේ අප උදෙසාම ආරම්භ කල නිදහස් අධ්‍යාපන ක්‍රමය මේ රටේ මතු පරපුරේ ද සුභ සිද්ධිය උදෙසා දායාද කිරීමයි. එය අප සියලු දෙනාගේ යුතුකම හා වගකීම ද වන්නේය.


සන්නස හා නැණකිරන වෙබ් අඩවි මගින් බොහෝ දෑ උපුටා ගන්නා ලදී


Thursday, September 3, 2009

හෙදිය

මේක මගේ පෞද්ගලික අදහසක් විතරයි. මේ ලිපිය කා ගැනවත් ද්වේ ශයෙන් ලියනවා කියලා හිතන්න එපා.මම කෙලින්ම පටන් ගන්නම්.
ඇත්තටම හෙදියක් කිව්වාම අපේ හිතේ මැවෙන්නේ මොනවගේ චිත්ත රූපයක්ද.
හිතන්න ඔබේ පව්ලේ කෙනෙක් ලෙඩ වෙලා රෝහලක නැවැත්තුවා කියලා. ඔබ එයාව බලන්න ගිහිල්ලා හෙදියකගෙන් විමසුවහම එයා දෙන උත්තරය මොකක් වෙයිද?
හැම හෙදියක්ම නෙමෙයි බොහෝ හෙදියන් ඔබට කියන්න ඇත්තෙ ඔයාගෙ තාත්තට විතරක් නෙමෙයි,ඔයාගෙ අම්මට විතරක් නෙමෙයි එහෙමත් නැත්තම් ඔයාගෙ මල්ලිට,අක්කට,අයියට (මේ ආදී වශයෙන්) විතරක් නෙමෙයි අපිට බෙහෙත් දෙන්න තියෙන්නෙ.අපි එයාගෙ ලෙඩේට බෙහෙත් දෙන්නම්.අපි කී දෙනෙකුට කියල උත්තර දෙන්නද?,
එහෙමත් නැත්නම් හිතන්න ඔබ තුවාල වෙලා බෙහෙත් දාගන්න්න ගියා කියලා, මොන විදිහට සලකන්න ඇතිද?
කෝ පොඩ්ඩක් දඟලන්නෙ නැතුව ඉන්න,පොඩි එකෙක් වගෙයි නෙ දඟලන්නෙ,කෝ කෝ ඉක්මනට,කියල කීපාරක් කියන්න ඇතිද?
ගොඩක් වෙලාවට හෙදියො කතා කරන්නෙ ලෙඩාට ලෙඩාගෙ වයස බලල නෙමෙයි,කොයි තරම් වයසක අයෙක් වුවත් එයාට ඒ පුත්ගලයා ලෙඩෙක් විතරයි,සිරිපාල,කුසුමාවතී කියල නමින්මයි ආමන්ත්‍රනය කරන්නෙ.
එයාගෙ අම්මට, තත්තට, සීයට එහෙම කතා කරයිද?
ඇයි මෙහෙම වෙලා තියෙන්නේ
අනේ මංද
හෙදියනි,
"ඇත්තටම කරුනාව, දයාව, ඔබට උරුම දෙයක් බව අමතක කරන්න එපා. ලෙඩකදි දුකකදි පිහිටවෙන ඔයා ල දිහා අපි බලන්නෙ දෙවිවරු වගේ, ගෙදර ප්‍රශ්න අමතක කරල ලෙඩ්ඩුත් එක්ක ආදරයෙන් ඉන්න බලන්න. නංගියේ,
එතකොට ඔබ දිහා හැමෝම ආදරයෙන් බලාවි."

Tuesday, September 1, 2009

අපේ ගී

අන්තර්ජාලයේ සැරි සරද්දී හම්බ වෙච්ච අපේම ගීත කිහිපයක් මේ.

1.කොමුල් අමඩ් ලෙඩ් ලිනසී
එ බොන්ද මියුර් යහ බැ සී
එ කපල් දල වන් දිගැ සී
මන ජල්(ව)යි (සිත්) නොමු සී


2.සව බරණින් සැජ් ගිරි හිසැ සිටිහි කුමට
යෙහෙළී කියා සො නුමුත අප හිමි බවුදු
(දෙ‍කෙ)ස ලුනෙත්.


3.සිතහි යහපත විද බලය (මෙහි) රනවන බුන බලහ නො
මෙ රජමහ සිත රජමහ හම සිහිවන ක(ල)
සෙන් බොදෙවල ලයු ගී.

Me anantha rathriye